Ocean's Twelve (2004) සිංහල උපසිරැසි සමඟින්









Ocean's 11 චිත්‍රපටයේ දෙවැන්න වෙන Ocean's Twelve චිත්‍රපටියයි මේ ලබා දෙන්නේ. අනිවාර්යෙන් පළමු සිනමා සිත්තම අත්විදින්න නැත්නම් මේක හරියට තේරුම් ගන්න බැරි වෙනවා. පළමු චිත්‍රපටිය මෙන්ම ඇත්තටම ත්‍රාසය, අපරාධ, හාස්‍ය කියන අංශ කිහිපයටම චිත්‍රපටය අයත්...විකීපීඩියා මාමා නම් කියන්නෙ මේක හාස්‍යජනක චිත්‍රපට කොටසට ඇතුලත් වනවා කියලා... ඒත් IMDb යියලා නම් කියන්නෙ ත්‍රාසය හා අපරාධ ගනයට අයත් වන නිර්මාණයක් බවයි...මට නම් මේ දෙක තුනම තියෙන බව දැනුනා චිත්‍රපටය රසවින්ද පසු..

සිනමාව පුරාවටම දිවයන්නෙ මංකොල්ල කෑම් තමයි....පලවෙනි චිත්‍රපටියේ සිදුකරපු මංකොල්ලය ඔයාලා දකින්න ඇතිනේ..මොවුන් කොල්ලකාපු කැසිනෝ එකේ පුද්ගලයා එනවා මොවුන්ව හොයාගෙන.ඩැනියල් ඔෂන් ගේ බිරිදව අල්ලගෙන තමන්ගෙන් ගත්ත මුදල පොලියත් එක්කම ඉල්ලනවා...ඒත් ගැටලුව වෙන්නෙ ඔවුන්ගාව තියෙන මුදල් පවා වියදන් වෙලා.....අවශ්‍ය කරන ප්‍රමාණය කිසිම කෙනෙකු ගාව ඉතිරිව නෑ....මෙන්න මෙතනින් තමයි ඔවුන්ගෙ විශිෂ්ට හොර මොල ටික නැවත පාවිච්යට එන්නෙ....තේරෙන සිංහලෙන් කිව්වොත් තවත් මංකොල්ලකෑමක් කරන්නයි ඔවුන් කතාවෙන්නෙ....ඉතිං අපි බලමු කොහොමද මේ විස්මයජනක හොර මොල ටික මංකොල්ලයට ගේම ගහන්නෙ කියලා..

මේ විශිෂ්ට සිනමා කෘතියට ගිය පිරිවැය වන්නෙ ඇමරිකානු ඩොලර් කෝටි 11 කි..ඒ වගෙම ලැබුනු මුළු ආදායම 2005 මාර්තු මාසයට අනුව ඇමරිකානු ඩොලර් කෝටි 13 කි..තවද චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Steven Soderbergh විසින්.. මේ නිර්මාණයෙ වගකීම භාරගෙන නිෂ්පාදනය කරලා තියෙන්නෙ හොඳම දේ දෙන Warner Bros. ලා විසින්.. ප්‍රධාන චරිත රංගනයෙන් දාකත්වය සැපයූ අය වශයෙන් George Clooney, Brad Pitt, Julia Roberts,Catherine Zeta-Jones යන තරු සඳහන් කරන්න පුළුවන්..අනෙක පරිශිලකයන් 222,070 කගේ ඡන්දය ලබමින් IMDb දර්ශකයෙ 6.4 ක ශක්තිමත් ස්ථානයක සිනමාව රැඳී තිබෙන බව ප්‍රකාශ කළ හැකියි..එහෙනම් චිත්‍රපටය හැමෝම රස විඳින්න තවත් නිර්මාණයකින් පසුව හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.