Nee Enge En Anbe (2014) සිංහල උපසිරැසි සමඟින්!




බොහෝ විට දමිළ තෙලෙගු නිර්මාණ හින්දි චිත්‍රපටිවලට ප්‍රතිනිර්මාණ වෙනවා අපිට දකින්න පුලුවන්. නමුත් හින්දි චිත්‍රපටි දමිළ තෙලෙගු වලට ප්‍රති නිර්මාණය වෙන්නේ බොහොම අල්ප වශයෙන්. එයට හේතුවක් තියෙනවා මොකද දමිළ චිත්‍රපටි වලට වඩා ලොව පුරාම හින්දි චිත්‍රපටි ජනප්‍රිය වන නිසා. දමිළ තෙලෙගු චිත්‍රපටි ඇතැම් අය බලන්නේ නැහැ ඉතින් එවැනි එකක් හින්දියට ප්‍රතිනිර්මාණය උනාම බලන පිරිස වැඩියි.ඉතින් හමෝම බලන හින්දි චිත්‍රපටියක් දමිළ චිත්‍රපටියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරිම අභියෝගයක්. එවැනි අභියෝගයක් සාර්ථකව ජයගත්ත චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේ චිත්‍රපටිවේ නම අනාමිකා.අපි කවුරුත් දන්න කහානි හින්දි චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. හැබැයි මේක හින්දි චිත්‍රපටියට වඩා 50%ක් පමණම කතාව වෙනස්.අවසානය වෙනස්...හින්දි කතාව මම විස්තර කරන්න යන්නේ නැහැ එකේ වෙන සිදුවිම් හා මෙහි අවසාන සිදුවිම් වෙනස්..ඒ නිසයි අංකන දත්ත පිටපතක් නිර්මාණය කරලා මේ විදියට ඔයාලට ගෙන්න හිතුවේ. හැමදාම වගේ අංකන දත්ත පිටපත නිර්මාණය කරපු කෙවීන් සීඩි හවුස් ආයතනයට බොහෝම ස්තුති වන්ත වෙනවා.ඔවුන් නිසා තමයි අපිටත් මේ විදියට ඔයාලට චිත්‍රපටි දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ...මේ චිත්‍රපටියේ හින්දියෙන් හා තෙලෙගු භාෂාවෙන් කතා කරන එවාගේ ලයින් මම හදලා හින්දි එවා සවන් දෙමින් පරිවර්තනය කලා.බලන්නකෝ අපේ ව්‍යායාමය හොදද කියලා.

තව කාරණාවක් කියලා තියනවා. මේ දේවල් කිව්වා කියලා ඇති වැඩක් නොවෙන බව අපි දන්නවා. දමිළ අලුත් චිත්‍රපටි රැසක් එක පිට එක අපි නිකුත් කල බව ඔබ දන්නවා. ඒ අපිට විඩියෝ ශ්‍රිලංකා හා කෙවින් සීඩි හවුස් වැනි ආයතන වලින් ලැබෙන සහායත් එක්ක. මොකද ගොඩක් දමිළ චිත්‍රපටිවල ඉංග්‍රිසි සබ් එකක් හො කිසිම භාෂාවක අංකන දත්ත පිටපතක් අන්තර්ජාලයට එන්නේ නැහැ.ඉතින් යම් පිරිසක් විසින් අපගේ අංකන දත්ත පිටපත සහාමුලින්ම හොරකම් කර පල කරන අවස්ථා අපි දැක තිබෙනවා.අඩුම ගානේ එහෙම කලාම ඒ ගැන ඔවුන් පසුතැවෙන්නේ වත් නැහැ.අංකන දත්ත පිටපතක මිලිතත්පර වෙනස් කලා කියලා අපිට අපේ උපසිරැසිය අදුනගන්න බැරි තරම් අපි මෝඩනැති බව මතක් කරන්න ඕන. මේවා අපේ අතින් හැදෙද්දි අපි දන්නවා අපි කරපු වෙනස් කම්. අද හෙට මේ චිත්‍රපටියත් අන්තර්ජාලයේ වෙනත් කෙනෙක් අංකන දත්ත පිටපත හැදුවා කියලා දාලා තිබුනොත් අපි පුදුම වෙන්නේ නැහැ.දමිළ චිත්‍රපටිවල පිටපත් දෙක තුනක් එනවා. අපි දෙන පිටපතට නැතුව වෙනත් පිටපතකට එහෙම අලුතින් හදනවා නම් සබ් හදන්න පුලුවන්.එත් එහෙම නැහැ.අපි දෙන පිටපතම අපි දෙන සබ් එකම කොපි කරලා පේලියක් දෙක්ක වෙනස් කරලා දෙනවා.මොකද සල්ලි වලට බල්ලෝ බලල්ලු උනත් මරණ මිනිස්සු ඉන්න කොට අංක 1 වෙලා ප්‍රසිද්ධ වෙන්න මේ වගේ දෙයක් කරන අය ඉන්න එක අහන්න දෙයක් නෙමෙයිනේ. අපි හැමදාම හිතන්නේ අපිට හැමදාම චිත්‍රපටි ගොඩක් දෙන්න බැරි වෙන්න පුලුවන්. එත් ගොඩ වැඩිකරගන්න සුම් ටිමි එක කවදාවත් ඔයාලට සබ් දෙන්න බැරි උනත් තව කෙනෙක් ගේ මහන්සිය හොරකම් කරලා අපේ කියලා පෙන්වන්නේ නැහැ.මොකද අපිට අපේ හෘදසාක්ෂියට ගරුකරන නිසා.අපි හැමෝම කරන්නේ එක්තරා විදියක සේවාවක්.ඉතින් අපි හැමෝම ඒකට ගරුකරලා ඉන්න ඉගෙන ගන්න පුලුවන් නම්. වඩාත් හොද වේවි.

