Tinkerbell Pixie Hollow Games [2012] සිංහල උපසිරැසි සමගින්


ඔන්න යාලුවනේ ටික කාලෙකට පස්සේ මම ආයෙත් හොද චිත්‍රපටියක් අරං ආවා මුලින්ම දුන්නේ 18+ එව්වනි ඉතින් හැමෝටම ඒවා බලන්න බෑනි හැබැයි දැන් ගෙනාවේ 98- ෆිල්ම් එකක් ඒකිව්වේ බාල මහලු හැමෝටම බලන්න පුලුවන් ලස්සන චිත්‍රපටියක් වැඩිවිස්තර නොකර පුංචි හැදින්වීමක් කරන්නං.

ඔයාලා දන්නවානි Disney ලා Tinker Bell කතාවන්හි විවිද කතා ගෙනත් තියෙනවා කියලා ඒ හැම එකකටම ටින්කර් බෙල් තමා කතාවේ ප්‍රධාන චරිතය ගන්නේ නමුත් මේක වෙනස්විදිහේ චිත්‍රපටියක් මේක Short Film එකක් විනාඩි 24ක් වටා තමා මේක ගෙවෙන්නේ මේක IMDB වල 6.8 අගයක් අරං තියෙනවා ඉතින් මේක අනිත් එව්වාට වැඩිය වෙනස්. කතාව බැදෙන්නේ තරගයක් වටා හරිය‍ට ඔලිම්පික් වගේ ඔලිම්පික් වගේ මෙයාලට වාර්ශිකව තියෙනවා එයාලගේ Pixie Hollow Games කියලා තරගයක් ඉතින් මේ තරගයට මේ සුරංගනාවෝ ලෑස්තිවෙනකොට මෙයාලගේ සහයිකාවක් ඇවිත් කියනවා මේපාර තරගයට සුදුසුකම් ලබන එක්කෙනා ගැන. මෙයා ගැන මම පොඩ්ඩක් විස්තර කරන්නං ඒ කියන්නේ මේ තරගයට සුදුසුකම් ලබන කෙනා.. මේ කතාවේ ප්‍රධාන චරිතය මෙයාටයි හම්බවෙන්නේ මෙයාගේ නම Rosetta මෙයා කැමතිනෑ අපිරිසිදුව ඉන්න ඒ කියන්නේ එයා ගොඩාක් අකමැතියි මඩ වලට ඉතින් මේ ක්‍රීඩා කරනකොට මඩ ගාගන්නම වෙන නිසා මෙයා කිහිප අවස්ථාවක්ම එයාට ලැබුනු අවස්ථා මග හැරලා තියෙනවා. මේ පාරත් එයා කැමතිවෙන්නේ නෑ ඒත් එයා‍ගේ අනිත් යහලු සුරංගනාවෝ මෙයාව බලෙන්ම වගේ දානවා. කොහොම හරි මම කිව්වනේ මහ වෙනස් තරග මේකේ තියෙන්නේ කියලා ඒවගේම මෙයාගේ සහයිකාව තමයි Chole සහයිකාව අනිත් අය වගේ නෙවේ එයා හැමවෙලාවෙම සතුටින් ඉන්න කෙනෙක්. ඒවගේම ඕනෑම දේකට මුහුන දෙන්න පුලුවන් කෙනෙක්. 

මෙයාලා දෙන්නා මුල්ම තරගයට ඉදිරිපත්වෙනකොට මුල්ම තරගයේ තියෙන්නේ මහ පිස්සු වැඩක් ඒ කියන්නේ ගෙම්බො දෙන්නෙක්ගෙ පිටේ නැගලා කැරකි කැරකි තමයි යන්න තියෙන්නේ ඒ කියන්නේ අපේ මැරතන් 
වෙනුවට මෙයාලා කරන්නේ ඒක. ඉතින් මම කිව්වනි Rosetta කැතට ඉන්න කැමති නෑ කියලා කොහොම හරි මෙයා ගෙම්බගේ පිටේ නගින්නේනෑ ඒත් මෙයාගේ යාලුවන්ගේ බලකිරීම මත නගිනවා හැබැයි එයා ගෙම්බගේ පිටට නගින්නෙත් මහ අමුතු ක්‍රමයට ඒ නිසාම එයාලා පලමු වටය පරදිනවා. පලමු වටයේදී පරාජය උන එක ගැහ දෙන්නම තැවෙනවා නමුත් මෙයාලා අදිශ්ඨානය කරගන්නවා මේක කොහොම හරි දිනන්න. දන්නවානි කොයි ෆිල්ම් එක ගත්තත් එකේ මොකෙක් හරි හතුරෙක් ඉන්නවාමනි මේකෙත් ඉන්නවා එහෙම හතුරෙක් හැබැයි හතුරත් සුරගයෙක් ඔහුගේ නම Bumble. මෙයා තමයි ගිය හැම වතාවකම දිනපු කෙනා මෙයා Rosetta සහ ඇගේ සහයිකාව අවසානෙදි දිනන එක නවත්වනවා. ඒත් අසාදාරණයට කවදත් ඉඩකෑ නෑනි.

මම වැඩිය කියන්නෑ මේක බලලා මැරෙනකං හිනාවෙන්න පුලුවන් මේවගේ අවස්ථා වලින්මයි මේක හැදිලා තියෙන්නේ අවසානෙදි මේ දෙන්නා දිනන්නෙත් Rosetta හින්දායි ඉතින් ඒදෙන්නගේ සහයෝගය ගැනත් අසාදාරනය ගැනත් එවැනි අවස්ථාවකදි මුහුන දෙන්න ඕනි ආකාරයත් ගැන හොදින් කියැවෙනවා ඒ වගේම මම හිතනවා ගොඩාක් අයට මේකෙන් හොද ආදර්ශයක් තමන්ගේ ජීවිතයට ලගා කරගන්න පුලුවන් වෙයි කියලා. මම යනවා හැබැයි ආයෙත් ලස්සන චිත්‍රපටියක් එක්ක එනවා හැමෝටම සතුටින් පිරිනු ජීවිතයක් ගතකරන්න හැකිවේවා!

ඔයාලා මම දුන්න උපශීර්ෂය පිලිබද සෑහීමකට පත්වෙනවානං ඔබේ අදහසත් එකතු කර යන්න. එහෙනං හැමෝම සතුටින් ඉන්න නැවත හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් විසිනි


No comments

Powered by Blogger.