Total Recall [2012] (EXTENDED BRRIP) සිංහල උපසිරැසි සමගින්


IMDB Ratings 6.9/10 ක් මෙය ලබාගෙන තියෙනවා, ඒ වගේම සිනමාවට අලුත් නළුනිළියන් පිරිසක් මෙහි ඉන්නවා, ඒකත් විශේෂයිනේ...කතාව ගැන කියනවා නම් මේකයි සාරාංශය...පෘථිවිය විනාශ වී යෑම නිසා වෙනත් ප්‍රදේශයක ජීවත් වන මිනිසුන් කොට්ඨාසයක් සිටිනවා, මෙවැනිම තවත් මිනිසුන් කණ්ඩායමක් තමන්ට වාසි ලබාගත හැකි මිනිසුන්ගේ මතකය නැති කර, ඔවුන්වත් තමන්ගේ හමුදාවට ඇතුල් කරගනිමින් පෘථිවියේ මිනිසුන් වාසය කරන ජනපදය ආක්‍රමණය කිරීමට සූදානම් වෙනවා, මෙම හමුදාවේ සොල්දාදුවන් තමයි රොබෝවරු. මෙම හමුදාවට ඇතුල් කරගැනීමට සැරසෙන ඩග්ලස් නැමති තැනැත්තාට යම් කිසි අකරතැබ්බයක් වී ඔහුගේ අලුත් මතකය හා පැරණි මතකය අතර තැනක හිරවෙනවා, ඉන්පසු ඔහු තමන්ගේ පැරණි මතකය සොයාගෙන ජනපදයේ මිනිසුන්ව ආරක්ෂා කිරීම සඳහා අනෙක් හමුදාව සමග කරන විශාල සටනක් තමයි කතාවේ දිගහැරෙන්නේ... හරිම ෂෝක් සිද්ධියක් මේක ඇතුලේ තියෙනවා... මටනම් ඒකට ටිකක් තරහත් යනවා, මේ ඩග්ලස් කියන පුද්ගලයාට ඉන්න ලොකුම සතුරා තමයි එයාගෙම ලස්සන බිරිඳ! එයාගේ බිරිඳ එයත් එක්ක අවුරුදු හතක්ම එකට ඉඳලා තියෙන්නේ එයාලගේ හමුදාවේ මෙහෙයුමක කොටසක් විදියට. ඔන්න දැන් බිරින්දෑවරුන්ගේ හැටි කියලා හිතෙනවා මේක බැලුවම :/මේ වගේ කතාවක් මම නම් මීට කලින් චිත්‍රපටියක දැකලා නෑ.. අපිටත් අලුත් අත්දැකීමක්, මේ චිත්‍රපටිය මට දැනුම්දීම ගැන අපේ ඇඩ්මින්තුමාට ස්තුතිවන්ත වෙමින් ඔයාලා හැමෝටම මේක බලන්න කියලා ආරාධනා කරනවා...

මේක BRRIP පිටපතකට අප්ඩේට් කරන්න පමා උනේ මේක නැවතත් මුල ඉදන්ම සබ් එකින් එක දාන්න උන නිසා.මොකද කලින් පිටපතට වඩා නිකුත් උන BRRIP කොපි එක දිගුවැඩි විමයි.කොහොම හරි ටික කාලයක් අරන් හරි පිටපත් හරි විදියටම දැන් තියනවා.දැන් නෙට් එකේ තියන ඕනැම පිටපතකට මේ උපසිරැසි ගැලපෙන බව කියන්න කැමතියි. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් සමඟ හසිතා මහේෂි විසිනි


No comments

Powered by Blogger.