Lone Survivor (2013) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න එහෙනම් තවත් සුපිරි ගණයේ ෆිල්ම් එකකට උපසිරැසිය අරගෙන ආවා. අපේ HEDZ මේක ගැන මට කිව්වේ හුඟ කාලෙකට කලින්. ඉතින් ඉඩක් ලැබුණු හැටියෙම වැඩේට බැස්සා. මේකට 7.7ක IMDB අගයක් ලැබිලා තියෙනවා. සුපිරි නළුවන් සෙට් එකක් තමයි ඉන්නේ. Prisoners (2013) Max Payne(2008) Pain and Gain(2013) වගේ චිත්‍රපට වලට රංගනයෙන් දායක වන Mark Wahlberg තමයි මෙහි ප්‍රධාන නළුවා. තව John Carter(2012) Battleship(2012) වැනි චිත්‍රපට වලට රංගනයෙන් දායක වන Taylor Kitsch ද මෙහි රඟපානවා. ඉතින් ෆිල්ම් එක නම් සුපිරිම Action ගණයේ එකක්. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් පදනම් වූ ෆිල්ම් එක්ක කියලත් කියන්න ඕනේ. ඉතින් ඔය හමුදාවෙදී කොල්ලන්ට දෙන රැග් එහෙමත් හොඳට බලාගන්න පුළුවන් වේවි.

අහමඩ් ෂා මරන මෙහෙයුමට සිව් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යනවා. ඉතින් අහමඩ් ෂා ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා එහේ විවේක ගන්න අතරතුරේ එළුවන් ඇලක් දක්කාගෙන එන මිනිසුන් වගයක් මෙයාලව දකිනවා. ඉතින් ගොඩක් තර්ක කරලා වාද කරලා අන්තිමේදී මෙයාලව නිදහස් කරන්න තමයි තීරණය කරන්නේ. වැරදි තීරණයක්. මේ හතර දෙනාව සෙබළු විශාල සංඛ්‍යාවකගේ ප්‍රහාරයට ලක්වෙනවා. අන්තිමේදී මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගන්නේ එක්කෙනයි. එයාලට එම ගම් ප්‍රදේශයේ කෙනෙක්ගේ ආරක්ෂාව යටතේ පැනගන්න පුළුවන් වෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.




No comments

Powered by Blogger.