Turn Me On, Dammit! [2011] (+18) සිංහල උපසිරැසි සමගින්


මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණක් සුදුසු චිත්‍රපටයක් බව. මේක ටිකක් වෙනස් විදිහක කතාවත් සහිත සිනමා නිර්මාණයක් .IMDB හි 6.2 ක ඇගයුමක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා.ඒ වගේම මේ චිත්‍රපටය ඉංග්‍රිසී චිත්‍රපටයක් නෙවේ,මේක නෝර්වේ හි ,නෝර්වේ බසින් නිමැවුනු සිනමා නිර්මාණයක්. චිත්‍රපටය තුල අන්තර්ගත වන්නේ අවුරුදු 15ක පාසල් ශිෂ්‍යාවකගේ කතාවක්,යොවුන් වියේ පසුවන ඇයගේ හිතේ ආතර් නමැති තරුණයෙකු වෙනුවෙන් ඇතිවන මහත් කාමාශාව,පසුව ඇයව දවල් සිහින දකින්නෙකු බවට පත් කරවනවා.ඇය දකින,හමුවන අය සමග තම කාමාෂාවන් සපුරා ගන්නා ආකාරය ඇය සිතේ මවාගන්නට උත්සහ කරනවා.චිත්‍රපටය ප්‍රහසන ගනයට අයත් චිත්‍රපටයක් උවත් ඉතාම සංවේදි කතාවක් චිත්‍රපටය තුල අන්තර්ගත් වෙලා තියෙන බව තමා මගේ හැඟීම නම්.චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නෝර්වේ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරියක් වන Jannicke Systad Jacobsen විසින්,චිත්‍රපටය මිනිත්තු 76ක් පුරා දිවෙනවා.චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ 2011 වසරේ.

මේ මගේ දෙවන උපසිරැසි නිර්මාණය,මගේ අදහසක් තිබුනා චිත්‍රපටයේ දෙබස් වල අර්ථය ඒ ආකාරයෙන්ම උපසිරැසිය හරහා නරඹන්නන්ට ලබාදිය යුතුයි කියලා ,නැත්නම් ඒක චිත්‍රපටයේ දෙබස් වලින් නරඹන්නන්ට ලබාදීමට උත්සහ කරන අදහසට,අර්ථයට කරන හානියක් විය හැකියි කියලා මට හිතුනා.ඒ නිසා මේ චිත්‍රපටයේ දෙබස් ඒ ආකාරයෙන්ම මම උපසිරැසියට නගා තිබෙනවා.එම හේතුව නිසාම මෙහි සමහර දෙබස් ඛණ්ඩ වලින් දෙන අදහස යම් දුරකට සභ්‍ය නොවිය හැකියි‍. චිත්‍රපටය නරඹලා අදහසක් දක්වලා යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා,උපසිරැසිය ගැන විතරක් නෙවේ,චිත්‍රපටය ගැනත් අදහසක් දක්වලා යන්න පුළුවන්නම්.ඒක මට ගොඩක් උදව් වෙයි උපසිරැසි ගැන්වීම සඳහා මම මීලගට තෝරාගන්නේ මොන විදිහේ සිනමා නිර්මාණයක්ද කියලා තීරණය කරන්න.

මේ සමග මම ලබාදීලා තියෙන Mediafire links වල ගැටළුවක් ආවොත් ඒ ගැන මට දැනුම් දෙන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ŔǎvéŅ විසිනි


No comments

Powered by Blogger.