Alcatraz [2012] Season 1 Episode 10 සිංහල උපසිරැසි සමඟ




සතිපතා පලවන අල්කාට්‍රාස් මාලාවේ 10වැනි කොටස තමයි අද දිනයේ ඔබට ලැබෙන්නේ.මේ කතා මාලාව අවසන් විමට තව කොටස් 3ක් වැනි සංඛ්‍යාවක් වගේ තමයි තියෙන්නේ.මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබට මේ කතා මාලාව බලන්න හැකියාව ලැබෙනවා කියලා තමයි ඒ ඉගියෙන් කියවෙන්නේ.කතා මාලාව පිළිබද පොඩි හැදින්විමක් කලොත් අල්කාට්‍රාස් හිරගෙය 1963 මාර්තු 21 වෙනිදා වහලා දාන්න රජය තීරණය කරනවා. හැබැයි ඒ වෙනකොට මේකේ හිර කාරයෝ 303 ක් ඉන්නවා. මේක වහලා දාන්න අදාල නිළධාරීන් මොවුන්ව දූපතකට යවන්න හිතාගෙන සිරගෙදරට ගිහින් බලනකොට හිරකාරයෝ එක් කෙනෙක් වත් හිරගෙදර නැති බව දැනගන්න ලැබෙනවා. මොවුන් අතුරුදහන් වෙලා.මොවුන්ට උනේ කුමක්ද කියන ප්‍රශ්නාර්ථය හැමෝටම තියනවා.මෙයින් පස්සේ අවුරුදු අවුරුදු ගානට පස්සේ වර්තමානය වන විට මේ සිරකරුවන් සේරම එක එක තැනින් මතුවෙන්න පටන්ගන්නවා... ඔවුන්ට අවුරුදු ගානක් සිදුවුයේ කුමක්ද? මේ අභිරහස විසදන කතාමාලාව තමයි අල්කාට්‍රාස් කියන්නේ.එහෙනම් 10වැනි කොටසත් රසවිදින්න කියලා ආරාධනා කරනවා. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්(තාරක) විසිනි

1 comment:

  1. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete

Powered by Blogger.