Cloud Atlas [2012] සිංහල උපසිරැසි සමඟ


කට්ටිය හැමෝටම සුබ අළුත් අවුරුද්දක් කියල මුලින්ම කියනවා. මේ අවුරුද්දෙ අපි මුලින්ම හම්බෙන්නෙ අද නෙ ඉතිං වෙනසකටත් එක්ක ගිය වසර මුළුල්ලේම කාගෙත් කතාබහට ලක්වුනු චිත්‍රපටයක් තමයි මේ දෙන්න යන්නෙ. මම මුලින් කිව්ව වගේ මේ චිත්‍රපටයට කාගෙත් කතාබහට ලක්වුනු එක හේතුවක් වන්නෙ සාමාන්‍යයෙන් අපි නොදන්නා චිත්‍රපට අධ්‍යක්ෂක පිරිසක් විසින් වැඩිම වියදමක් දරල හදපු චිත්‍රපටයක් මෙය වීම, ඒ වගේම 2004 David Mitchell නම් කතෘවරයා විසින් රචනා කරන ලද ක්වුඩ් ඇට්ට්ලස් නම් කෘතියේ රූප රචනයට හැරවීමත් නිසයි.
මම මෙච්චර කලකට චිත්‍රපට උපසිරැසි කරණය සදහා දායක වුනු චිත්‍රපට අතුරින් ඉතාමත් අපහසුතාවයට පත්වුනු චිත්‍රපටය මෙය වශයෙන් හදුන්වල දෙන්න පුළුවන්.මොකද මේ චිත්‍රපටපටියට ‍ජර්මන් ආභාෂයක් ලැබුන නිසාදෝ බාවිතා කරන ලද ඉංග්‍රීසි දෙබස් සිංහලයට පරිවර්තනය කරන්න හරිම අපහසු වුනා. ඒක ගැන තව ටිකක් කිව්වොත් මෙහි කතාකරන දෙබස් එක්තරා වෙලාවක කෙටිකරලා තියෙනවා තවත් වෙලාවක අදාල වචනය යොදන්නෙ නැතුව වක්‍රාකාරව යොදල තිබුනා, මෙච්චර සිංහල දන්න අපි අපේ පරණ අය කතාකරපු වචන දන්නෙ නෑනෙ ඒ වගේම මේ චිත්‍රපටයෙද පරණ ඉංග්‍රීසි වචන තිබුනා ඒක නිසා තෝරා බේරාගෙන පරිවර්තනය කරන්න හරිම අපහසු වුනා. ඒ වගේම පරිවර්තනය අපහසුවෙන්න තවත් කරුණක් වුනේ මේ චිත්‍රපටයෙ චරිත 6 ක් එක පෙලට රූප රචනය කරල තිබීම. ඉතිං කොහොම කොහොම හරි අන්තිමට උපසිරැසිය දෙන්න පුළුවන් වුනා.
ඒ වගේම මේ උපසිරැසිය හැදුවෙ මම විතරක් නෙවෙයි. අපි කවුරුත් දන්න මේ ලගදි අර්ධ ශතකයක් වර්ථාකරපු අපේ තාරක සහෝදරයා මේකෙ බාගෙට බාගයක් උපසිරැසි කරණය සිදුකරා. ඉතිං ඔහු නොහිටින්න මම තාමත් උපසිරැසිය හදනව කියල ඒකාන්ත වශයෙන් කියන්න පුළුවන්. ඒ වගේ ම චිත්‍රපටය බලන්න ඉන්න ඔයාලට ‍මේ කියන එක ඉතාමත් වැදගත්, මේ චිත්‍රපටය මට දැනුනු තරමින් අනෙක් චිත්‍රපට වලට වඩා ඉතාමත්ම වෙනස්, සාමාන්‍යයෙන් අපි බලන චිත්‍රපටි එකපාරක් බැලුවම තේරෙනව නෙ. ඒත් මෙ චිත්‍රපටය උපසිරැසි තිබුනත් නොතිබුනත් පලවෙනි පාර මුකුත්ම තේරෙන එකක් නෑ, මෙය ඒ තරමටම බූද්ධිය වෙහෙසවලා බලන්න ඕන චිත්‍රපටයක්. මම නම් මේ වෙනකොට පස් පාරක් විතර බලලා ඇති ඒත් හරියටම තේ‍රුනේ නෑ හැබැයි මූලික කොටස් ටික තේරුනා, සිංහල උපසිරැසියට වඩා මේකෙ පෙන්වන රූපරාමු බලා‍ගැනිම ඉතාමත් වැදගත්. මොකද මේ මූවියේ පෙන්වන්නෙ එකම ජීවිතය විවිධ කාල වකවානුවලදි එකම හෝ එහා ආසන්න ගැටලු වලට මුහුණදෙන අවස්ථාවන්, වෙන විදියට කිව්වොත් කෙනෙක් මැරිලා තවත් ආත්මයකදි ඉපදෙනවනෙ ඒ ඉපදෙන