Mardaani (2014) සිංහල උපසිරැසි සමඟින්




චිත්‍රපටිය - Mardaani (2014)
අධ්‍යක්ෂණය - Pradeep Sarkar
තිර රචනය - Gopi Puthran
සංගීතය - Julius Packiam
සිනමාකරණය - Artur Zurawski
සංස්කරණය - Sanjib Datta
නිෂ්පාදයනය - Yash Raj Films

IMDB දර්ශක අගය - 7.8/10
වර්ගීකරණය - Action / Drama / Thriller
තිරගත වීම ඇරඹූ දිනය - 2014 අගෝස්තු මස 22 වන දින
ධාවන කාලය - මිනිත්තු 113

බාල වයස්කාර දැරියන් පැහැරගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීම ලෝකය පුරා සෑම රටකම පාහේ අඩු වැඩි ව‍ශයෙන් ක්‍රියාත්මක වන ජාවාරමක්. එම ජාවාරම බහුලවම සිදුවන රටවල් අතර ඉහළින්ම කියවෙන නමක් තමයි ඉන්දියාව. ඉන්දියාව තුළ සෑම වසරකම ආසන්න වශයෙන් ළමුන් 40,000ක් පමණ පැහැර ගැනෙන අතර සෑම මිනිත්තු 8කට වරක්ම බාලවයස්කාර දැරියක් අතුරුදහන් වන බවට ගණන් බලා තිබෙනවා. ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන මේ සාපරාධී අපරාධ ක්‍රියාවලියට එරෙහිව නැගී සිටින එඩිතර, අවංක පොලිස් නිලධාරිනියක් වටා ගෙතුණු කතාවක් අලලා නිර්මාණය වූ නවතම සිනමා සිත්තමක් තමයි මෙලෙසින් ඔබට සමීප කරන්නට හිතුවේ.

බොලිවුඩ් සිනමා කර්මාන්තයේ නොමැකෙන මතක සටහන් තැබූ දක්ෂ, සුරූපී නිළි රාණි මුඛර්ජීගේ රංගනයෙන් හැඩ වූ Mardaani චිත්‍රපටය ආදායම් අතින්ද සාරථකත්වයට පත් වූවක්. Veer-Zaara(2004), Black(2005), Paheli(2005), Saawariya (2007), No One Killed Jessica(2011), Talaash (2012) සහ තවත් බොහෝමයක් චිත්‍රපටයන්හී රංගනයෙන් දායක් වී ඇති රාණි මුඛර්ජීගෙන් ප්‍රශස්ථ මට්ටමේ රංගනයක් මේ චිත්‍රපටයේදීත් ඔබට දකින්න පුලුවන් වේවි.

කතාව ගැනත් පොඩි හැදින්වීමක් කරන්නම්කෝ. ශිවානී ශිවාජී රෝයි මුම්බයි පොලීසියේ අපරාධ විමර්ෂණ ඒකකයට අනියුක්තව ඉතා හොඳින්, අවංකව සේවය කරන නිර්භීත පොලිස් නිලධාරිනියක්. ඥාතියෙක් විසින් මුදළට විකුණන්නට තැත් කළ අවස්තාවක ශිවානිගේ මැදිහත් වීමෙන් දිවි ගලවාගත් ප්‍යාරී නම් දැරියක් ළමා නිවාසයක ඇති දැඩි වෙනවා. ශිවානී ඇයට සළකන්නේ තමන්ගෙම දරුවෙකුට වගේ. හදිසියේම මේ ප්‍යාරී කියන දැරිය අතුරුදහන් වෙනවා. මේ ගැන සොයා බලන ශිවානීට දැනගන්න ලැබෙනවා මේ සිදුවීම අතුරුදහන් වීම් මාලාවක තවත් එක් සිදූවීමක් බවත් මෙය ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද පැහැරගැනීමක් බවත්.

සූක්ෂම අයුරින් මෙලෙස ළමුන් පැහැරගෙන යන අපරාධකරුවන් සොයා පරීක්ෂණ මෙහෙයවන ශිවානීට එම ජාවාරම්කරුවන් ගෙන් එල්ල වන නොයෙක් අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වනවා. ඇයට එම අභියෝග ජය ගත හැකි වේවිද? ඇය පැහැර ගැනීමට ලක් වූ දැරියන්ව සොයා ගනීවිද? ප්‍යාරී නම් දැරියගේත් අන් දැරියන්ගේත් ඉරණම කෙබඳු වේවිද? මේ සිනමා නිර්මාණය නරඹන ඔබට ඒ ගැටළුවලට පිළිතුරු ලැබේවි. එසේනම් චිත්‍රපටය රසවිඳින්නට ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තවත් සිනමා නිර්මාණයකින් ඔබ හමුවන බලාපොරොත්තුව ඇතිව. ඔබට සුභ දවසක්. සතුටින් ඉන්න!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
675MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.