Pizza (2014) සිංහල උපසිරැසි සමඟින්!




ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක දමිළ චිත්‍රපටියක ප්‍රතිනිර්මාණයක් 2012 වසරේ තිරගත වුන පීසා දමිළ චිත්‍රපටියේම හින්දි නිර්මාණය තමයි මේක.දමිළ චිත්‍රපටියට වඩා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරලා තියනවා. කොහොමත් පලවෙනි එක බලාගෙන දෙවැනි නිර්මාණය වෙද්දි ටිකක් වෙනස් කරන්න පුලුවන් නේ පරණ එකේ වැරැදිත් හදාගෙන. අපේ දෙමළ නොබලන යාළුවෝ ඉන්නවා නම් ඒ අයට දමිළ චිත්‍රපටිය මඟහැරුනානම් අනිවාර්යෙන් මේ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා ඉල්ලනවා මොකද මේක ඇත්තටම බලන්න වටින එකක් නිසා.

චිත්‍රපටියේ නළු නිළි දෙපලම අපිට ආධුනික අය. හැබැයි ඉන්දියාවට මේ අය ආධුනික අය නෙමෙයි. කතාව පැත්තට හැරුනොත් කුනාල් කියන්නේ පීසා ගෙනිහින් දෙන තැනක වැඩ කරන කෙනෙක්.ඔහුගේ බිරිද තමයි නිකිටා කියන්නේ. නිකිටා කියන්නේ ලේඛිකාවක්. ඇයගේ වැඩේම හොල්මන් කතා ලියන එකයි හොල්මන් චිත්‍රපටි බලන එකයි. කුනාල්ට නිකිටා ගේ මේ හැසිරිම තමයි අල්ලන්නේම නැත්තේ. කොහොම හරි කුනාල් දවසක් කියනවා හොල්මන් ඇත්ත නම් ඇයි ඒ වෙනතුරු එයා හොල්මනක් දැක්කේ නැත්තේ ඇයි කියලා. නිකිටා ඒ වෙලාවේ කුනාල් ට පුදුම කතාවක් කියනවා. හැමදේකටම වෙලාවක් තියෙනවා.තාම ඔයාගේ වෙලාව ඇවිත් නැතුව ඇති. වෙලාව ආවම හැමදේම වේවි කියලා. කොහොම හරි කුනාල් ඕකත් හිතේ තියාගනෙ වැඩට යනවා. ඔහුට එක් පීසා බාරදිමකට යන්න වෙනවා එක්තරා නිවසකට.ඒක හොල්මන් නිවසක් කියලා කුනාල් හිනෙන් වත් දැනන් ඉන්නේ නැහැ..එතැනින් එහා වෙන්නේ මොකක්ද කියලා ඔයාලාම අරන් බලන්නකෝ. අනිවාර්යෙන්ම කියන්න ඕන චිත්‍රපටියේ අවසන් භාගය තමයි හොදම...ඒ ඇයි කියලාත් බලලාම දැනගන්න.

එහෙනම් ගිහින් එන්නම් ආපහු එන්නේ විශේෂිත චිත්‍රපටියක් එක්ක. ඒක අද දුන්න එකට පොඩ්ඩක් විරුද්ධපැත්ත චිත්‍රපටියක්. එකත් අරගෙන හෙට අනිද්දාම එන්නම් කෝ.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.