Anjaan 2014 සිංහල උපසිරැසි සමඟින්!









ලාංකීය කොලිවුඩ් ප්‍රේක්ෂක ජනතාව සූම් සමඟ එක්රොක් කරගැනීමේ තවත් කඩයිමක් පසු කරන්න තමයි මේ සූදානම් වෙන්නෙ. චිත්‍රපටයේ නම ඇසූ ගමන් දැන් හැමෝම දන්නවා මොන කඩයිමද මේ පසු කරන්න යන්නේ කියලා. ඉන්දීය සිනමාව ජාත්‍යන්තර තලයට ඔසවාගෙන ගියපු UTV විසින් නිශ්පාදිත අන්ජානා කොලිවුඩ් සිනමා පටය තමයි මේ දෙන්නට සූදානම් වෙන්නේ.

මේ පාර සූරියා දෙබිඩි චරිතයකට තමයි මුහුණ දෙන්නේ. ඔහු චිත්‍රපටයේ වැඩිමහල් සහෝදරයාගෙ චරතය වන ක්‍රිෂ්නා හා ක්‍රිෂ්නාගේ සහෝදරයා වන රාජු යන චරිත දෙකටම රඟ පානවා. හැමදාම වගේ මේපාරත් කොලිවුඩ් වල පාතාල ලෝකයේ මැර සීන් එහෙම ඔබට දැක බලාගන්න පුළුවන්. සිනමා පටය ආරම්භ වන්නේ ක්‍රිෂ්නාගේ විවාහයෙන්. ටික කාලයක් යනකොට ක්‍රිෂ්නාගෙ සහෝදරයා රාජු පාතාල ලෝකයට යොමුවෙන්න පටං ගන්නවා. ඒ ඔහුගේ යාළුවෙක් නිසා. කෙමේන් කෙමෙන් කාලය යනකොට මොවුන් දෙදෙනා පාතාල ලොකයේ වැජබෙන්න පටං ගන්නවා. එමෙන්ම ඔවුන්ට සිටින සතුරන් පිරිසද වැඩි වන්නට පටං ගන්නවා. මේත් සමඟම නව පොලිස් කොමිෂනර් වරයා රජුගේ කල්ලියේ කිහිප දෙනෙක් මරනවා. එනිසා රාජු කරන්නේ පොලිස් කොමිෂනර් ගේ දුවව උස්සන එක. ඉස්සුවා වගේ නෙවෙයි දැන් තමයි සිරා කතාව පටං ගන්නෙ. ඇත්තටම කිව්වොත් මුන් දෙන්නා ලව් කරන්නත් පටං ගන්නවා..ඉතුරුටික කියන්නෙ නෑ. ඔයාලා බලලාම රස විඳින්න

අන්ජානා චිත්‍රපටයද හැමදාම වගේ ක්‍රියාදාම හා ත්‍රාස ගනයට වැටෙනවා. මේපාරත් කැති පොලු එහෙම දැක ගන්න පුළුවන් වෙයි. එමෙන්ම කොලිවූඩය හොල්ලපු අධ්‍යක්ෂක වරයෙක් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඔහු නමින් N. Lingusamy.දැනටම ඔයාලා මෙහි ප්‍රධාන නළුවෙක් දන්නවා. ඒක නිසා නෙක් ප්‍රධාන නළු නිළි පිරිස ගැන සඳහනක් කරන්නම්. පොලිස් කොමිෂණර්ගෙ දුවගෙ චරිතයට පන පොවලා තියෙන්නේ සිනමා සම්මාන ලාභී නිලි Samantha Ruth Prabhu විසින්. රාජුගෙ පාතාල යාළුවා විදිහට පන පොවලා තියෙන්නේ Vidyut Jamwal විසින්. මේ චිත්‍රපටයේ කිසිම ඉංග්‍රීසි උපසිරැසියක් හෝ ටයිම් ලයින් තියෙන වෙන භාෂාවක උපසිරැසියක් වත් අන්තර් ජාලයේ නොමැති අවස්ථාවක, සූම් අපි ඒ වගකීම භාරගෙන දමිල සිනමා ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් විශාල වෙහෙසක් මහන්සියක් දරලා තමයි උපසිරැසිය නිර්මාණය කලේ. ඒ ප්‍රෙක්ෂක ඔබට අපි කවදත් ආදරේ නිසයි. ඉතිං කැමති නම් ඔබේ අදහස් කමෙන්ටුවක් මගින් දාලා යන්නත් කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.