Love Breakups Zindagi (2011) සිංහල උපසිරැසි සමඟින්

               

ආදරය වෙන්වීම ජීවිතය.. ඔය කාරණා තුන අපිට ජිවිතයේ අත්දකින්න වෙනවා කිව්වොත් මම වැරැදි නැහැ. අපි සමහර වෙලාවට ආදරය කරන අය හම්බවෙනවා එත් නොහිතු වෙලාවක වෙන් වෙලා යනවා. හැබැයි ඇත්තටම ආදරය කරපු කෙනෙක්ට ඒ වගේ වෙන්විමක් වෙන්න තැනට කටයුතු කරන්න පුලුවන්ද කියලා නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එහෙම ආදරය කරලා වෙන් වෙලා යන කෙනෙක් නම් ඉන්නේ ඒ කෙනා නැති වෙන එකම ඔබට හොදයි. මොකද අර කතාවක් තියෙනවා නේ වෙන්වෙන්න හේතු 1000ක් තියෙනවා නම් සැබැ ආදරවන්තයා හෝ ආදරවන්තිය වෙන් නොවෙන්න තියන එක හේතුව ගැනයි හිතන්නේ කියලා. ඉතින් වෙන් වෙන්න 1000ක් හේතු කියලා යන අයට යන්නම දෙන්න. මේ චිත්‍රපටිය බැලුවාමත් මට හිතුනේ එක දෙයක් පෙම්වතෙක් හෝ පෙම්වතියක් අවුරුදු ගානක් ආශ්‍රය කරපු කෙනාගේ වැරැදි පෙන්න ගන්නේ නැත්නම් ඒ කෙනා හොද නැහැ කියලා හිතෙන්නේ තමන්ගේ ජිවිතේට වෙන කෙනෙක් ආවම තමයි. එතකොට අර පරණ හිටිය කෙනා හරි නැහැ. එයාගේ එක එක නරකවල පෙන්න ගන්නවා. මම හිතන්නේ ඔයාලත් මේ කතාවට එකඟවේවි. මම මේ දේවල් කියන්නේ මේ චිත්‍රපටියට පාධක වෙන්නේ කිපදෙනෙක්ගේ ආදර කතාවන්. සමහර ආදර කතාවන් තුන්කොන් ආදර කතා.. ඉතින් මම මේ ආදර කතා ගැන කියනවාට වඩා ඔයාලා මේ චිත්‍රපටිය බැලුවොත් හොද වේවි. හැබැයි මම පොඩ්ඩක් කියන්නම් කතාව ගැන


ජයේ හා ගෝවින්ද් කියන්නේ අතිජාත මිත්‍රයින් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාට තමන්ගේ යාළුවා අර්ජුන්ගේ විවාහයට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. ඉතින් මේ දෙන්නා යනවා. මේ ගමනේදි අර්ජුන් කසාද බදින ගයත්‍රි ගේ හොදම යාළුවා නේනාත් එනවා. කොහොම හරි කසාදේ වෙන්න දවස් දෙක තුනක් තියලාම මේ අය අර්ජුන්ගේ ගෙදරට එනවා. උත්සවයට ලැස්ති වෙන්නත් ඕන නිසා. කොහොමින් කොහොම හරි ජයේ හා නේනා අතර ආදරයක් හට ගන්නවා මේ දවස් ටිකට. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා ජයේට පෙම්වතියක් ඉන්නවා. ඒ වගේම නේනාට පෙම්වතෙක් ඉන්නවා ඒ විතරක් නෙමෙයි නේනාගේ පෙම්වතා ඇයව කසාද බදින්න ලැස්තිවෙලා දිනත් ලැස්තිකරන් ඉන්නේ. දැන් ඉතින් කතාවේ වෙන්න තියන එවා කියන්න උවමනා නැහැනේ. අරගෙනම බලන්නකෝ මේ ආදර කතාවලට මොකාද වෙන්නේ කියලා. මේ චිත්‍රපටිය 2011 නිර්මාණයක් නිසා අපි කාලේකින් දැක්ක නැති චරිත ගොඩක්ම ඉන්නවා. බැනර් එකෙන්ම දකින්න ඇති නේ. තව කාරණාවක් තියනවා මේ චිත්‍රපටියේ ප්‍රසිද්ධ චරිත දෙකක්ම ආරාධිත රංඟනයෙන් දායක වෙලා තියෙනවා. විනාඩි කිහිපයකට. කවුද කියලා චිත්‍රපටිය බලලාම දැනගන්නකෝ. එහෙනම් ලයින් 2300ක් විතර තියන මේ චිත්‍රපටිය මහන්සිවෙලා දැම්මේ බලන්න වටින චිත්‍රපටියක් කියලා හිතුනම නිසයි.එහෙනම් මේ චිත්‍රපටිය රසවිදින්න තව චිත්‍රපටි කිහිපයකින් ලඟදිම හමුවෙමු.




            සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.