The Lost Room [2006] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමඟ


මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.ඒ කොටස් 6ම සති දෙක තුනක් ඇතුලත ඔබ වෙතට ගෙන එමට අනිවාර්යෙන් අපි කටයුතු කරනවා.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.මෙහි ඉතුරු කොටස ලබන ඉරිදා දිනයේදී බලාපොරෙත්තු වන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ වීන් න්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.