Anaconda [1997] සිංහල උපසිරැසි සමගින්


ඔන්න මම Special Collection අංක 4 අරගෙන ආවා. ඔයාලා හොඳින්ම දන්නා චිත්‍රපටියක් වන Anacondaචිත්‍රපටිමාලාව ේ පළමු වැන්න තමයි මේ. මේ චිත්‍රපටියට පාදක කරගත් දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ ජීවත් වන යෝධ ඇනකොන්ඩා නම් පිඹුරා වටා ගෙතුනු මේ චිත්‍රපටියෙන් පස්සේ තමයි මේ සත්වයා ගැන ලෝකය වැඩිවැඩියෙන් කතාකරන්න පටන්ගත්තේ. මේ චිත්‍රපටිය කොයිතරම් ඉහල ප්‍රතිචාරයක් ලබාගත්තාද කියනවානම් මේ චිත්‍රපටිය ඇසුරින් පොත්පත් පවා ලියැවුණා. ඇනකොන්ඩා නම් සිංහල පරිවර්ථන කෘතිය ඔයාලට මතක ඇතිනේ  චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අපි කවුරුත් දන්නා දක්ෂ ගායිකාවක් වගේම දක්ෂ නිළියක් වන Jennifer Lopez විසින්. ඒ වගේම Behind Enemy Lines පළමු චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන Owen Wilson මෙහි තවත් ප්‍රධාන චරිතයක් රඟදක්වනවා.

කතාව ගැන කියනවා නම්, ඇමරිකානු මහාචාර්යවරයෙක් වන ස්ටීවන් කේල් විසින් දකුණු ඇමරිකාවේ ඇමසන් වනාන්තරයේ ජීවත්වන සැඟවී ගිය ගෝත්‍රයක් වන ෂිරිෂාමා ගෝත්‍රික වැසියන් සොයා ඔවුන්ගේ පසුබිම පිළිබඳව වාර්තා චිත්‍රපටියක් සැකසීම සඳහා කණ්ඩායමක් සමග ඇමසන් වනාන්තරයට පිවිසෙනවා. ඒ ගමනේදී ඔවුන්ට තවත් අමුත්තෙක් හමුවෙනවා. මේ අමුත්තා ඔවුන්ට මග පෙන්වන්නා ලෙස ඉදිරිපත් වූවත් කණ්ඩායමේ සමහර අයට අන්තිමේදී මරණය හිමිවන්නේ මේ අමුත්තා නිසා. මේ ගමනේදී ඔවුන්ට ලොකු ප්‍රහාරයක් එල්ලවෙනවා, වෙන කාගෙන්වත් නෙමෙයි ලොව දැවැන්තම සර්පයා ලෙස සැලකෙන ඇනකොන්ඩාගෙන්. තමන්ගේ දේශයට අනවසරයෙන් ඇතුල්වන්නන්ට දඬුවම් දීමට ඇනකොන්ඩා පසුබට වෙන්නේ නෑ. ඒත් අවසානයේ කණ්ඩායම තමන්ගේ ප්‍රයත්නය සාර්ථක කරගන්නවා. නොබැලූ අයට මේක රසවිඳින්නයි, බැලූ අයට සිංහල උපසිරැසි සමග නැවත රසවිඳින්නයි ඔන්න මම මේක ඔයාලට දුන්නා... ඇනකොන්ඩා චිත්‍රපටි මෙතැනින් ඉවර නොවෙන බව ඔයාලා දන්නවනේ. එහෙනම් ඊලඟ චිත්‍රපටියෙන් හමුවෙමු

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි



No comments

Powered by Blogger.