The Day After Tomorrow [2004] සිංහල උපසිරැසි සමගින්



ඉතින් කොහොමද ඔයාලට? මට නම් මේ දවස්වල ටිකක් කරදරයි... මේ වැස්සත් එක්කම ආපු ගංවතුරට අපිත් අහුවුණා. ඒත් අර කතාවක් තියෙනවනේ නැව ගිලුනත් බෑන් චූන් කියලා... ගෙවල් වතුරට යටවුණා කියලා මං නම් වැඩේ අතාරියි! ලැප් එකත් අරන් යාලුවෙක්ගේ ගෙදරකට කඩාපැනලා සබ්ටයිට්ල් වැඩේ පටන්ගත්තා  මට මේ චිත්‍රපටියට සබ් දාන්න අදහස ආවේ අපිත් ගංවතුරට අහුවුණ නිසා...අනිත් එක මේ වකවානුවේ නිතර කතාවෙන මාතෘකාවක් නේ මේ ලෝක විනාසය කියන එක. ඒකටත් සම්බන්ධ චිත්‍රපටියක් නිසා මේක සබ්දාන්න හොඳයි කියලා අරගත්තා. ඇමරිකාවට දැන් බලපා තියෙන සැන්ඩි සුළිකුණාටුව ගැන කියද්දි ඊයේ ප්‍රවෘත්තිවල මේ චිත්‍රපටියේ කොටස් කිහිපයකුත් පෙන්නුවා, ඇත්තටම ඇමරිකාව මේ චිත්‍රපටියේ සිදුවීම් දැන් සැබවින්ම අත්විඳිමින් ඉන්නවා. හැබැයි මේ චිත්‍රපටියේ තරම් දරුණුවට නෙමෙයි. මේ චිත්‍රපටියේ ඇතිවෙන මහා සුලිකුණාටුව තරම් දරුණු එකක් මෙතෙක් මේ ලෝකයේ ඇතිවෙලා තියෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. ඒක ඒ තරම්ම දරුණුයි. අපිට මහත් අමිහිරි අත්දැකීමක් වූ අපේ රටට සුනාමි පැමිණි 2004 අවුරුද්දේ නිශ්පාදනය කළ මෙම චිත්‍රපටියේ තියෙන්නේත් ඒ වගේම දරුණු සුනාමියක් සහ ඊට පසුව ඇතිවෙන මහා විනාශකාරී තත්වයක් ගැන කතාවක්. අපිට හොඳින් හුරුපුරුදු නළුවෙක් වන Prince of Persia, Zodiac, Source Code වැනි ජනප්‍රිය චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දෙන Jake Gyllenhaal තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. 

කතාව ගැන පොඩි විස්තරයක් කියන්නම්. 
2004 අවුරුද්ද. හැම රටකම එදිනෙදා කටයුතු සාමාන්‍ය අන්දමින් සිදුවෙනවා. විද්‍යාඥයන් තිදෙනෙක් උතුරු ධ්‍රැවයේ යම් පර්යේෂණ කිහිපයක නිරත වෙනවා. මොවුන්ට මෙහිදී මහා අමුතු සිදුවීමකට මුහුණ දීමට සිදුවෙනවා. මේ සිදුවීමේ අවසාන ප්‍රතිඵලය ඔවුන්ට ඒ වෙලාවේ හිතාගන්න ලැබෙන්නේ නෑ. මුලින්ම ඇමරිකාවට මහා ටොනේඩෝ තත්වයක් ඇවිත් නතර පිටින් අතුගාගෙන යනවා. මේ සිදුවීමේ අවසන් ප්‍රතිඵලයක් ලෙස මහා සුනාමියක් හටගන්නවා. ඒ සුනාමියෙන් ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව යටවෙන හැටි දැක්කම ඇඬෙනවා, ඇත්තෙන්ම ඒ සුනාමි රළ දැක්කම ගොඩක් බය හිතෙනවා. මෙන්න මේ සුනාමිය එන වෙලාවේ ඉහත කී විද්‍යාඥයින් තිදෙනාගෙන් කෙනෙකුගේ පුතා සහ ඔහුගේ මිතුරු මිතුරියන් මේ සුනාමියට මැදිවෙනවා. නමුත් ඔවුන් බේරෙනවා. සුනාමියෙන් බේරුණත් ඊලඟට ඔවුන්ට මුහුණ දෙන්න වෙන්නේ ඊටත් වඩා භයානය දෙයකට. මේ භයානක දේ ඔවුන්ට විතරක් නෙමෙයි උතුරු අර්ධ ගෝලයටම බලපානවා. ඉන්දියාවේ කොටසකටත් එක්කම. හැබැයි චිත්‍රපටියේ හැටියට අපේ රටට නම් ප්‍රශ්නයක් වෙන බවක් දකින්න ලැබුණේ නෑ  මම හිතන්නේ නෑ මේ අතලඟ එනවා කියන ලෝක විනාශය ගැන කවුරුවත් විශ්වාස කරනවා ඇති කියලා.. විශ්වාස කරන නොකරන හැමෝම දැනගන්න ඕනෙ දෙයක් තමයි ලෝක විනාශය කවදාහරි වෙනවා කියන එක. හැබැයි ඒ ලඟකදි නම් නොවෙන බව විද්‍යාඥයින් තහවුරු කරගෙන තියෙන්නේ. කොහොමවුණත් මේ චිත්‍රපටියෙන් අපිට ලොකු පාඩමක් උගන්වනවා. ඒක තමයි මේ ලෝක විනාශය ලඟාකරගන්න වැඩිම දායකත්වය සපයන්නේ මනුෂ්‍යයාම බව. පරිසරය සුරැකීමෙන් වැළකිලා පරිසරයට හානි කිරීමෙන් තමයි අපි ඒකට දායකත්වය දෙන්නේ. දැනගෙන හෝ නොදැන. අන්න ඒ කාරණයත් හිතේ තබාගනිමින් මේ චිත්‍රපටිය නරඹන්න කියලා ආරාධනා කරනවා. අපිටත් දවසක මේ දේට මුහුණ දෙන්න වෙයිද දන්නේ නෑනේ. ඒ නිසා ඒ වෙලාවට කරන්න ඕනේ මොනවද කියලා හොඳට බලාගන්න 

මේ චිත්‍රපටියේ ඔයාලගේ රසවින්දනය සදහා DVD හා BRRIP වලට හරි යන සබ් දෙකම දිලා තියනවා.දෙකේ වෙනස්ම ටයිම්න් ඇත්තේ.එක නිසා ඔයා ගාන තියන කොපියට ආදාල උපසිරැසි එක අරගන්න.එතකොට හොදට බලන්න පුලුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

No comments

Powered by Blogger.