Planes Fire & Rescue (2014) සිංහල උපසිරැසි සමඟින්




මම වගේම ඔයාලා හැමෝම මඟ බලාගෙන උන්නු කතා කිහිපයකට නෑදෑ කම් කියන ඇනිමේෂමක් තමයි ගෙනාවෙ. ඔයාලට මතක ඇති අපි දුන්න Cars 2006,Cars2 2011,Planes 2013 චිත්‍රපට. ඔබ මේවා බැලුවා නම් අද අපි දෙන චිත්‍රපටය එනකං බලාගෙන සිටි බවට කතා දෙකක් නෑ කියන්න පුළුවන්. මුලින්ම Cars චිත්‍රපටය නිපදවපු ඩිස්නිලා හා පික්සා‍ෙ අය ප්‍රධාන චරිතය කලේ සුපිරි වේගයක් සහිත ඉතාමත් ජනප්‍රිය රේසින් ධාවන කරුවෙක්. ආපු කතා දෙකම ඔහුට වෙන ඇබැද්දි හා අන්තිමට තරඟය දිනන සිද්ධි තමයි ආවෙ. පසුව ඩිස්නිලාම Cars චිත්‍රපටය එපා වෙලාද මන්දා Palanes කියලා චිත්‍රපටයකුත් නිර්මාණය කලා. මෙහිදිත් වෙන්නෙ තරඟ කරුවෙකුගෙ ජීවන සිද්ධි දාමයක් පෙන්විම තමයි බැහැයි එම ප්‍රධාන චරිතය තරඟ කරුවෙකු ලෙස නිෂ්පාදනය නොකල ඉතා සෙමින් ගමන් කල හැකි ගුවන් යානයක්. බැහැයි ඔහු ලෝකයම දන්න ලෝක ශූරයෙක් වෙනවා. ඉතිං අද අපි මේ දෙන්න යන්නේ ඒ ලෝක ශූරයාගෙ දෙවැනි දිගහැරීමයි.

අනෙක ඩිස්නි හා පික්සාර් සමාගම් නිපදවූ මේ චිත්‍රපට පෙලෙන් Palanes චිත්‍රපටය මගේ අවධානය වැඩියෙන් දිනාගත්තා කියලා කියන්න ඕන. මොකද අනෙක් චිත්‍රපට වල නොදැක්ක හරි අපූරු රූපමය අලංකාරයක් එකතු කරලා තිබුන නිසයි. පලවෙනි චිත්‍රපටයේ මා ඔබට කීවා හිම යොදලා තිබන හැට් ඒ වගේම ඉන්දියාවෙ ටාජ් මහල රූපයට නඟපු ආකාරය අති විශිෂ්ට බව. මෙවර චිත්‍රපටයෙත් ත්‍රිමාණ සජීවී කරණ හා VFX අතින් ඉතාමත් ඉදිරියෙන් සිටින බව කිව යුතුයි. සිනමාපටයේ ක්‍රොප්ඩස්ටර් ගමන් කරන විට කඳු නිර්මාණය කරලා තිබෙන ආකාරය එමෙන්ම ගින්දර නිර්මාණය කරලා තිබුන ආකාරය තව ජලය එකතු කරලා තිබුන ආකාරය හරිම අපූරුයි. අනෙක හැම වාහනයක්ම කතාකරන විට පිටවන ශබ්දයට අනුව මුඛය හරිම අපූරුවට හසුරවලා තියෙනවා තව හොඳට බලන්න මූනේ හැඟීම් මොහොතින් මොහොත වෙනස් වෙනවා ඇස්වලින් පවා අදහසක් දෙන විදිහට අපේ ඩිස්නි හා පික්සාර් සමාගම් ලස්සනට මේ කතාව නිපදවලා තිබෙනවා

එහෙනම් කතාවට බහිමු. ගියපාර ක්‍රොප්ඩස්ටර් තරඟය දිනලා ආවට මෙදා පාර පොරට සිදුවෙන්නෙ පට්ටම වැඩක්. ඒ කිව්වෙ ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ ක්‍රොප්ඩස්ටර්ගෙ ජීයර් බොක්ස් එක කැඩෙනවා. ඒ මදිවට ගමේ ආරක්ෂාව මදි කියලා මුළු ගමේම යානා වලට පියාසර කරන්න බැරි විදිහට ගම පොලිසිය විසින් වහලා දානවා. ඉතිං ලෙඩ වුන ක්‍රොප්ඩස්ටර්ට තමයි ගම බේරන්න වෙන්නෙ. ඔහුට සිදුවනවා ගමේ නැතිවුන ආරක්ෂාව නැවත ගොඩ ගන්න. ඉතිං අපි බලමු ගිය කතාවේ වීරයා මේ කතාවෙත් වීරයා වෙයිද කියලා.

මෙවර Planes 2014 චිත්‍රපටයේ අධ්‍යක්ෂක තනතුර දරන්නේ කලින් Planes 2013 චිත්‍රපටය කරපු අධ්‍යක්ෂක නම් නෙවෙයි. ඒත් තිර රචනය නම් සහමුලින්ම වෙනස් වෙලා නැහැ. ගියවර කතාවෙ තිර රචනයට කිහිප දෙනෙක් සිටියත් මෙවර කතාවේ තිර රචනය කරලා තියෙන්නෙ එක් පුද්ගලයෙක් පමණයි. මෙවර චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roberts Gannaway විසිනුයි. එමෙන්ම තිර රචනය කරලා තියෙන්නේ The Pirate Fairy (2014) වැනි චිත්‍රපට වලට දායක වූ Jeffrey M. Howard විසිනුයි. ඉතිං නැවත කිව්වොත් චිත්‍රපටයේ නිෂ්පාදන කරලා තියෙන්නේ ඩිස්නි සමාගම විසින්. තව දෙයක් තිබෙනවා අපි කලින් දීපු Cars චිත්‍රපට පෙලේ නවතම Cars 3 චිත්‍රපටය අනාගතයේදී පැමිණෙන බව මුල් අධ්‍යක්ෂකවරු විසින් දන්වලා තිබෙනවා. එහෙනම් ඒ සුබ නිමිත්තත් සමඟින් අදට සමුගන්නවා. උපසිරැසිය අරගෙන කමෙන්ට් එකකුත් දාලා යන්න. හැමෝටම සුබ දවසක්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
525MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න
300MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.