TOUCH [2012] Season 1 Episode 3 සිංහල උපසිරැසි සමඟ


Touch කථා මාලාව අපි හිතුවටත් වඩා ජනප්‍රිය වුනා. ඇත්තටම මට ඒක ගැන සතුටුයි. අද එහි තෙවන කොටස. 
“අංක තුළ ආරක්ෂාව“
සමහරුන්ට මුල් කොටසේදි නොතේරුන තැනක් තියෙනවනම් මෙහිදි ඒක පැහැදිලි වෙයි කියල හිතනවා.
මෙහිදි යම් යම් දේවල් පැහැදිලිව පවසනවා.

මේ කොටසේදි ජේක් ඔහුගේ පියාට ‘‘3287‘‘ අංකය ලබා දෙනවා. නමුත් ඇත්තටම ඒ අංකය මොකක්ද? පෙර කොටස් වලදි නම් දුරකථන අංකයක් වගේ ලබාදුන්නේ. නමුත් මේක? මටවත් හිතාගන්න බැරිවුනා මුදලී.ඒ අතරේ ‘මාටින්ට‘ සමාගමක මූල්‍ය වංචාවකටත් සම්බන්ධ වෙන්න ලැබෙනවා.
ඒ වගේම දකුණූ අප්‍රිකාණු කාන්තාවක් ඇයගේ ධෛර්යයෙන් තම සහෝදරයාව “ලෝකප්‍රකට නර්ථන තරඟයකට“ සහභාගි කරවන්නත්, තවත් කාන්තාවක්ව දරුණූ පුද්ගලයෙකුගෙන් බේරාගන්නා ආකාරයත් මේ කොටසේ ප්‍රධාන වනවා. ඒ වගේම මේ කොටසේදි ජේක් වගේම තවත් අනාගතය පෙනෙන කෙනෙකුව මුණගැහෙනවා. 

මේ සියලුම සිදුවීම් එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද කියා දැනගන්න නම් ඔයාට මේ කොටස බලන්නම වෙනවා. ගොඩක් අය මෙයට කැමති මෙහි සිදුවීම් පෙළගැස්වෙන ආකාරය අනුව කියලා මම හිතනවා. ඒ නිසා මේ කතාව අනෙක් කතාවලින් බොහෝ වෙනස් වනවා.

තෙවන කොටස තමයි කොටස් තුනෙන් මම පරිවර්තනය කරපු අමාරුම කොටස. මේක බොහෝ පැටලැලි සහිතයි. නමුත් ඔයාට තේරෙන විදියට සකස් කරන්න මම දින ගණනාවක්ම මහන්සි ගත්තා. 
ඔයාට මට කියන්න දෙයක් හෝ මාව සම්බන්ධ කරගන්න ඕන නම්pramod@zoom.lk ඊ-ලිපිනය ඕන වෙලාවක විවෘතයි.

ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් ඔයාට සුභ සතියක්!


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉඳුනිත් විසිනි


2 comments:

Powered by Blogger.