Ice Age (2002) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න යාඵවනේ මගේ පළවේනි උපසිරස ගැන්වුම දෙන්නයි යන්නේ.මේ චිත්‍රපටි මාලාවේ 3 හා 4 පල කරලා තිබුනාත් 1 හා 2 චිත්‍රපටි දෙන නැති එක අඩුවක් වගේ පෙනුන නිසාම හා මේක ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක්. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ. හොඳට හිනා වෙවී බලන්න පුලුවන් ලස්සන කථාවක්. මේක IMDB දර්ශකයේ 7.5 අරන් තියෙනවා. එතකොටම හිතා ගන්න පුලුවන්නේ මේ කතාමාලාවේ ආරම්බයේම තරම...


කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් වීමත් එක්කයි. ඒ සිදුවීමෙන් පස්සේ අදුරගන්න දෙන්නා එකතු වෙලා නපුරු කොටි රංචුවකින් පොඩි දරුවෙක් බේරාගෙන එයාගේ තාත්තට බාරදෙන්න කරන උත්සහයක් ගැන කතාවක් තමයි මේකෙන් කියවෙන්නේ. දියේගෝත් මුලදී නම් නපුරු කොටි රංචුවේ කෙනෙක් තමයි. පස්සේ ඉතින් එයත් අපේ යාලුවෝ දෙන්නට එකතු වෙනවා. ඉතින් අපේ මේ කස්ටියට ඒ යන අතරතුරේදී හරි හරි වැඩ තමයි වෙන්නේ. අපේ වීරයෝ කට්ටයට අර දරුවාව ප්‍රවේසමින් ගෙනියන්න පුළුවන් වේවිද… නපුරු කොටි රංචුවට මොනවා වේවිද… ඔන්න කලින් sub නැතුව හරි නොබලපු අයටනම් ඒක දැනගන්න නම් බාන්නම වෙනවා....

No comments

Powered by Blogger.