Kick (2014) සිංහල උපසිරැසි සමඟින් (100 වැනි උපසිරැසි නිර්මාණය)



zoom වෙබ් අඩවියේ පලවෙනි උපසිරැසිය මෙන්ම මගේ පලවෙනි උපසිරැසිය උනේ Death Race 2 චිත්‍රපටියයි. ඒ 2010 වර්ෂයේ අඟබාගයේ. සිව් වසරකට ආසන්න කාලයක් උපසිරැසි ගන්වන්නෙකු ලෙස රැදි ඉන්නට මට හැකියාව ලැබුනා. හැම මාසේකම මොකක් හෝ උපසිරැසියක් දෙන්නත් මට හැකියාව ලැබුනා. මුල් කාලයේ ඉංග්‍රිසි චිත්‍රපටි උපසිරැසි ගන්වමින් හිටියාත් අහම්බෙන් මෙන් සිංගම් 2010 හින්දි චිත්‍රපටියේ උපසිරැසි ගැන්වීමෙන් හින්දි චිත්‍රපටි වලට අත ගැහුවාට පස්සේ අද මේ 100වැනි උපසිරැයත් එක්කම මම ඔයාලා වෙනුවෙන් හින්දි චිත්‍රපටිම 72ක් අරන් ඇවිත් තියෙනවා. මම උපසිරැසි පටන් ගන්න කාලයේ හින්දි චිත්‍රපටියකට උපසිරැසි නිකුත් වන්නේ බොහොම අල්ප වශයෙන් මොකද එවාගේ ලයින් ගනන වැඩි නිසා නමුත් මට හැකියාව ලැබුනා ඒ අභියෝගයට මුණ දෙන්න. අද නම් හින්දි චිත්‍රපටි දෙන්න ගොඩක් අය කැමැති වෙලා තියෙනවා. ඒක හොද කාරණයක්. උපසිරැසි ගන්වන්න ඇවිල්ලා අවුරුදු ගණනක් උනාට හරියටම කිව්වොත් උපසිරැසි කලාවේ යුග ගණනක් මම දැක්කා කියලා කියන්න පුලුවන්. මුල් කාලයේ සතියකට එකයි දෙකයි උපසිරැසි නිකුත් වෙන්නේ ඒ කාලයේ උපසිරැයකට තිබුන පිළිගැනිම මෙන්ම වටිනාකම බොහෝම ඉහලයි. අද වෙද්දි තාක්ෂනය දියුණු විමත් ගොඩක් අය අන්තර්ජාලය පාවිච්චි කිරිමත් හේතුවෙන් දිනකට උපසිරැසි 4ක් 5ක් පමණ වැටෙන අවස්ථා තියනවා. ඒ නිසාද මන්දා අද උපසිරැසියක් කරපු කෙනෙක් ගේ වටිනාකම අඩුවෙලා. කොහොම උනත් අපේ කට්ටිය මේ වැඩේ නවත්තන්නේ නැති බව දන්නවා.

මුල් කාලයේ ඉදන් මාත් එක්ක වැඩිම උපසිරැසි ගණනක් කලේ මහේෂි. මම හිතන්නේ එය චිත්‍රපටි 25ක් පමණ වෙනවා. ඒ වගේම මට හින්දි පුලුවන් කියලා මට දැනගන්න සැලැස්සුවේ අපේ දිනුෂ්ක උදාර ඒ Jism 2 චිත්‍රපටියෙන්. ඒක තමයි අන්තර්ජාලයට පලවෙනියෙන්ම අංක දත්ත පිටපතක් හදලා අසා ලිවිමක් කල සිංහල උපසිරැසිය.මගේ එක්ක චමීර,ගයාන් වගේම ඉසුරුත් සහාය උපසිරැසි ගැන්විමේ කටයුතු වල යෙදුනා. කොහොම හරි අද වෙද්දි හින්දි චිත්‍රපටි 72ක් දමිළ 8ක් ඉංග්‍රිසි 20ක් මගේ අතින් උපසිරැසි ගැන්විලා තියෙනවා. තව සහාය උපසිරැසි ගැන්වු චිත්‍රපටි 5ක් 6ක් ඇති. එවා මේ ගොන්නට එකතු කලේ නැහැ. 100 වාර්තා කරන්නේ චිත්‍රපටි 100කින් විමත් මට පොඩි සතුටක් තියෙනවා. එහෙනම් එච්චරයි අපේ ටිමි එකේ හැමෝම කියනවා වගේ මමත් වැඩි වැල්වටාරමක් කියන්නේ නැහැ.හැමදාම මගේ උපසිරැසි වලට අදහස් දක්වන වගේම ''ඔයා දෙනකම් අපි බලන් ඉන්නවා කියලා'' මගේ සබ් එක්ක විතරක් හින්දි චිත්‍රපටි බලන වගේම මට උදව් කරපු හැමෝටම ස්තුතියි.මගේ සේරම උපසිරැසි ගැන විස්තරයක් මෙතැනින් බලාගන්න පුලුවන්. ඔය පිටුවේ ඉතුරු කරපු සබ් ටිකත් එක්ක හෙට අනිද්දා අප්ඩේට් වේවි.
100 200 වෙන්න කොපමණ කාලයක් යයිද නම් දන්නේ නැහැ. හැබැයි එක දෙයක් දන්නවා 0 - 100 වෙන්න ගත උන කාලේ ගොඩක් දේවල් වෙනස් උනා ඒ හැමදේම වගේ 200 වෙන්න යන කාලෙත් ගොඩක් දේවල් වෙනස් වේවි...බලමු මොකද වෙන්නේ කියලා...


එහෙනම් 100 වැනි එකට මම ආසම නළුවෙක් වෙන සල්මන් ඛාන්ගේ චිත්‍රපටියක් තමයි අරන් ආවේ. ඔයාලට මේක කිසිම කම්මැලියක් නැතුව ෆුල් කීක් එකේ බලන්න පුලුවන්. කතාව ගැන මේ වගේ පොඩි හැදින්විමක් දෙන්නම් කෝටි ගණන් මුදල් පැහැරගෙන යන හොරෙක්. කවුරුත් කෙදිනකවත් ඔහුගේ මුහුණ දැකලා නැහැ. කොල්ලකනවා ක්ෂනිකයෙන් අතුරුදහන් වෙනවා. මේ ගැන හොයන්න ඉන්දියාවේ ඉදන් විදේශ රටකට එන බුද්ධිමත් රහස් පරික්ෂකයෙක්..ඒ අතර ආදරයෙන් පැරදුන පෙම්වතෙක්...ආදරය අහිමි උන පෙම්වතියක්....මේ අය අතර කතාව කොහොම ගලා යයිද අර හොරා මේ අයට සම්බන්ධ වෙන්නේ කොහොමද? කතාව බලන්නකෝ. ඔයාලා මේකේ දමිළ හෝ තෙලෙගු සිනමා නිර්මාණය බලලා නැත්නම් වඩාත් හොදින් චිත්‍රපටිය විදින්න පුලුවන් වේවි.කොහොම උනත් අනික් චිත්‍රපටි එක්ක සංසංදනය කලාම සල්මන් ඛාන් මේ චරිතයට හැමෝටම වඩා ගැලපුනා කියලා මට හිතෙනවා.එහෙනම් අපි ගියා.. 101 නම් දැනටම ලැස්තියි එක හෙට අනිද්දා දෙන්නම් කෝ.


DVDRIP/BRRIP පිටපත් දෙවර්ගයටම ගැලපෙන ලෙස උපසිරැසි නිකුත් කර ඇත.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.