Monte Carlo [2011] සිංහල උපසිරැසි සමගින්


2011 දී තිරගත වුන මේ චිත්‍ර පටිය IMDB 5.4ක අගයක් ලබාගන්න සමත්වෙලා තියනව. Selena Gomez, Katie Cassidy, Leighton Meester, Cory Monteith වගේ නළු නිළියනගේ රංගන දායකත්වය ලැබිලතියන මේක, පැරීසියෙ, බුඩාපේස්ට් වගේ සුන්දර ස්ථානවල රූගත කරල තියෙනව.
චිත්‍රපටියේ කතාව කෙටියෙන් කිව්වොත්, ග්‍රේස් ටෙක්සාස්වල සාමාන්‍ය ගැහැණු ළමයෙක්. එයා යනව එයගෙ යහළුවයි, අක්කයි එක්ක පැරීසියට සංචාරයකට. ඒ සංචාරක සේවය අන්තිම නරකයි. ඔය අතරෙ මෙයාලට ඒ බස් එක මග හැරෙනව. එතන ඉදන් තමයි කතාව වෙනස් වෙන්නෙ. ග්‍රේස්ට අවස්ථා ලැබෙනව තමුන් වගේම කොඩිලියා ස්කොට් කියන ධනවත් තරුණිය විදිහට පෙනී ඉන්න. ඇය ඒ අවස්ථාව ලබාගන්ව. ඒ විදිහට තමයි මෙයාල මොන්ටි කාලෝ වලට එන්නෙ, එතනින් එහාට මම කතාව කියන්න යනෙ නෑ, ඔයාලම බලන්න කියල ආරාධනා කරනව. ෙමේක විහිලුව වගේම මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් ගැන ලස්සනට කියවෙන කතාවක්. වැරදි, අඩුපාඩු කියනන් මට. ඉදිරි උපසි‍රැසි ගැන්වීම් වලදි ඒව හදාගන්න උත්සාහ කරන්නම් එතකොට. නැවත අලුත් චිත්‍රපටියකින් හමුවෙනතුරු ආයුබෝවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාරත්න විසිනි


No comments

Powered by Blogger.