TOUCH [2012] Season 1 Episode 1 සිංහල උපසිරැසි සමඟ


" ලෝකයේ ඉන්න අපි හැමෝම එකට සම්බන්ධ වෙලා ඉන්නෙ. අපි කරන සෑමදේකම ප්‍රථිපල අපි හැමෝටම වක්‍රාකාරයෙන් ලැබෙනවා. මේ සම්බන්ධය දකින්න පුලුවන් ලෝකයේ කීපදෙනෙක්ට විතරයි. ඒ සම්බන්ධය දකින්න පුලුවන් අයට අතීතය, වර්ථමානය වගේම අනාගතය දකින්නත් පුලුවන්. "

අද ඉඳන් සෑම අඟහරුවාදාවකම ඔයාලට zoom.lk අපෙන් ලැබෙන අලුත්ම තෑග්ග තමයි ටච් කථා මාලාව. මේ කථාමාලාව මේ වර්ශයේ(2012) FOX විකාශනය ආයතනය මඟින් ඉදිරිපත් කරපු එකක්. මෙහි දෙවන කථා මාලාවත් ළඟදීම විකාශනය ආරම්භ කරනවා. නමුත් නිශ්චිද දිනයක් නම් නෑ.බොහෝවිට ලබන පෙබරවාරි වෙන විට ආරම්භ කරාවි.

අපි මේ කතාව ගැන පොඩ්ඩක් බලමු. මෙහි ප්‍රධාන චරිතය මාටින් (කයිෆර් සදර්ලන්ඩ්) ගේ බිරිඳ මියගිහින්. ඇයට දාව උපන්න පුතාට වයස අවුරුදු 11යි. නමුත් කථා කරන්න බෑ. ඒ වගේම අධි සංවේදි ළමයෙක්. මොහුට, පටන්ගනිද්දිම කියූ විශ්ව සබඳතා පේනවා. ඒ නිසා ඔහුට අනාගතයේ සිද්දවෙන්න තියෙන දේවල් කියන්න පුලුවන්. ඒ අංක ක්‍රමයකින්. රටාවකින්. නමුත් එය කාටවත් තේරුම් යන්නේ නෑ. දරුවගේ ක්‍රියාකලාපය නිසා රජය ඔහුව වෙන්කර තබනවා.

නමුත් කලක් යන විට ඔහුගේ පියා වන මාටින් බෝම් ට මෙහි රටාව තේරෙනවා. ඒක නිසා සිද්දවෙන්න ගිය බොහෝමයක් විනාශ වැලකෙනවා. ඒ විතරක් නෙවෙයි. මේවා සිද්ද වෙන අතරේ විවිධ සිදුවීම් එකිනෙකට සම්බන්ධ වෙනවා. ඉතාම ලස්සන, බලන්න ආස හිතෙන විදියට කථා මාලාව දිගහැරෙනවා.

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි තමයි මෙය ඔබට ලබාදෙන්නේ. මෙය අපෙන් ලබාදෙන තවත් පුංචි නත්තල් තෑග්ගක්. පළමු කොටස විතරක් හා සම්පර්ණ කතාමාලාව ටොරන්ට් වලින් දිලා තියනවා.මේකේ පලවෙනි කොටස විතරයි 500MB වගේ ලොකු සයිස් එකක් වෙන්නේ අනිත් කොටස් සියල්ලම වගේ සයිස් එක 250MB වලට වඩා අඩුයි.ඒක නිසා බයනැතුව බාගන්න අනික මේ වගේ කතාවක් මගහැරගන්න එකම ලොකු අපරාධයක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


No comments

Powered by Blogger.