ආත්මයෙත් අර වගේම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම ඔයාලා චිත්‍රපටය බලනකොට අනිවාරයෙන්ම රූප රාමු ගැන සැලකිළිමත් වෙන්න, එක රූප රාමුවක්හෝ මිස් වුනොත් කතාව තේරෙන එකක් නෑ, අනිත් එක තමයි මේ කතා කොටස් වල ඉන්න චරිත හදුනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ තමයි උපන් ලප ගොඩක් අයගෙ පිහිටලා තිබීම. ඒක නිසා උපසිරැසිය විතරක් නෙමෙයි පෙන්වන රූපරාමු දිහාත් විශේෂයෙන් බලන්න
කතාව ගැන ටිකක් කියන්නම්, මේ කතාවෙ එකම ප්‍රාණය චරිත කිහිපයකට පෙනී සිටිනවා ඒ තමයි 1849 ඉපදුනු ඇඩම් එවිග්, 1936 ඉපදුනු රොබර් ෆ්‍රොබිෂර්, 1973 ඉපදුනු ලුසියා රේ, 2012 ඉපදුනු ටිමොති කැවෙන්ඩිෂ්, 2144 ඉපදුනු සොන්මි සහ 2321 පමන කාලයකදි ඉපදුනු සැච්රි ලිවුස් යන චරිත වලට, මේ හැම චරිතයකම ඉන්නෙ එකම මනුස්සයා, ඉතිං එයා විවිධ කාල වලදි ඉපදුනාට අදාල පසුබිම අනුව මුහුන දෙන්නෙ එකම විදියට එනම් මට කෙනෙක් ගහන්න එනව නම් මේ හැම අවුරුද්දකම ඉපදුනු මිනිසුන්ට ඒ ගහන්න එන කෙනා පැමිනෙන්නෙ විවිධ ද්වරූපයෙන් ඒ වගේ. ඉතිං කතාව පුරාවටම මේ හැසිරීම් තමයි පෙන්වන්නෙ, ඉතිං මම කිව්වෙ, මටත් හරියට තේරුනේ නෑ කියලා ඒක නිසා මීට වැඩිය තේරුම් කරන්න යන්නෙ නෑ, ඔයාලා කතාව බලලාම මොකද වුනේ කියලා තේරුම් ගන්න
මේ චිත්‍රපටය iMDB Ratings 8.0 ක අගයක් අරගෙන තියෙනවා, ඒ වගේම වර්ග කිරීම් අනුව Drama | Mystery | Sci-Fi යන වර්ග තුනටමත් වැඩි වශයෙන් Sci-Fi වර්ගයට බරව පවතිනවා කියලා කියන්න පුළුවන්. මෙහි අධ්‍යක්ෂක වරු තිදෙනෙක් ඉන්නවා ඔවුන් නමින් Lana Wachowski, Tom Tykwer, Andy Wachowski වශයෙන් පෙන්වලා දෙන්න පුළුවන්, තවද නිෂ්පාදන වගකීම දරලා තියෙන්නෙ Warner Bros. ආයතනය විසින්, ඒ වගේම 2013 ජනවාරි 1 වෙනිදා දක්වා ලැබුනු ආදායම $26,793,034 වශයෙන් පෙන්වලා දෙන්න පුළුවන්.ඔබට මේ චිත්‍රපටයට පිළිබදව තවත් තොරතුරු දැනගන්න ඕන නම් මෙතනිනුත් නවකතාව ගැන තොරතුරු දැනගන්න ඕන නම් මෙතනිනුත් යන්න. ඉතිං එහෙන්ම් තවත් දවසක මේ වගේම හොද චිත්‍රපටයකින් නැවතත් හමුවෙමු,එතකං හැමෝමට සුබ දවසක්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) සමඟ චම්පික ලක්රුවන් විසිනි

චිත්‍රපටිය හා සිංහල උපසිරැසි ලබා ගැනිමට මෙතැනින් පිවිසෙන්න


1 comment:

  1. බඩු එනකල් හිටියෙ. ඔය වචොව්ස්කි සහෝදරයොනෙ Matrix කලේ. (දැන් නම් ලැරී වචොව්ස්කි කාන්තාවක් වෙලා) ටොම් ටයික්වර් කියන්නෙත් මොලේ කොලාප්පං වෙන චිත්‍රපටි කරපු අධ්‍යක්ෂවරයෙක්. කාලයක් බලන්න පුළුවන් වෙයි. ස්තූති වේවා..

    ReplyDelete

Powered by Blogger.