Kaththi (2014) සිංහල උපසිරැසි සමඟින්


ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ආපහු උපසිරැසියක් ලබාදෙන්න අවස්ථාව ලැබුනා, ඉතින් මම අද අරගෙන ආවෙ දමිළ සිනමාවෙ මේ දවස් වල වැඩියෙන්ම කතාබහ වෙන චිත්‍රපටයක්, මොකද විශේෂයෙන්ම මේකෙ රංගනයෙන් දායක වෙන නලුවාට ගොඩක් දෙනෙක් කැමති නෑ එයාගෙ දේශපාලන මතවාද නිසා, හැබැයි ඉතින් එයාගෙ දේශපාලනය තවම සිනමාවට ගාවගෙන නැති නිසා මමනම් තවම විජේගෙ ෆිල්ම් බලනවා, ඒවගේම කියන්න ඕනෙ මේක screener වර්ගයේ පිටපතක්, ඒක නිසා මේක ගන්න කලින් ඒ ගැන සැළකිලිමත් වෙන්න කියන එක ඉල්ලා සිටිනවා, පිටපතේ ස්ක්‍රීන් ශොට් ටිකක් මෙතනින් බලාගන්න, හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුන ගමන්ම ඒකත් අප්ඩේට් පාරක් දාලා දෙන්නම්, ඉතින් විශේෂයෙන්ම මතක කරන්න ඕනෙ වෙනදා වගේම අපිට ටයිම්ලයින් ටික හදලා ඒවා පරිවර්ථනයත් කරලා දෙන Kevin Cd House ආයතනය, ඔයාලට මතක ඇති Kevin Cd House ආයතනය අපිට මුලින්ම ලබාදුන්න උපසිරැසිය වන jilla චිත්‍රපටියත් විජේගෙම එකක් කියන එක, එහෙනම් ඉතින් ෆිල්ම් එක දිහාට හැරෙමු,


මේක තිරගතවීම ආරම්භ කරලා තවම වැඩි දවසක් නෑ, ඒ 2014 ඔක්තෝබර් 22 දෙවෙනිදා, IMDB දර්ශකයේ 9.2 ක අගයක් ගන්නත් මෙය සමත් වෙලා තියෙනවා, මෙහි අධයක්ශණය Ghajini, engaeum emppothum, 7 aum arivuthuppaki, raja rani, maan karate වගේ දමිළ සිනමාවෙ සුපිරිම මට්ටමේ නිර්මාණ බිහි කරපු AR Murugadoss විසින් සිදු කරලා තියෙනවා, ඒවගේම රංගනය වෙනුවෙන් විජේ වගේම Naan E, anjaan වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සමන්තා රුත් ප්‍රභූ දායක වෙලා තියෙනවා, තවම තිරගතවෙමින් පවතින නිසා මෙහි සම්පූර්ණ ආදායම ගැන හරියටම කියන්න බැහැ, ඒත් ලැබෙන ආරංචි වලින් නම් කියවෙන්නේ මේක අතිසාර්ථක විදියට තිරගත වෙනවා කියන එක, ඉතින් කතාව ගැන කියනවානම් කදිරේදන් කියන්නෙ චෙන්නයි බන්ධනාගාරයෙන් 25 වතාවක් පැනලා ගිය කෙනෙක්, ඉතින් මෙයාට 26වෙනි වතාවටත් පැනලා යන්න අවස්ථාවක් ලැබෙනවා, මෙයා මේ වතාවෙ සැලසුම් කරන්නෙ බැංකොක් වලට යන්න, හැබැයි ඒකට කලින් මෙයාට අහම්බෙන් දකින්න ලැබෙනවා කෙනෙක්ට වෙඩි තියන සිදුවීමක්, පස්සෙ ඒ වෙඩි වැදුන තැනට ගිහින් බලනකොට ඒ වෙඩි වැදිලා තියෙන්නෙ එයාටමයි, කතාවෙ කුතුහලය නැති කරන්න හොද නැති නිසා මම එතනින් එහාට කතාව ගැන කියන්න යන්නෙ නෑ, එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, ඒවගේම kevin cd House ආයතනයට ස්තූති කරන්නත් අමතක කරන්න එපා! ගිහින් එන්නම් ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




සිංහල උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.