Heart Attack (2014) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න අපේ කට්ටිය වෙනුවෙන් වැඩි දවසක් යන්නත් කලින්ම තවත් සුපිරි ෆිල්ම් එකක් අරන් ආවා මේකත් කලින් එක වගේම 2014 වර්ශයේ නිකුත් උන තෙලිගු එකක් මේ ෆිල්ම් එකෙත් කලින් එක වගේම කිසම භාෂාවක සබ් එකක් අන්තර්ජාලයේ නෑ අලුතින්ම නිර්මාණය කරපු එකක් තමයි මේකෙ ලයින් ටික ලියලා දුන්නේ අපේ නවීන් රන්දික එයාටත් ස්තූති කරනවා මහන්සි වෙලා ලයින් ටික හදලා දුන්නාට මේ ෆිල්ම් එක

මෙම ෆිල්ම් එක අධ්‍යක්ෂනය, නිෂ්පාදනය, තිරරචනය, කතාව හැම දෙයක්ම පූරි ජගන්නාත් මහතා විසින් සිදු කර ඇති අතර සංගීතය සිදු කර තිබෙන්නේ අනුප් රූබන් විසින්ය තෙලිගු භෂාවෙන් නිර්මාණය උන මෙය ඉන්දියානු රුපියල් කෝටි 16ක මුදලක් වැය කර නිෂ්පාදනය කර ඇති අතර ඉන්දියානු කෝටි 30ක මුදලක් ඉපයීමටද හැකියාව ලැබී තියෙනවා පලමු වරට තිරගත කිරීම ආරම්භ උනේ 2014 ජනවාරි 31 වෙනි දිනය මෙය විනාඩි කාලයක් පුරා දිවෙන චිත්‍රපටයක් වේ

ෆිල්ම් එක සදහා රංගනයෙන් දායක වෙන්නේ නිතින් සහ අදාෂි ශර්මා දෙදෙනායි මේ දෙන්නගෙ ෆිල්ම් කලිනුත් අපේ සයිට් එකෙන් බලන්න ඇතිනේ ඒ අතරින් shq,Gunde Jaari Gallanthayyinde ඒවා සහ Hasee Toh Phasee වගේ ෆිල්ම් අපි මීට කලින් දීල තියෙනවා මේ ෆිල්ම් එකට IMDb Rating 6.5 අරගන්න හැකියාව ලැබිලා තියෙනවා එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට ටිකක් හැරෙමු

මේක ආදරය කතාවක් අපි ඔයාල සාමාන්‍යෙයන් තමන් කැමති ගෑනු ලමයගෙන් ඉල්ලන පලුමු ඉල්ලීම මොකක්ද ඔයා මාව කසාද බදිනවද කියලද? නැත්නම් ඔයා මට ආදරය කරනවද කියලද? එහෙමත් නැත්නම් ඔයා මගෙ හොද යාලුවෙක් වෙනවද කියලද? සාමාන්‍යෙයන් ඔය දේවල් වලින් එකක්නේ අහන්නේ නමුත් මේකෙ ඉන්න අපේ කතා නායකයා (වරුන්) තමන් කැමති ගෑනු ලමයගෙන් අහන්නේ ගැබුරු තොල් හාදුවක් දෙනවද කියලා ඔන්න ඔහොමයි මෙයාලගෙ සමබන්දේ පටන් ගන්නේ දෙන්න අතරේ හැමදාකම රන්ඩු දෙන්න හොදින් කතා කරන වෙලාවක් ඇත්තෙම නෑ හැබැයි ටිකෙන් ටික හයාතී වරුන්ට ආදරය කරන්න පටන් ගන්නවා ඒත් වරුන් ආදරය, විවාහය කියන දේවල් වලට කැමති නෑ එයා කැමති තනියෙන් ඉන්න දැන් ඔයාල බලයි මෙයා කලින් හාදුවක් ඉල්ලුවේ ආදරේ නිසා නෙමෙයිද කියලා. නෑ ඒ එයාගෙ හැටි එක දවසක් වරුන් ඉල්ලපු විදිහට හාදුවක් දිලා හයාතී ආයෙ හමබවෙන්නත් එපා කියලා යනවා එයා ගියාට පස්සේ වරුන්ට හිතට දුකක් දැනෙනවා ගමට ගිය හයාතී තාත්තට තියෙන අසනීපයක් හොද කර ගන්න එයා තමන්ගේ ගමේ ඉන්න මැරයෙක්ගෙන් සල්ලි ඉල්ලනවා. ඒත් එයා සල්ලි වෙනුවට කෙල්ලව බදින්න ඕනෙ කියනවා. අන්තිමේදි මේකට එයා කැමති වෙලා කසාදෙ තීන්දු කර ගන්නවා. නමුත් මේ මැරයා නිසා තමයි තාත්ත අසනීප වෙලා ඉන්නේ කියලා එයා දන්නේ නෑ. මේ ප්‍රශ්න මැද්දට වරුන් මැදිහත් වෙනවා කොහොම හරි සල්ලි හොයලා කොල්ලව බේර ගන්නයි එයා හදන්නේ. මීට වඩා මම කියන්නේ නෑ කතාවෙන් වැඩක් නැති වෙනවා අරගෙනම බලන්න කොහොමද කියලා.

කලින් ෆිලම් එක වෙනුවෙන් අදහස් දාල තිබුන හැමෝටම මම ස්තූති කරනවා. මේකටත් ඒ වගේ අදහස් තියෙයි කියලා හිතනවා. එහෙනම් මම යනවා අද හෙටම තව තෙලිගු එකක් දෙන්නම්කෝ හැමෝටම සුබ දවසක්

දීල තියෙන ටොරන්ට් එකට විතරක් මෙම සබ් ගැළපෙන බවත් විශේෂයෙන් මතක් කරනවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.