ආපහු කතාවට එමු. රුපියල් කෝටි 8ක් විදයම් කරලා මේ හදපු චිත්‍රපටිය බොක්ස් ඔෆිස් වාර්තා වල කෝටි 30ක් උපයන්න සමත් උනා. ඒ චිත්‍රපටිය හදපු මුදල මෙන් තුන්ගුණයකටත් වැඩියි.ඉතින් චිත්‍රපටිව නරක වෙන්න හේතුවෙක් නැහැනේ. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය අපි කවුරුත් දන්න Nayantara විසින් සිදුකරනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පීපල්ස් ප්ලාසා හී සරුංගල් සැනකෙලියක් තියෙනවා. මේ අතර බොම්බ පිපිරිමක් සිද්ද වෙනවා. එයින් 400 දෙනෙක් ගේ ජිවිත අහිමි වෙනවා. කොහොම හරි මාස 8ක් ගෙවිලා යනවා. අනාමිකා නැමැති තරුණියක් පිටරටක ඉදන් හයිද්‍රාබාද් වෙතට පැමිණෙනවා. ඇය පොලිසියේ පැමිණිල්ලක් කරනවා තමන්ගේ සැමියා දැන් දින කිහිපයකට කලින් හයිද්‍රාබාද් ආවා. දැන් ඔහු අතුරුදහන් කියලා. කෙහේ හෝ අනාමිකාගේ සැමියා ගැන විස්තර හොයන්න යන කිපදෙනෙක්ටම වෙන්නේ මරණය වැලදගන්න. ඒ එක්කම පොලිසියට දැනගන්න ලැබෙනවා අනාමිකාගේ සැමියා ත්‍රාස්තවාදියෙක් බවටත්. නමුත් අනාමිකා මෙය ප්‍රතික්ෂේප කරනවා. ඇය දිගටම තමන්ගේ සැමියාව හොයාගන්න උත්සහා කරනවා.ඇයට පොලිසියේ සාරතී නැමැති පොලිස් නිලධාරියෙකුත් උදව් කරනවා...මෙතැනින් එහාට කතාව බලන්නකෝ...හින්දි එකට වඩා වෙනස්ම අවසානයක් ඔයාලාට දකින්න පුලුවන් වේවි....කතාව ඉවර කරන්න කලින් අනාමිකාම කියපු දෙකින් සමුගන්නම්...

හැම ගැණු ළමයෙක්ම පිටු 1000ක පොතක් වගේ තේරුම් ගන්න පිටු 1000ක් තියෙනවා.එක පිටුවක් දෙකක් කියෙව්වා කියලා ඔයාට එයා ගැන 0.1%ක තේරුම් ගන්න පුලුවන් වේවි. හැබැයි එයා ගැන හරියටම තේරුම් ගන්න ඔයාට මේ ආත්මයම මදි වේවි.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.