I Am Legend [2007] සිංහල උපසිරැසි සමගින්


ඇමරිකාව තුල 2007 වර්ෂයේ දෙසැම්බර් මස 14 වන දින තිරගත කල විශිෂ්ට සිනමා කෘතියක්. මෙය විද්‍යා ප්‍රබන්ධයක් ඒ විතරක්ම නෙමෙයි මේ සිනමා කෘතිය මීට පෙර 1954 දී Richard Matheson 
ගේ නව කකතාවක් ලෙස බිහිවූවක්, ඒ ආභාෂයෙන් 1964 දී The Last Man on Earth චිත්‍රපටයත්, 1971දී The Omega Man චිත්‍රපටයත්, 2007දී I Am Legend නමින් මම අද ඔයාලට අරගෙන එන චිත්‍රපටයත් නිමවුනා. සිනමා කෘතියට එහි ආභාශය ගෙන ඇතත් වර්ථමානයට ගැලපෙන ලෙස වෙනස් කම් කර තිබෙනවා.

"රොබර්ට් නෙවිල්" ඇමරිකානු හමුදා ඒකකයේ වෛරස පිළිබඳ වෛද්‍යවරයෙක්. වසර තුනකට පෙරාතුව ඇලිස් ක්‍රිපින් නම් ඇමරිකානු වෛද්‍යවරියක් සරම්ප රෝගය වැළඳෙන වෛරය ප්‍රයෝජනයට අරගෙන ජානමය වශයෙන් යම් වෙනසක් කරල පිළිකාව සුවකල හැකි බෙහෙතක් විදියට හිතකර වෙරසයක් නිපදවනව. මුල්කාලීනව එහි ප්‍රථිඑලය ඉතා සාර්ථක වෙනව. නමුත් පහුවෙනවත් එක්කම ඒ වෛරසය මගින් මිනිස් සිරුර වෙනස් වීමට ලක්වෙනව එහි ප්‍රථිඑලය විදිහට ලෝකයෙන් 90%කට වඩා මිනිස් ජනගහනය විනාශවෙනව, ඉතිරි අයගෙන් බොහෝ අයට මේ වෛරසය වැළඳීම නිසා විකෘතික සොම්බින්ලෙස රාත්‍රියේදී දඩයම් කරන විකෘතිකයින් බවට පත්වනවා. තවත් සුළු පිරිසක් ප්‍රතිශක්තීකරණය කිසා නිරෝගීව සිටියත් වෛරස ආසාධිත විකෘතිකන් විසින් ඔවුන්ව ආහාරයට ගන්නව. නිව්යෝක් නගරයේ ඉතිරිවන එකම මනුෂ්‍යයා වන්නේ රොබර්ට් නෙවිල් පමණයි. ඒ විතරක් නෙමෙයි නෙවිල්ගේ සුනඛ යාලුවා සමන්තා (සෑම්) පමණයි.

නෙවිල්ගේ දින චර්‍යාව වන්නෙ නිව්යෝක් නගරයේ සිට දිවිගලවා ගත් අය ඇත්නම් තමන්වෙත එන ලෙස රේඩියෝ මාර්ගයෙන් සම්ප්‍රේෂනය කිරීම සහ වෛරසයට තමාගේ දැනුමෙන් ප්‍රතිකාරයක් සෙවීමයි. ඔහු නගරය පුරා සැරිසරනව රාත්‍රි අඳුර වැටෙන්නට කලින්. අඳුර වැටෙනවාත් සමගම වෛරසය වැළදුනු ලේ සොයා යන්නන් නගරය පුරා සැරිසරන නිසා.තනිකම නිසා නෙවිල් ගොඩක්ම සිත්තැවුලෙන් තමයි කාලය ගතකරන්නෙ. නෙවිල්ගේ උපන්දිනය දවසක එයාගෙ සුනඛ යාලුව සමන්තාත් වෛරස ආසාදිත සුනඛයෙක්ගෙ සපාකෑමක් නිසා වෛරසය ආසාධිතයෙක් බවට පත්වෙනව. ඒ නිසාවෙන් 
නෙවිල්ට සෑම්වත් අහිමිවනවා. නෙවිල් තවත් තනි වෙනව. ඔය විදියට කතාව ගලාගෙන යනව, ඉතුරු ටිකත් හරිම සංවේදී සහ ත්‍රාස ජනකයි.

මේ චිත්‍රපටය ඔබ කලින් නැරඹුවානම් නෙවිල් යම් පිපිරීමකින් මිය යනව ඔබට මතක ඇති. නමුත් මේ අද මම අරගෙන එන චිත්‍රපටයේ අවසානය එක නෙමෙයි. මෙය තවත් අවසනයක් විදිහටයි නම් කර තිබෙන්නෙ, මෙහි අවසානය එය නෙවෙයි මෙහි අවසානය වෙනස් විදියකටයි නිපදවලා තියෙන්නෙ. කලින් ඔයාල මේ චිත්‍රපටය බැලුවත් ආයෙමත් බලන්න කියල මම ඔයාලට යෝජනා කරනව, යම්හෙයකින් කවුරුන් හෝ මේ චිත්‍රපටය නොබලපු කෙනෙක් ඉන්නවනම් අවසානයන් දෙකම අරගෙන බලන්න කියල මම යෝජනා කරනව.

මිනිත්තු 101 ධාවන කාලයකින් Drama | Sci-Fi | Thriller යන කාණ්ඩ වර්ගීකරණය යටතේ, 280,000 කට අධික ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් IMDB අගයන් 7.1ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය ප්‍රැන්සිස් ලොවරන්ස් ගේ අධ්‍යක්ෂනයක්. රිචඩ් මැතසන්ගේ නවකතාවක් පාදකකොට ගනිමින් මාර්ක් පොටර්සවිච් සහ අකීවා ගෝල්ඩ්ස්මන් ගේ තිර රචනයෙන් හා විල් ස්මිත්ගේ විශිෂ්ට රංගනයෙන් සපිරි I Am Legend චිත්‍රපටයේ සිංහල උපසිරැසි සහෘද ඔබගේ රසවින්දනයට මෙසේ පිරිනමමි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නුවන් අබේසිංහ විසිනි


No comments

Powered by Blogger.