Cold In July (2014) සිංහල උපසිරැසි සමඟින්!








IMDb දර්ශකයේ 7.1 සුපිරි ප්‍රතිචාරයක් ලබාගත් අපරාධ හා ත්‍රාස්‍ය ජනක කතාවක් තමයි මේ දෙන්න යන්නේ. බොහෝ සමාජීය ගැටලුවක් යටින් දෝලනය කරවන, යම් පණිවුඩයක් ප්‍රේක්ෂක ජනතාවට ලබාදෙන කතාවක් තමයි මේක. ඔයාගෙ පවුලෙ කෙනෙක් තවත් කිසියම් හොර මංකොල්ල පිරිසකට හසුවෙලා ඔවුන්ට තියෙන බිය නිසා ඔහු අපරාධ කරනවා නම්, ඔහු හොරෙක්ද? අසරණයෙක්ද?. මට නම් කියන්න තියෙන්නේ ඔහු අසරණ හොරෙක් කියලා. ලාංකිය සමාජයෙත් මෙවැනි සිද්ධීන් අනන්තවත් දක්නට ලැබෙනවා. තමාගෙ යම් කිසි වැරැද්දක් පොලිසියට ලබාදෙන බව පවසමින් හොර මැරකම් කරගන්නා පිරිස් ලාංකිය සමාජයේද බහුලව සැරිසරනවා.

කතාව පටං ගන්නෙම ඒ අදාල සොර කල්ලියට හසුවූ අපරාධකාරයා නිවසක පුද්ගලයෙකුගෙන් වෙඩි පහරක් කන දසුනකින්. පසුව වෙඩි තබන පුද්ගලයා පිටුපස අදාල මරණට පත්වූ සොරා එහෙමත් නැත්නම් සැකකරුගේ පියා හඹා එනවා. ඇත්තටම පියා වැදගත් පුද්ගලයෙක්. ඇමරිකාවෙ නම් බොහෝ දුරට කව්බෝයි කියන අය නිතර දෙවේලෙ තුවක්කු භාවිතාකරනවා. මෙතනත් සිදුවුනේ කව්බෝයි කෙනෙකුගෙන් අදාල සොරාට වෙඩි කන්න වුන එක. ඉතිං ඒක නිසා ඔහු නීතිය ඉදිරියේ වැරදි කාරයෙකු වන්නෙ නෑ. එහෙත් මරණයට පත්වූ අපරාධ කාරයාගෙ පියා ඔහු පසුපස හඹා එනවා. හැබැයි කතාවේ යන්නට බොහෝ දුර තිබෙනවා. ඒ කිව්වේ මම පැවසූ මේ සිද්ධි දාමයට ඇතිවන්නේ චිත්‍රපටයේ බොහොම සුළු කාල වේලාවක් තුල. සාමාන්‍යෙයෙන් සිනමාපටයක ප්‍රධාන නළුවා වේලාසන මරණය පත්කරන්නෙ නෑනේ. එසේ නම් අපරාධ කාරයාගේ පියා, පුතාගේ ඝාතකයාට කුමක් සිදුකරයිද? එහෙනම් බලලාම දැනගන්නකෝ.

Stake Land (2010) හා We Are What We Are (2013) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කල Jim Mickle විසින්ම තමයි මේ අපූරු සිනමාවද අධ්‍යක්ෂණය වී තිබෙන්නේ. BSM Studio විසින් නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය තවත් ලෝකයේ ගුණාත්මක බවයෙන් ඉහළ සිනමා කෘතීන් අතරට පත්වී ඇති බව කියන්නට ඕන. Dexter (2006), Gamer (2009) හා Paycheck (2003) වැනි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රඟ පෑ Michael C. Hall විසින්ම තමයි මේ චිත්‍රපටයෙත් ප්‍රධාන චරිතය හොබවන්නේ. ඒ වගෙම Black Hawk Down (2001) හා Mud (2012) වැනි චිත්‍රපට වල රඟ පෑ Sam Shepard ද, Django Unchained (2012) හා The Other Woman (2014) වැනි චිත්‍රපට වල රංගනයෙන් දායකත්වය සැපයූ Don Johnson ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත හෙබවීමට විශාල දායකත්වයක් සපයා තිබෙනවා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ZOOM ARISING TEAM විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.