Resident Evil Retribution [2012] සිංහල උපසිරැසි සමගින්


ඔන්න යාලුවනේ ඉක්මනින්ම ඔයාලා කැමැත්තෙන් බලන් හිටපු අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා.. මේ චිත්‍රපටිය ගැන නම් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනෙ නෑනේ.. නේද? 2002 වසරේ ආරම්භ වන Resident Evil කතා මාලාවේ පස් වැනි චිත්‍රපටිය වූ මේ චිත්‍රපටිය මාසයකට වැඩි කාලයක් Box office වාර්තාවල අංක එකේ තිබුණා. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ Resident Evil සියලුම කතාවල ඇලිස්ගේ චරිතය රඟපෑ Milla Jovovich විසින්. 
IMDB Ratings 6.9/10 ක් මෙය දැනට ලබාගෙන තියෙනවා. ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රපට මාලාවන් අතරින් බොහෝ ප්‍රසිද්ධ කතා මාලාවක් වන Resident Evilකතාවේ තේමාව වන්නේ ඇමරිකාවේ එක් ආයතනයක් විසින් නිපදවන වෛරසයක් ලෝකය පුරා පැතිරෙමින් මිනිසුන් දහස් ගණනින් යක්ෂයින් බවට පත් කිරීමයි.. පළමු දෙවන සහ තුන්වන කතාවල ගොඩක්ම තියෙන්නේ මිනිසුන් අනිත් මිනිසුන්ව මරාදමමින් සිදුකරන ලොකු භීෂණයන්.. ඒත් ඔයාලට මතක ඇති හතරවෙනි කතාව වන Resident Evil Afterlife හි දී කතාවේ ප්‍රධාන චරිතය වන ඇලිස් විසින් එම වෛරසය නිපදවූ ප්‍රධාන ආයතනයට ප්‍රහාරයක් එල්ල කරන අන්දම.. ඔවුන් එදා හිතාගත්තට, භීෂණය එතැනින් ඉවරයි කියලා, එහෙම වෙලා නෑ.. මේ කතාවේ වෙන්නේ එතැන් පටන් ඇලිස් එයාගේ යාලුවොත් එක්කරගෙන ඒ ආයතනයට සම්බන්ධ හැම දෙයක්ම විනාශ කරන සිදුවීම්... ඇලිස් තමන් මෙතෙක් රැකගෙන ආ මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට පුංචි බලාපොරොත්තුවක් එක් කරනවා. මේකේ දුක හිතෙන තැනුත් නැතුවාම නෙමෙයි.. ඒත් ක්‍රියාදාමයන් තමයි ගොඩක්ම තියෙන්නේ... ගොඩක් ලස්සන චිත්‍රපටියක්. මට නම් හිතෙන්නේ නෑ මේ කතාවෙනුත් Resident Evil කතා මාලාව අවසන් වෙයි කියලා.... අවසානම තත්පර කිහිපය බලන කොට මට ඒක තේරුණා.. ඔයාලත් අරන් බලන්නකෝ ඒක එහෙමද කියලා...ඔයාලා මේ කොටස බලන්න නම් අනිවාර්යෙන් චිත්‍රපටියේ 1 2 3 4 නරඹලා ඉන්නම ඕන.ඒ සේරම බලලා නැත්නම් සිංහල උපසිරැසි එක්කම මෙතනින් ගන්න 
Resident Evil [2002] Resident Evil:Apocalypse [2004] 
Resident Evil:Extinction [2007]  Resident Evil: Afterlife [2010]



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි





No comments

Powered by Blogger.