Ocean's Thirteen (2007) සිංහල උපසිරැසි සමඟින්










මෙන්න එහෙනම් Oceans 11 හා 12ට පසුව ආ අවසන් චිත්‍රපටියත් අරන් ආවා. හිතෙන විදියට මේක තමයි මේ චිත්‍රපටිමාලාවේ අවසන් චිත්‍රපටිය. හැබැයි ඉතින් තවත් එකක් එන්න බැරි කමකුත් නැහැ.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂක කරන්නේ Steven Soderbergh විසින් ඒ වගේම මේ චිත්‍රපටියේ රඟපාන නළුවෝ ටික දිහා බැලුවොත් ඒ අය වෙන්නේ මේ අයයි George Clooney, Brad Pitt, Matt Damon, Al Pacino, Ellen Barkin, Vincent Cassel, Andy Garcia, Bernie Mac, Elliott Gould, Michael Mantell, Eddie Jemison, Casey Affleck හා Don Cheadle. හරියටම ප්‍රධාන චරිත 13ක් තියනවා. ඉතින් ඒකමයි මේක 13කියලා නම වැටිලාත් තියෙන්නේ. පලමු දෙවැනි චිත්‍රපටි බැලුවා නම් අපේ හොරු කට්ටියගේ වැඩ පෙන්න ඇති.

මේ පාරත් පලමු චිත්‍රපටියේ මෙන්ම කැසිනෝ වැඩක් තමයි දෙන්න හදන්නේ.කට්ටියම ලාස්වේගාස් නුවරට එනවා ඒ දේ නිසා Reuben ලාස් වේගාස් වල විශාල හෝටලයක් ඉදිකරනවා. ඒ Willy Bank එක්ක එකතුවෙලා. විලිබැන්ක් කවුද කියලා කට්ටිය දන්නවානේ. කොහොම හරි විලි විසින් රූබන්ට කෝකා පෙන්නලා මේ හෝටලේම තමන්ගේ නමට ලියාගන්නවා.මේක දරාගන්න බැරුව රූබන් අසනිපවෙනවා.මොකද මිලියන ගානක් යට කරලා හැදුව දේ තමන්ගේ සහායකයාම වංචාකරා කියලා දැනගත්ත නිසා.කොහොම හරි මේ නිසා විලි බැන්ක්ව මංකොල්ලකන්න අපේ කතානායකයෝ ටික සෙට්වෙනවා. විලි එක්ක කට්ටියගේ කොහොමත් පරණ තරහාක් එහෙමත් තියෙනවා නේ.දැන් ඉතින් මොනා වෙයිද කියලා චිත්‍රපටිය අරන් බලන්න තමයි තියෙන්නේ. චිත්‍රපටියේ ත්‍රාසය කුතුහලය මෙන්ම කොමඩිත් තියනවා කියලා කියන්න ඕන. එහෙනම් හැමෝම අරගෙන බලන්නකෝ. එහෙනම් මේ චිත්‍රපටිමාලාවත් මෙතැකින් අවසන් වෙනවා. ඔයාලාගේ අදහස් උදහස් යෝජනා චෝදනා එහෙම දක්වලා යන්න එහෙනම්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක පළ කිරීම තහනම්!

No comments

Powered by Blogger.