The Baytown Outlaws [2012] සිංහල උපසිරැසි සමගින්


ටික කාලෙකට පස්සේ ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්‍රපටියක් ගෙනාවා ඔන්න. නමනං The Baytown Outlaws. ඇත්තටම නියම ක්‍රියාදාම චිත්‍රපටියක්. ක්‍රියාදාම, විහිළු, අපරාධ යන වර්ග වලට තමයි ගොඩක්ම බෙදිල යන්නේ. දැනට IMDB වර්ග කිරීමට අනුව හොඳම චිත්‍රපට 500 ඇතුලත රැඳී සිටිනවා. බැරී බැටල්ස් තමයි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලනම් තියෙන්නේ. ඉතිං වැඩි කතා මොකටද. චිත්‍රපටිය ටිකක් කියන්නම්කෝ.

අපරාධකාරයෝ තුන්දෙනෙක් ඉන්නවා. මේ තුන්දෙනා කරන්නේ මිණී මරන එක. හැබැයි ඒ හැම කෙනෙක්ම අපරාධකාරයෝ. මේ තුන් දෙනා හදුන්වන්නේ ඕඩි සහෝදරයෝ කියලා. ඉතිං මෙයාලට මේ අපරාධ කරුවන් මරණ්න කියල කියන්නේ ඒ පළාතේ ඉන්න ෂෙරිෆ් කෙනෙක්. ඒ කියන්නේ ඒ පලාතෙ පොලිසියේ ලොක්කෙක්. මේ පොලිසියේ ලොක්කා තමයි පොඩි කාලෙ මේ ඕඩි සහෝදරයෝ තුන්දෙනාව හදාවඩා ගත්තේ. ඉතින් කොහොම හරි මුලින්නම් පටං ගන්නේ හොඳ නියම ගේමකින්. ඕක බලාන ඉන්න ගෑණු කෙනක් ඇවිත් මේ තුන්දෙනාට වැඩක් බාරදෙනවා. ඒක තමයි මේ ගෑණු කෙනාගෙන් තමන් කසාද බැඳල හිටපු මිනිහගෙන් තමන්ගේ දරුව වෙන රොබ්ව ගෙනත් දෙන්න කියලා. රොබ් ආබාධිතයි. රෝද පුටුවක තමයි ඉන්නේ. ඉතිං මෙයාල වැඩේ බාරගෙන කොහොම හරි රොබ්ව මෙයාල අරගෙන එනවා. එතනත් මාර ගේමක් යන්නේ  හැබැයි එතකොට රොබ්ගෙ තාත්තා ඒ කියන්නේ අර ගෑනු කෙනාගෙ හිටපු සැමියා මේක දැනගෙන මෙයාලව අල්ලගන්න කෙල්ලො පහකට බාර දෙනවා. (එයාල ඉතින් හෙන සරාගි කෑලි ටිකක් ඈ) . ඉතින් මේ කෙල්ලො පස් දෙනා යනව මෙයාලව අල්ලගන්න. එන ලොකු වලියක් ගිහින්, වෙඩි තියාගෙන, ගහගෙන කොහොම හරි අර පස්දෙනාව මරණවා. ඊට පස්සේ රොබ්ගෙ තාත්තා වෙනම කට්ටියක් එවනවා මෙයාලව මරන්න. ඒ කණ්ඩායම කොහොම හරි මෙයාලගෙන් රොබ්ව ගන්නවා. රොබ්ව ඒ අයගෙන් බේරගන්න ඕන නිසා ආය වෙනම ගේමක් දෙන්න වෙනවා. මේ තුන්දෙනාගෙ කණ්ඩායමේ ඉන්නවා එක කතා කරන්න බැරි කෙනෙක්. එයා කලින් හිටපු මල්ලවපොර ක්‍රීඩකයෙක්. මෙයා තනියෙන් මෙයාලව මරන්න එන කට්ටිය ඉන්න ට්‍රක් එකට නැගලා ට්‍රක් එකත් නරත කරනවා  සුපිරි ඈ ඒවනං. ඉතිං ඊට පස්සේ තමයි සුපිරිම ගේම. රොබ්ගෙ තාත්තා එවනවා සුපිරි වැඩ්ඩො ටිකක්. හාලිටේෂන් වලින් ඇවිල්ලා බැහැලා අර ට්‍රක් එකේ අයව සෝදිසි කරනවා. ඊට පස්සේ තමයි ගේමට බහින්නේ... අර තුන්දෙනා රොබ්ව ආපහු එයාගෙ අම්මට බාරදෙයිද?...; නැත්නම් රොබ්ගෙ තාත්ත එයාව ගන්නවද?.....; ඕඩි තුන්දෙනාට මොකද වෙන්නේ?.....; ඔයාටම තමයි චිත්‍රපටිය අවසානයේ බලන්න වෙන්නේ..

ඉල්ලනවා හැමෝටම වගේ බලන්න කියලා. සුපිරි චිත්‍රපටිය. කලින් උපසිරැසි වලට අදහස් දක්වපු හැමෝටමත්, බාගත්තු හැමෝටමත් ස්තූතියි... එහෙනම් අලුත් එකකින් හම්බවෙමු.... ජයවේවා!!!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චලිඳු දේශාන් විසිනි


No comments

Powered by Blogger.