Darling [2010] සිංහල උපසිරැසි සමගින්


ඔන්න අපෙන් ආයෙත් ෆිල්ම් එක්ක ‍හැබැයි ඉතින් අවුලකට තියෙන්නෙ 2010 ආව එකක් තමා දැන් දෙන්න යන්නෙ. මේකත් සුපිරිම ෆිල්ම් එකක්.අපි තීරණය කලා මේ දවස්ටිකේ හින්දි, තෙලෙගු සහ දමිල චිත්‍රපටිවලට වැඩි තැනක්දීලා සබ් කරන්න.ඉතින් මායි මගේ යාලුවො දෙන්නයි එකතුවෙලා තමයි මේක කලේ. දැන් මම මේ චිත්‍රපටියේ පසුබිම ගැන කියන්නම්.මේ චිත්‍රපටිය ඩිරෙක්ට් කරන්නෙ A. Karunakaran නලුවයි නිළියයිනම් ඔයාලා දන්නවා. ප්‍රසිද්ධ නළු Prabha සහ නිළිය Kajal Aggarwal තමයි ප්‍රධාන චරිත දෙක ලෙස රගපාන්නෙ. පසුබිම් සංගීතය කලේ Prakash Kumar. ඉන්දියාවෙ චිත්‍රපටි අතරින් බොහෝම ඉහල අගයක් ගන්න තවත් චිත්‍රපටියක් තමයි මේක IMDB වලත් 7.1අගයක් අරං තියෙනවා. ඉතින් ඔයාලට තේරෙන්න ඇති නේද මේක හොද චිත්‍රපටියක් කියල. හරි හරි ඉන්න මම චිත්‍රපටිය ගැන දැන් කියන්නං.මේ චිත්‍රපටිය ආරම්භ වන්නෙ 1980 පාසලක යාලුවෝ සෙට් එකක් එක්ක. මොවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා සමගියෙන් ඉන්න. Hanumantha Rao නොහොත් Prabhu Ganesa තමා අපේ නලුවගේ තාත්තා. ඔහුට හිටියා ප්‍රභාස්(ප්‍රභා)කි යලා පුතෙක් ඒ වගේම එයාලා සමගියෙන් ඉන්න තීරණය කරපු අනිත් පවුලේ Vishwanathනැමැති පුද්ගලයාගේ දුව නන්දනීට ප්‍රභා පොඩි කාලේ ඉදන්ම දැඩි ආදරයක් දැක්වූවා.දෙන්නා බොහොම ආදරයෙන් තමා හිටියෙ. නමුත් අවාසනාවකට මෙන් විශ්වනාත් සහ නන්දනීයනවා ස්විස් වලට නන්දනී පොඩි කාලෙදිම.ඉතින් ඊට ගොඩ කාලෙකට පස්සේ ඒ කියන්නේ දැන් ප්‍රභා ලොකු කොල්ලෙක්.මෙයාගේ පස්සේ ගොඩාක් කෙල්ලෝ එනවා...ඒ අතරින් කෙනෙක් තමයි නිශා...නිශාගේ තාත්තා ලොකු දාමරිකයෙක්... කොටින්න්ම කිව්වොත් මැරයෙක්...ඉතින් මෙයාලත් මේ ස්ටෝරියට කොහොම කොහොම හරි සම්බන්ද වෙනවා. ප්‍රභා මේ මැරයට ලස්සන සුරංගනා කතාවක් කියනවා..ඒ ඔක්කොම බලන්න ඉතින් මේක බලන්නම වෙනවා..කොහොම හරි නන්දනී ආය ඉන්දියාවට එනවා...ආවම මොනවා වෙයිද...ප්‍රභා නන්දනීගෙආදරය ලබා ගන්න මොන නාඩගමක් නටයිද. නන්දනිව ප්‍රභාට ලැබෙයිද..හි හී මේවා දැනගන්නත් ඔයාලට මේ ලස්සන ෆිල්ම් එක බලන්නම වෙනවා...එහෙනම් අපි යනවාඔන්න ඔහේ හිතේ තියන දෙයක් ලියලා යන්න හොදේ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල්, පහන් තාරක සමඟ දනුක රත්නායක විසිනි


2 comments:

Powered by Blogger.