The Transporter 2 [2005] සිංහල උපසිරැසි සමගින්


ඔන්න මම මුලින් දුන්න The Transporter එකේ දෙවෙනි කතාව අරන් ආවා. මේකත් පළවෙනි එක තරම්ම ජනප්‍රිය වුණ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේත් ප්‍රධාන චරිතය Jason Statham, මේ චිත්‍රපටියත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් IMDB Ratings 6.7 ක් ලබාගෙන තියෙනවා.

කතාව ගැන විස්තරයක් කියන්නම්,
ෆ්‍රෑන්ක් කියන්නේ වෘත්තීමය භාණ්ඩ ප්‍රවාහකයෙක්. ඔහු මේ භාණ්ඩ ප්‍රවාහනය කරන අතරතුරදී විවිධ කරදරවලට මුහුණ දෙනවා. මේ පාර ෆ්‍රෑන්ක් පැටලෙන්නේ අමුතුම කරදරයක. ඔහු ඉතා ධනවත් ව්‍යාපාරිකයෙකුගේ ළමයාව පාසැලට අරන් යාමේ රාජකාරියේ යෙදෙනවා. ඒ අතරතුරදී මේ ළමයාව රෝහලටත් අරන් යාම මෙයාට පැවරෙනවා. මේ රෝහලේ කාර්යමණ්ඩලය කුමන්ත්‍රණයක් මගින් වෙනස් වෙලා හොරු කණ්ඩායමක් වෙල්වළාගෙන වෛද්‍යවරුන් ලෙස පෙනී සිට ළමයා පැහැරගැනීමට උත්සාහා කරනවා. කොහොමහරි අවසානයේ ළමයාව පැහැරගන්නවා. ඔවුන් ළමයා වෙනුවෙන් කප්පම් මුදලක් ඉල්ලනවා. ඒත් මේ පැහැරගැනීම කප්පමකින් නම් අවසන් වෙන්නේ නෑ, මේ පැහැරගැනීම ඇතුළේ ඊට වඩා ලොකු ජාත්‍යන්තර ප්‍රහාරයක් දියත් වෙනවා. අවසානයේ ෆ්‍රෑන්ක් ඒක හොයාගෙන එය නතරකිරීමට උත්සාහා කරන ආකාරය තමයි කතාව පුරා දිවෙන්නේ... ක්‍රියාදාමවලින් සපිරුණු මේ කතාවත් හැමෝටම නරඹන්න කියලා ආරාධනා කරනවා... තවත් ලස්සන චිත්‍රපටියකින් ඉක්මනින් හමුවෙමු!

මෙහි නිකුත් වු DVD RIP හා BRRIP දෙවර්ගයටම උපසිරැසි නිකුත් කර ඇති අතර ඔබ ලග ඇති කොපියට ගැලපෙන උපසිරැසි ඩවුන්ලොඩ් කරගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.