Tom and Jerry Meet Sherlock Holmes [2011] සිංහල උපසිරැසි සමගින්


කොහොමද යාලුවනේ, මේක මගේ කුළුදුල් උපසිරැසි ගැන්වීම. පළවෙනි එක හින්ද වැරදි එහෙමත් තියෙන්න පුළුවන්. Zoom.lk වෙබ් අඩවියෙන් ඇති වෙන්න සබ් අරගෙන තිබුනට සබ් දාන එක මෙච්චර අමාරු වැඩක් කියල තේරුනේ වැඩේ පටන් ගත්තට පස්සෙ. ඒක නිසා මෙච්චර කට්ටක් කාල අපිට සිංහල සබ්ටයිටල් දෙනවට Zoom.lk වෙබ් අඩවියට ස්තුති කරන්නත් ඕනෙ.

එහෙනම් මං කතාව කෙටියෙන් පැහැදිලි කරන්නම්. මුලින්ම කියන්න ඕනේ මේක IMDb වල රේටින්ග්ස් 6.6ක් ගත්ත කෙටි කාටූන් චිත්‍රපටයක්. අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ සුප්‍රකට Warner Bros. Animation ආයතනය. ඔයාල හුගක් ආස කරන ෂර්ලොක් හෝම්ස්, දොස්තර වොට්සන් Tom & Jerry වගේ ප්‍රසිද්ධ චරිත ඔයාලට මේ චිත්‍රපටියේදී මුණ ගැහෙනවා. කතාව කෙටියෙන් කියනවනම්, මිස් රෙඩ් කියන නාට්‍ය ශිල්පිනිය ෂර්ලොක් හෝම්ස්ට පරීක්ෂණයක් භාර දෙනවා. ෂර්ලොක් හෝම්ස් මේ අභිරහස ගැන හොයාගෙන යද්දී එයාට එංගලන්තේ රාජ්‍ය ආභරණ හොරකම් කරන්න ගන්න උත්සාහයක් ගැන දැනගන්න ලැබෙනවා. හෝම්ස්ට මේ අපරාධය නවත්තන්න හැකි වෙයිද? මේ හොරකම පිටිපස්සේ ඉන්න හෝම්ස්ගේ ජන්මාන්තර වෛරක්කාරයා කවුද? හැමදාමත් අපිව හිනස්සපු Tom & Jerry දෙන්නට මේ පරීක්ෂණයේදී මොන වගේ වගකීමක් පැවරෙයිද? ඔය හැම දෙයක්ම ඔයාලට මේ චිත්‍රපටිය නැරඹීමෙන් දැනගන්න පුළුවන්. ආ.. ඒ වගේම හැමදාම වලි දාගත්ත Tom & Jerry තරහමරහ අමතක කරලා එකට වැඩ කරන හැටිත් ඔයාලට මේ චිත්‍රපටියේදී දැකගන්න පුළුවන්.

එහෙමනම් හැමෝම බාගෙන බලන්න. අපේ පොඩි කට්ටිය මේ චිත්‍රපටියට හුගක් කැමති වෙයි. ලොකු අයට ආපහු පොඩි කාලෙට යන්න පුළුවන් වෙයි. පුළුවන් උනොත් ආපහු තවත් චිත්‍රපටියක් එක්ක ඔයාල හමුවට එන්නම්. ඔබට ජය!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ එරංග දර්ශන විජේතුංග විසිනි



No comments

Powered by Blogger.