THE APPARITION [2012] සිංහල උපසිරැසි සමගින්


මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් දැනට දින 3ක් විතර වෙනවා.මේ චිත්‍රපටිය දාන්න ගත්ත දවසේ තමයි Barfi![2012] චිත්‍රපටිය නිකුත් උනේ ඉතින් එකේ වැඩ කටයුතු කරලා ඊයේ දවසේ ඔයාලා හැමෝම ඉල්ලා තිබ්බ නිසා Total Recall [2012] චිත්‍රපටියත් ලබා දිලා රෑ රෙවලුෂන් එකත් දෙන්න උන නිසා ඊයේ මේක ඉවර කරලා දෙන්න බැරි උනා.අනික හොල්මන් ෆිල්ම් කොහොමද රෑ ට සබ් දාන්නේ..  මේ චිත්‍රපටියේ විද්‍යාත්මක වචන වගයක් බාවිතා වෙනවා.ඒක නිසා හදිසියට ඕන එකක් දාලා දෙන්න බැනේ.මේ චිත්‍රපටියේ කණ්ඩායම පරික්ෂනයක් කරනවා ඒක ඔයාලට හරියට තේරුම් ගන්න නම් ඒවා හරි විදියට දාන්න ඕන.ZOOM එකෙන් උපසිරැසි ගන්න ඔයාලට රසවින්දනය උපරිමයටම දෙන්න උවමනා නිසා ඒ වගේ දෙවල් හරි විදියටම හදලා චිත්‍රපටිය නැවත බලලා තමයි උපසිරැසි දෙන්න හිතුවේ.එකයි පොඩි කාලයක් වැය උනේ.ඒහෙම කලේ ඔයාලගේම හොදට.

හරි අපි කතාව මොකක්ද කියලා දැන් බලමු පාසලක සිසුන් පිරිසක් එකතුවෙලා පරික්ෂනයක් කරනවා නමුත් මේ පරික්ෂනයෙන් යම් කිසි ආත්මයක් ඇවිත් මේ කණ්ඩායමේ කෙනෙක් අරන් අතුරුදහන් වෙනවා.මේ පරික්ෂනයෙන් පස්සේ මෙයින් ඉතුරු උන කට්ටියට හොදින් ජිවත් වෙන්න ලැබෙන්නේ නෑ.ඔවුන් ගේ නිවෙස් වල අමුතු අමුතු සද්ද වගේම විවිද අද්භුත සිදුවිම් වෙන්න පටන් ගන්නවා.කවදා හරි භුත ආත්මයක් අපි විසින් කැදවා ගත්තොත් එයින් අපිට ගැලවිමක් ලැබෙන්නේ නෑ කියන දේ ඔබත් සමහර විට අහලා ඇති.අර ඔවුන් කරපු පරික්ෂනයෙන් සිදුවෙන්නේ ඒ වගේ දෙයක් මෙයින් පසුව මොවුන්ගේ ජිවිත වලට කුමක් වෙයිද? මේ සේරම දැනගන්න ඔයාලා මේ කතාව අරන් බලන්න.කතාව බලලා බය වෙලා මොනා හරි උනොත් මම නම් දන්නේ නෑ ඔන්න..  


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි


1 comment:

  1. oyalage subtitale nam niyamai byscop eke ewanam wada karanne na jayawewa

    ReplyDelete

Powered by Blogger.