Transcendence (2014) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න ඉතින් අදත් මට විශේෂ දවසක්, අද තමයි මගේ උපසිරැසි 100 සම්පූර්න වෙන දවස, හැබැයි ඉතින් මගේ උපසිරැසි 100 පහුවෙලා දැන් ටිකක් කල් වෙනවා, මේ මගේ 103වෙනි උපසිරැසිය, 2013 සැප්තැම්බර් වලින් තමයි මගේ උපසිරැසිකරණය ආරම්භ කරන්නෙ, 2014 මාර්තු වල පනස්වෙනි උපසිරැසිය ලබාදුන්නෙ, ඉතින් පළවෙනි උපසිරැසි පනහට මාස හයක් වගේ කාළයක් ගතවුනත්, දෙවෙනි උපසිරැසි පනහ ලබාගන්න වැයවුනේ මාස තුනක් වගේ කාළයක්, ඉතින් මේ උපසිරැසි 100ට ගතවෙලා තියෙන්නෙ මාස නමයක් වගේ කාළයක්, ඉතින් ඒ වගේ කාළයකින් මට උපසිරැසි සියක් ලබාගන්න පුලුවන්කම ලැබුනෙ සූම් අඩවියත් එක්ක ඉන්න හැමකෙනෙකුගෙම සහයෝගය නිසයි, ඉතින් මම මුලින්ම කැමතියි තිරය පිටිපස්සට වෙලා සූම් එක වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙන අපේ HEDZ සහෝදරයව මතක් කරන්න, ඉතින් මට මේ දක්වා උපසිරැසිකරණයෙදි කියන්න බැරි තරම් සහයක් ඔහු ලබාදුන්නා ඉතින් මේ වෙලාවෙ මම කැමතියි අපේ සහෝදර උපසිරැසිකරුවන් හැමදෙනාම වගේම සූම් එකත් එක්ක රැදිල ඉන්න ඔය හැම කෙනෙක්වම මතක් කරන්න, වෙන් වෙන් විදියට නම් කියන්න බෑ මොකද මේකෙ ඉන්න හැමෝම වගේ මගේ හොද යාලුවො, ඒවගේම කියන්න ඕනෙ මගේ මේ උපසිරැසි 100 ඇතුලෙ වැඩියෙන්ම තියෙන්නෙ රූපවාහිණී කතාමාලා කොටස්, මාව මුලින්ම රූපවාහිණි කතාමාලා වෙනුවෙන් සම්බන්ධ කරගත්තෙ අපේ ඩිලාන්, ඉතින් ඒ විදියට රූපවාහිනී කතාමාලා විශාල ගණනකට සහය දෙන්න අවස්ථාව ලැබුනා, එවගේම කියන්න ඕනෙ මට තියෙන්නෙ සාමාන්‍ය මට්ටමේ ඉංග්‍රීසි දැනුමක්, හැබැයි උපසිරැසිකරණයෙන් මට ඒක යම් මට්ටමකට වැඩි කරගන්න අවස්ථාවක් ලැබුනා, ඒවගේ අමාරුවෙ වැටුන වෙලාවට මට උදවු කරන ඉසුරුටත් නවීන් අයියටත් ගොඩක් ස්තුතියි, ඒවගේම ඉගනීමේ වැඩත් එක්ක මට ඉදිරියටනම් කලින් වගේ උපසිරැසි වෙන්න දායක වෙන්න අවස්තාවක් ලැබෙන එකක් නෑ, හැබැයි දිගටම සූම් එකත් එක්කම ඉන්නවා, ඉතින් මම ආපහු වතාවක් සූම් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන්ව මතක් කරන්න කැමතියි, මොකද කමෙන්ට් වෙනුවෙන් මරාගන්න කාලයක, අපේ අය හැමෝමටම ආදර්ශයක්, එහෙනම් ඉතින් කියෙව්වා ඇති, ෆිල්ම් එක දිහාට හැරෙමු,


මෙහි රංගනය වෙනුවෙන් Johnny Depp, Rebecca Hall, Morgan Freeman, Kate Mara වගේ නළු නිළියන් රැසක් දායක වෙලා තියෙනවා, මෙහි අධ්‍යක්ශකවරයා වෙන්නෙ, Inception (2010) , Dark Night Rices වගේ සුපිරි ඝනයේ නිර්මාණ බිහි කරපු Wally Pfister, ඉතින් ෆිල්ම් ඒකෙ නලුවා දැක්කම ෆිල්ම් එක ගැන ආයෙ විස්තරයක් කරන්න ඕනෙ වෙන එකක් නෑ කියලා හිතනවා, මේකෙ කතාව ගැන කියනවනම් විල් කාස්ටර් (Johhy Depp) කියන්නෙ කෘතිම බුද්ධිය ගැන පර්යේශන පවත්වන්න ලෝකෙ ඉන්න ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක්, ඉතින් මෙයාට හැකියාව ලැබෙනවා වදුරෙකුගෙ මොළය උපයෝගි කරගෙන ස්වයං විදියට හිතන්න පුලුවන් කෘතිම බුද්ධියක් හදන්න, මේකෙ නම තමයි ෆින්, හැබැයි ඉතින් මේ වැඩවලට බාධා කරන්න හදන පිරිසකුත් ඉන්නවා, ඒ අය හිතන්නෙ මේ සොයාගැනීම් වලින් මිනිස් සංහතියට විනාශයක් ගෙනදෙයි කියලා, ඉතින් මේ සොයාගැනීම් නිසාම විල් කාස්ටර්ට දරුණු දේකට මුහුණ දෙන්න සිද්ද වෙනවා, ඉතින් ඒ දරුණු දේ සිද්ද වෙනවත් එක්කාම් තමයි කතාව ආරම්භ වෙන්නෙ, ඉතින් මීට වඩා මම චිත්‍රපටය ගැන විස්තර කරන්නෙ නෑ, ඒක ඔයාලාගෙ රසවින්දනය බාධාවක් වෙන නිසා, ඒවගේම කියන්න ඕනෙ, කරන්න තියෙන හැම පහත් වැඩක්ම කරලා අපි කාත් එක්කවත් තරහක්, තරඟයක් නෑ කියල කියන්න තරම් පහත් තත්වයකට අපිනම් තවම වැටිලා නෑ, හැමෝම දන්නවා කාටද කාත් එක්කවත් තරහක් තරඟයක් නැත්තෙ කියලා, එහෙනම් ඉතින් දිගටම සූම් එකත් එක්ක රැදිල ඉන්න කියන ඉල්ලීමත් එක්ක ගිහින් එන්නම් ජයවේවා! ඒවගේම මාව මුහුණු පොත හරහා පහත ලිංකුවෙන් සම්බන්ද කරගන්න පුලුවන්!


"මිනිසුන්ට නොතේරෙන දේවල් පිළිබදව ඔවුන් බිය වේ"








No comments

Powered by Blogger.