August Rush [2007] සිංහල උපසිරැසි සමගින්


ඔන්න කාලෙකට පස්සෙ කාලයක් තිස්සෙ කරන්න හිතාගෙන හිටපු ‍ෆිල්ම් එකක් අරගෙන ආවා... ගොඩාක් කාලයක ඉදන් මේකට උපසි‍රැසි කරන්න හිතාගෙන හිටියත් දැන් තමයි කරන්න හම්බුනේ.. ඒ වගේම මේක මගේ 12වෙනි උපසි‍රැසි ගැන්වීම.. මේක මගේ චිත්‍රපටි එකතුවේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්.. ඇත්තටම හදවතට දැනෙන හදවතට කථා කරන චිත්‍රපටියක්.. හරි චිත්‍රපටිය ගැන කියනව නම් IMDb දර්ශකයෙ 7.4ක ඉහල අගයක් ලබා ගනිමින් ඔස්කාර් සම්මානයක් සදහාද නිර්දේශිත උන 2007 වසරේ තිරගත වෙච්ච චිත්‍රපටියක් මේක.. ඔයාලට මතකද Charlie and the Chocolate Factory චිත්‍රපටිය.. එහි රඟපෑ Freddie Highmore පුංචි කොලුවා තමා මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ.. කථාව ගැන කියනවනම් එවන් එහෙමත් නැත්නම් ඕගස්ට් රෂ් කියන්නෙ කියන්නෙ ළමා නිවාසයක දෙමාපියන් නොමැතිව හැදී වැඩෙන පුංචි ළමයෙක්.. ඔහු පුදුම විදිහට සංගීතයට ඇළුම් කරන කෙනෙක්.. ඇත්තටම සංගීතය ඔහුට උප්පත්තියෙන්ම ලැබුන දායදයක්.. ඔහු තදින්ම විශ්වාස කරනවා ඔහු සතු එම හැකියාව ඔහුට ලැබුනෙ ඔහුගෙ දෙමාපියන්ගෙන් කියලා වගේම ඒ සංගීතය නිසාම දවසක ඔහුට ඔහුගෙ දෙමාපියන් ලඟට යන්න පුලුවන් වෙයි කියලා.. දවසක ඔහු ඔහුගෙ දෙමාපියන් සොයා ගමන් අරබනවා.. ඔහුට ඔහුගෙ දෙමාපියන් හොයාගන්න පුලුවන් වෙයිද, ඒ දෙමාපියන් ඔහුව බාරගනියිද, ඔහුට ඒ යන ගමනේදී කුමන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද, ඔහුගේ සංගීතය ඒ සඳහා ඔහුට කොපමන උදව් කරයිද ඒ හැමදේම ඔයාලට බලන්න පුලුවන් මේක නරඹලම.. එහෙනම් හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.. ඇත්තටම ලස්සන චිත්‍රපටියක්.. එහෙනම් තවත් චිත්‍රපටියක් සමඟින් ඉක්මනින්ම හමුවෙමු.. සැමට සුභ දවසක්..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චමීර අබේසිංහ විසිනි


No comments

Powered by Blogger.