Transporter 3 [2008] සිංහල උපසිරැසි සමගින්


මෙන්න මම ඔයාලට දුන්න Transporter කතාමාලාවේ තුන්වැන්න. කලින් කතා බලලා නැත්නම්Transporter 1 සහ Transporter 2 අරන් බලන්න. ඒත් ඒවා එක්ක මේ චිත්‍රපටියේ සම්බන්ධතාවයක් නම් නෑ. ප්‍රධාන චරිතය එකම වුණත් කතාව වෙනස්. ප්‍රධාන චරිතය ලෙස Jason Statham රඟපාන මේ චිත්‍රපටිය IMDB Ratings 6.4 ක් ලබාගෙන තියෙනවා. කතාවේ මූලික විස්තරයක් කලින් චිත්‍රපටිවල දුන්න නිසා මේ චිත්‍රපටියේ කතාව කෙටියෙන් කියන්නම්.

ෆ්‍රෑන්ක් කියන භාණ්ඩ ප්‍රවාහනය කරන පුද්ගලයා මේ වතාවේත් ලොකු අමාරුවක පැටලෙනවා. හැබැයි කලින් කතාවල වගේ නෙමෙයි මේ වැටෙන අමාරුවෙන් නම් ලේසියෙන් ගැළවෙන්න ලැබෙන්නේ නෑ. මෙයාට අහම්බෙන් ලැබෙන ආරංචියක් නිසා පුද්ගලයින් පිරිසක් හමුවෙන්න යන මෙයාට යම්කිසි රාජකාරියක් ලැබෙනවා. මේ රාජකාරිය කරන අතරතුරදී මෙයාට ගැහැණු ළමයෙකුත් හමුවෙනවා. මේ දෙන්නාගේම අත්වල බෝම්බයක් සවිකරලා තියෙනවා. ඒක ගලවන යතුර තියෙන්නේ රාජකාරිය භාරදුන් පුද්ගලයා ලඟයි. එයාලාට එයාලගේ වාහනය දාලා ඈතට යන්න බෑ මොකද අත්වල ඇති බෝම්බ පුපුරන්නේ වාහනයේ සිට ඈතට ගියොත් තමයි. ඒ නිසා මෙයාලා යන හැම තැනටම මෙයාලගේ වාහනයත් අරන් යන්න වෙනවා. ෆ්‍රෑන්ක්ට මේ වාහනය අවස්ථා දෙකකදී නැතිවෙන්න යනවා. ඒත් එයා යන්තමින් බේරෙනවා. අවසානයේදී මේ රාජකාරිය අවසන් කරලා මේ බෝමයෙනුත් බේරිලා එයාලව මේ අමාරුවේ දාපු පුද්ගලයින්ටත් පාඩමක් උගන්වන කතාවක් තමයි මේ කතාවේ තියෙන්නේ. කලින් කතා වගේම ගොඩක් ක්‍රියාදාම සිදුවීම් අඩංගු වෙන මේ චිත්‍රපටියත් ඔයාලට නරඹන්න කියලා ආරාධනා කරනවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි


No comments

Powered by Blogger.