The Man With The Iron Fists [2012] සිංහල උපසිරැසි සමගින්


ඇත්තටම ටිකක් අමුතු ආකාරයේ චිත්‍රපටයක් මේක. මෙය නිශ්පාදනය කරලා තියෙන්නේ Robert Fitzgerald Diggs ( RZA) කියන සුප්‍රසිද්ද Grammy සම්මාන ලාභියා විසිනුයි. ඒ වගේම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට දායකත්වය ලබාදෙන්නෙත් ඔහු ව්සින්මයි. නමුත් ඊට අමතරව ඔස්කාර් සම්මානලාභී Russell Crowe මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. මම මුල් වතාවට තමයි Russell Crowe විසින් මෙවැනි වාණිජ චිත්‍රපටයකට මෙවැනි චරිතයක් දැක්කේ. ඊට අමතරව Lucy Liu, Jamie Chung සහ සුප්‍රසිද්ද මල්ලවපොර ශුරියා (WWE) වන Dave Bautista (බැටිස්ට) ත් මෙයට චරිත වලින් දායක වෙනවා. 

ඔබ The Raid : Redemption (2011) වැනි චිත්‍රපටි නැරඹුවා නම් ඒ වගේම ඉතා තාත්වික සටන් මෙම චිත්‍රපටය පුරාවටම දැක ගන්න පුළුවන් වෙනවා. මෙහි කතාව වෙන්නේ එක්තරා රජ කෙනෙක්ට රත්රන් ප්‍රමාණයක් එක් ගමක් හරහා ප්‍රවාහනය කරන්න සිදු වෙනවා. ඒ සඳහා රජු විසින් ආරක්ෂාව සඳහා ලයන් කියන ජන කොට්ටාසයේ සහය පතනවා. නමුත් අවාසනාවකට එම ලයන් ජන කොටසේ නායකයාව, එම ජන කොටසේම දෙවෙනියා විසින් මරා දමනවා. ඔහුට සහ පිරිසට ඕනේ වෙනවා මේ රත්රන් සොරා ගැනීමට. ඔහු සතුව සිටිනවා Brass Body නම්වූ මුළු ශරීරයම එකවර පිත්තල බවට පත්වෙන යුද භටයෙක් (බැටිස්ටා). ඔහු සමඟ සටන් කිරීම ලෙහෙසි වැඩක් නෙමෙයි. නමුත් වැඩේ හිතපු විදියටම කරන්න ලැබෙන්නේ නැහැ. ඔහු විසින් මේ යුද කටයුතු වලට ආයුද සපයන Blacksmith ගේ අත් දෙකම කපලා දානවා. නමුත් Blacksmith නැවත පැමිණෙන්නේ අමුතුම ආකාරයේ ආයුදයක් සහිතවයි. 

දෙයක් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරසි ගොනුවක් තවම නිකුත් වෙලා නැහැ. ඒ නිසා සමහර උපසිරසි මට ඇහෙන විදියට තමයි පරිවර්තනය කරලා දාලා තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ පිටපත HDRip එකක්. නමුත් BluRay පිටපතකම ගුණාත්මක බව තියෙනවා. ඒ නිසා පිටපත ගැන හිතන්න දෙයක් නැහැ. 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදාර විසිනි


No comments

Powered by Blogger.