Rascals [2011] සිංහල උපසිරැසි සමගින්


සමහර විට මේ film එක ඔයාල මේ වෙද්දී බලලත් ඇති. මොකද මේක ඇවිත්නම් ගොඩක් කල්.මට මතක විදිහටනම් 2011 අවසානෙඳී වගේ තමයි ආවේ. නියම කොමඩියක් මේකත්. සන්ජය දත්, අජේ දේව්ගන් තමයි ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ. ඉතිං කොහොම හරි හොරකමක් වටේ තමයි මේ චිත්‍රපටිය ගෙතෙන්නේ. කතාව ටිකක් කියන්නම්.


ඔන්න හෙන කපටි හොරෙක් ඉන්නවා. එයාගෙ නම භගත් බෝස්ලේ. ඉතිං මෙයා යම් කිසි වෙළඳපළකට යනවා මොනා හරි කරන්න. ඒ අතරතුර ඇන්තනී කියලා කෙනෙක් මේ වෙළඳ සැලට තමන්ගේ නංගිත් එක්ක එනවා. අන්තිමේදී ඇන්තනීත් මේ භගත් ඉන්න තැනට එනවා. ඇන්තනී අතේ මිලියන 20ක් දාල තිබුන බෑග් එකක් තිබුනා. කොහොම හරි ඕක භගත් හොරකම් කරනවා. අන්තිමේදී ඔය බෑග් එක භගත් අරගෙන යද්දී පඩිපෙලේදී ඔය බෑග් එක බිමට වැටෙනවා. එතන ඉදං භගත් පිටිපස්සේ එලවලා ඇන්තනී නවතිනවා. එයාගෙ කාර් එක ගාවට එද්දී කාර් එකත් නෑ. කාර් එකත් හොරු අරං. මේ කාර් එක හොරකම් කරපු කෙනාගෙ නම චීතන් චවුහාන්. ඉතිං අන්තිමේදී මෙයාල දෙන්නව ඇන්තීනට කොටුකරගන්න ඕනි වෙලා නියම වැඩක් කරනවා.. ඒ ටික කිව්වොත් රසයක් නැතිවෙයි කියල හිතනවා. රසයක් නෙමේ සමහර විට මුලු කතාවම මට කියවෙයි.

ඇත්තටම හින්දි චිත්‍රපටි වල තවත් හොඳ කොමඩියක් කියල කියන්නත් පුලුවන්. චිත්‍රපටියේ සිංදුත් සිංහලට හරවලයි තියෙන්නේ. ඒක නිසා කිසි අවුලක් වෙන්නෙ නෑ... එහෙනම් මම ගියා. කට්ටියටම ජයවේවා.....!!

කලින් උපසිරැසි වලට අදහස්, උදහස් දක්වපු හැමෝටමත්, බාගත්තු හැමෝටමත් ස්තූතියි!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.