Dhaam Dhoom (2008) සිංහල උපසිරැසි සමඟින්


මේ චිත්‍රපටය 2008 වසරේ තිරගත වූ එකක්.jayam ravi ගෞතම් වශයෙනුත් kangana ranaut ශෙන්බා චරිතයත් රගදක්වනවා.jayam ravi ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැ නේ Nimirndhu Ni (2014),Aadhi Bhagavan [2013],Engeyum Kadhal වැනි චිත්‍රපටි වලින් ඔහුගේ රංඟනය දකින්න ඇති නේ.ඊට අමතරව raai laxmi,jayaram,anu hassan මේ චිත්‍රපටියට රංගනයෙන් දායක වෙලා තියනවා.මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක තුමා චිත්‍රපටයේ භාගයක් හදලා ඉවරකරන්නත් කලින් මියගිහින් තියනවා.අතරමගදී චිත්‍රපටය නවත්වන්න බැරි නිසා සහය අධ්‍යක්ෂක G.k Manikandan සහ ඇගේ බිරිඳ Annes චිත්‍රපටිය හදලා ඉවරකරලා.අධ්‍යක්ෂක jeeva ගේ මරනය නිසා ගොඩක් ප්‍රමාද වුණු මේ චිත්‍රපටය 2008 අගෝස්තු 29 තිරගතකිරීම් ආරම්භ කරලා තියෙන්නේ.මිනිත්තු 150ක් පුරා දිව යන චිත්‍රපටියට ලැබී තියෙන්නේ imdb මනාප 4.6ක් පමණයි.නමුත් බලලම ඉන්නකෝ හොද චිත්‍රපටයක්.මේ චිත්‍රපටය සාරාංශය පොඩ්ඩක් කියන්නම්. චිත්‍රපටයේ ප්‍රධාන නලු ගෞතම් වෛද්‍යවරයක්.ඔහුගේ වෙඩින් එකට සති 2ක් තියෙද්දි ඔහුට යන්න වෙනවා රුසියාවට වෛද්‍ය සමුළුවකට.වෛද්‍ය සමුළුවට සහභාගි වෙන ගෞතම්ට රුසියාවේදී ගොඩක් කරදර වලට මුහුණදෙන්න සිදුවෙනවා. සම්පූර්ණ චිත්‍රපටියම කිව්වොත් වැඩක් නෑනේ.මේ උපසිරැසිය ගුණ දොස් තිබෙනවා නම්,comment එකකුත් දාගෙනම යන්න.එහෙනම් බොහොම ස්තූතියි හැමෝටම.

No comments

Powered by Blogger.