How To Train Your Dragon 2 (2014) සිංහල උපසිරැසි සමඟින්


දිගු අතීතයක් තියෙන ඇනිමේ‍ෂමක් තමයි අපේ කොල්ලන්ට කෙල්ලන්ට මේ දෙන්න යන්නේ...මේ නමින්ම 2010 වසරේ මාර්තු මස මෙහි මුල්ම සිනමා නිර්මානය එළිදැක්වුවා (How to Train Your Dragon (2010) )...ඇත්තටම අද වගේම එදාත් සුපිරි ත්‍රිමාණ සජ‍්වී කරණ අත්දැකීමකට අප මුහුණ දුන්නා...ඔන්න ඉතිං අදත් එදා වගේම ත්‍රිමාණ ලෝකයේ සැරි සරන්න තමයි ඔබ අප හැමදෙනාම සූදානම් වෙලා ඉන්නේ....ලොව සෑම ආගමකම පොදු වදනක් තියෙනවා...ඒ තමයි සියලුම දෙනාට ආදරය කරන්න, ප්‍රෙම කරන්න කියන වදන....සතෙක්ට වුනත් ආදරෙන් කතාකරනකොට ඔවුන් කොතරම් හික්මෙනවාද නේද....ඉතිං මකරෙකුට වුනත් ආදරෙන් සලකනකොට ඔවුන් කොතරම් හික්මෙනවාද කියන එක මෙහි පළවෙනි කතාවෙන් ඔබ දැනගෙන අවසන්....හැබැයි වාරියපොල අක්කා සෙල්වාට ගැහුවා වගේ ආදරේ ගැන නොදන්න අයත් මේ චිත්‍රපටියේ ඉන්නවා....එහෙම කෙනෙක් අපේ හික්මුණු මකරු නොහික්මවන්න ගන්නවා....


අපේ හිකප් කොල්ලා තමයි මෙදාපාරත් පොර වෙන්නෙ චිත්‍රපටයේ.... දන්නැද්ද ඉතිං අර පොඩි කෙල්ලට වැඩ දාන්න මකරුත් එක්ක විකාර කරන එකමයි උගෙ වැඩේ... හැම චිත්‍රපටයකම වාගෙ මේකෙත් දුෂ්ටයෙක් ඉන්නවා... ඉතිං එයා හදන්නේ මකරු පිටින් දාගෙන මනුෂ්‍යන් අතරේ මහ රජ වෙන්න...ඉතිං කවුරුත් දන්නවානේ කොච්චර දැඟළුවත් චිත්‍රපයේ හොඳ එකා තමයි යුද්ධය දිනන්නෙ කියලා...මේකෙත් එහෙම එකක් වෙනවා...හැබැයි මතකයට ගන්න ඕන කාරණා කිහිපයක් තිබෙනවා...ඒ තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සදාකල් මියැදෙනවා...ඒ වගේම තවත් ප්‍රධාන චරිතයක් සදාකල් උපදවනවා...ඒක මුළු චිත්‍රපටයටම වැදගත්... අනිත් එක මම නම් බලන්නේ චිත්‍රපටයේ අනිමේෂන් කරපුවා තමයි...අනෙක බොරු මොඩල් කරපු කෙල්ලො වුනත් හරි ලස්සනයි අප්පා...හිකප්ගෙ කෑල්ලත් හරි ලත්තනේ බෑ.....මමත් ඔය
වගේම කෙල්ලෙක් ත්‍රීඩී වලින් මොඩල් කරගෙන ඉන්න ඕන...මමත් සිංගල්නේ :v

හරි හරි හිනාවෙන්න ඕනෙ නෑ, මමත් දවසක හිකප් වගේ වීර චරිතයක් වෙයි..අන්න එදාට උඹලට මට හිනාවුනාට අඩන්න වෙයි ...දැන් කතාවෙ ඉතුරුටික....ඔයාලා දන්නවනෙ සුපිරි ඇනිමේෂන් නිෂ්පාදනය කරන්නෙ DreamWorks Animation අයියලා බව...මේකත් ඒ සුපිරි වැඩ්න්ගෙ වැඩක් තමයි...අනෙක බෙදාහැරලා තියෙන්නේ 20th Century Fox මාමිලා විසින්..මේ කතාව ඇතුලත් වෙන්නේ පරිගණක ගත ඇනිමේෂමක් ලෙසින්....තේරෙන විදිහට කිව්වොත් මෝෂන් කැප්චර් ක්‍රමය භාවිතා නොකර වෙනත් පරිගණක මෘදුකාංග භාවිතා කරලා තමයි චිත්‍රපටය නිපදවලා තියෙන්නේ...ඒවා තමයි ලෝකවේ විවිධ සම්මාන වලට පාත්‍ර වෙන්නේ...මෝෂන් කැප්චර් ක්‍රමය භාවිතා කරන ත්‍රිමාන සිනමා සිත්තම් බොහෝදුරට සම්මානයන්ට පාත්‍රවන්නේ නෑ....කතාවේ හිකප්ගෙ චරිතයට පණපොවලා තියෙන්නේ අපි කවුරුත් දන්න හාස්‍ය චිත්‍රපට නළු Jay Baruchel විසින්..හිකප්ගෙ කෑල්ලට (හම්මේ ඉතිං) පණපොවලා තියෙන්නේ America Ferrera කියන නිළියයි..තව කිව්වොත් හිකප්ගෙ තාත්තාට පණපොවලා තියෙන්නේ 300 වගේ චිත්‍රපට වලට රඟපෑ සුපිරි නළු Gerard Butler විසිනුයි...මෙහි IMDb Ratings ගත්තාහ ඇදහිය නොහැකි 8.3 සුපිරි අගයක් හිමිවෙලා තිබෙනවා....එක අතකට හරි මේ වගේ සුපිරි එකක් කොහොම පහලට දාන්නද නේද..ඉතිං එහෙනම් මාගේ කතාව අවසානයි බලාසිටි ඔබ සැමට ස්තුතියි..

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා...මේක මගේ කීමට (මම චම්පික ඈ) සුපුනුත් එකතුවුනා උපසිරැසිය දෙන්න...ඒ අතරේ නුවන් හා නවීන් මගෙ බොක්කත් එකතුවුනා ඉතිං ඒක නිසා සුම් අපේ ෆැන්ස්ලාට විවිධ රසඥතා තියෙන කණ්ඩායමක් ඔස්සේ තමයි අද උපසිරැසිය ලැබෙන්නේ..බල බල ඉන්න එපා හිකප් වගේ අපේ කොල්ලො සෙට් එකයි හිකප්ගෙ කෑල්ල වගේ (හම්මේ ඉතිං) කෙල්ලො සෙට් එකටි අපි දුන්නු සබ් එක බාගෙන සතුටින් රස විඳින්න කියලා ඉල්ලා සිටිනවා..එහෙනම් මම ගියා....


No comments

Powered by Blogger.