Wanted [2009] හින්දි චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින්


මගේ පලවෙනි චිත්‍රපටි උපසිරැසි ගැන්විම ලෙස මා තෝරාගත්තේ 2009 අතිශය සාර්ථකව තිරගත වු වොන්ටඩ් හින්දි චිත්‍රපටියයි.සමහර විට ඔබ මෙය නරඔලා ඇති.සමහර විට නැතුවත් ඇති.ඒ නරඔපු ඇති නැති හැමෝටම මම සිංහල උපසිරැසි සහිතව චිත්‍රපටිය ලබා දෙන්නට හිතුනා.මෙය IMDB හි 6.4ක අගයක් ලබා ගැනිමට සමත්ව තිබෙනවා.හින්දි චිත්‍රපටියක් හැටියට එය හොද අගයක්.තවද මේ චිත්‍රපටිය ප්‍රභුදේවා ගේ චිත්‍රපටියක්.ඒ වගේම මේ චිත්‍රපටිය 2010 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළේලේදි හොදම ක්‍රියාදාම චිත්‍රපටිය ලෙස සම්මාන දිනාගත්තා.

මොම්බායේ පතාල කල්ලිවලට එරෙහිව සටන් කරන පොලිස් පරික්ෂකයෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.මම කතාව වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. විනාඩි 140ක් පුරා දිව යන මේ චිත්‍රපටිය ඔබට නරඔන්න ආරාධනා කරන ගමන් මගේ පලමු උපසිරැසි නිර්මාණය ගැනත් අදහසක් දක්වන්න කියලා ඉල්ලනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ටීෂාන් කාවීන්ද්‍ර විසිනි


No comments

Powered by Blogger.