The Bourne Legacy [2012] සිංහල උපසිරැසි සමගින්


ඔන්න ඔයාලට බලන්න හොඳම විදියේ වෙනස්ම තේමාවක් රැගත් අලුත් කතාවක් අරන් ආවා. මේ කියන්නේ මේ වසරේ වැඩිම කාලයක් බොක්ස් ඔෆිස් වාර්තා අතර මුල්තැන අරන් හිටිය, දැනටත් ඒ වාර්තා අතර අටවැනි ස්ථානයේ තියෙන The Bourne Legacy කතාවයි. දැනට IMDB Ratings 7.2/10 ක් ලබාගෙන තියෙනවා. අපි හොඳින් හඳුනන දක්ෂ නළුවෙක් වන Jeremy Renner තමයි මේකේ ප්‍රධාන නළුවා. Mission Impossible Ghost Protocol, Avengers ආදී කතාවල අපිට මොහු මුණගැසී තියෙනවනේ 

කතාව ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්..
ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයක් මගින් වෛද්‍ය පර්යේෂණාගාරයක් ආධාර කරගෙන වැඩසටහන් කිහිපයක් අඩංගු ව්‍යාපෘතියක් සිදුකරනවා. එම වැඩසටහන්වලින් සිදු කරන්නේ මිනිස් සිරුරේ සහ ගතිපැවතුම්වල කැපී පෙනෙන වෙනස් වීම් සිදුකරන එක. ඒ කියන්නේ ඔවුන්ගේ මේ වැඩසටහන්වලින් මිනිස් චරිත සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඔවුන් මෙයට අත්හදාබැලීම් ලෙස යොදාගන්නා පුද්ගලයින් කිහිප දෙනා මේ කතාවේදී මිය යනවා. නමුත් ජේසන් බෝර්න් නම් පුද්ගලයා මිය යන්නේ නෑ. ඔහු තවත් වෛද්‍යවරියකගේ ආධාරයෙන් ඔහුට වැළඳී ඇති මේ ආසාදනය ඉවත් කරගැනීමට උත්සාහා කරනවා. මේ අතරදී ඔහු සහ එම වෛද්‍යවරිය මැරීමට එම සංවිධානය විවිධ ව්‍යාපෘති දියත් කරනවා. ඔවුන් දෙදෙනා ඒවායින් බේරීමට ගන්නා උත්සාහයන් සහ අවසානයේදී ඔහු තම අරමුණ ඉටුකරගන්නා ආකාරය තමයි මෙම කතාවෙන් කියැවෙන්නේ...

ඔයාලට සමහරවිට මේ කතාවේ ඇතැම් නාමයන් තේරුම් ගන්න ටිකක් අමාරුවෙයි.. ඒ මොකද සමහර සංවිධානවල, ව්‍යාපෘතිවල නම් මෙහිදී කෙටි අකුරු භාවිතකර පමණයි සඳහන් කර තියෙන්නේ. මම ඒවා ඒ විදියටම දැම්මේ ඒවා පැහැදිලි කරගන්න පුළුවන් අයට පැහැදිලි වෙන්නයි...කොහොම වුණත් මේ කතාවේ තේමාව නම් මම මීට කලින් කිසිම චිත්‍රපටියක දැකලා නෑ. ඒ ව්ගේම ක්‍රියාදාමයනුත් මේ කතාවේ බොහොම හොඳින් තියෙනවා. ඒ නිසා බලන්න වටිනම ආකාරයේ චිත්‍රපටියක්. ඔයාලත් බලලා අදහසක් දෙන්නකෝ....

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.