TITANIC 2 [2010] සිංහල උපසිරැසි සමගින්


මේ මගෙ පළවෙනි උපසි‍රැසි ගැන්විම.මේ චිත්‍රපටය 2010 වසරෙදි තමයි නිකුත් කරලා තියෙන්නේ.Titanic පළවෙනි film එක ඔයාලා බලලා ඇති.

මේක රුපවාහිනි නාලිකාවල පෙන්වන්න හදපු චිත්‍රපටියක් නිසා මෙහි ඇතැම් විට විශාල වියදමක් දරලා නිශ්පාදනය කරපු දර්ශන නැහැ.ඒක නිසා චිත්‍රපටිය ලෝකයේ වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගන්න නම් සමත් උනේ නැහැ.ඔයාලා රුපවාහිනි නාලිකා වලට නිර්මාණය කරපු චිත්‍රපටි බලලා ඇති.එක නිසා මම කියන දේ වටහාගන්න පුලුවන් වේවි.මේ කතාව Poseidon [2006] චිත්‍රපටියට යම් සමානකමක් දක්වනවාදත් කියලත් හිතෙනවා ඇතැම් විට.කෙසේ වෙතත් කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් ලෙස මට මේක හදුන්වන්න පුලුවන්. චිත්‍රපටියේ කථාව නම් මෙහෙමයි නැව ගිලිලා අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් ඊට වඩා නවීන සුඛෝපබෝගි Titanic 2වෙනි නැව නිර්මානය කරලා තියෙනවා.මේ නැවත් පළවෙනි නැව වගේම ඒ මාර්ගයේම ගමන් කරනකොට හදිසි සුනාමි තත්වයකට මුහුන දෙනවා.මෙයින් පසුව සිදුවන දේ film එක බලලා දැනගන්න පුලුවන්.

මෙම චිත්‍රපටය www.zoom.lk වෙබ් අඩවියේ පළකරන්න තෝරාගැනීම ගැන ADMIN සහෝදරයාට ස්තූතිවන්ත වෙනවා. උපසිරැසි ගැන්වීමේදී අක්ෂර දෝෂ අවම වෙන ආකාරයට වැඩේ කරන්න මම උත්සාහ ගත්තා. ඔබත් චිත්‍රපටය නරඹලා COMMENT පාරක් දාලා යයි කියලා හිතනවා.

නැවත තවත් චිත්‍රපටයක් සමඟ හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජනිත් අකිල විසිනි


No comments

Powered by Blogger.