Sarabham (2014) සිංහල උපසිරැසි සමඟින්



අපේ රසික රසිකාවියන් වෙනුවෙන් තවත් දමිල චිත්‍රපටියක් අරන් ආවා. මේකත් මේ අවුරුද්දේ නිකුත් උන එකක් කට්ටිය කලින් දීපු දමිල ටික බලන්න ඇතිනේ. ඒ වගේම සුපිරි ගනයේ එකක් තමයි මේකත්. මේකෙ අපි නිතර දෙවේලේ දකින අයනම් නෙමෙයි ඉන්නේ ඒත් ඔයාලට මේ අයගේ රංගනය ගැනනම් අඩුවක් කියන්න වෙන එකක් නෑ. එහෙනම් බලමු මොකක්ද මේ කියලා ෆිල්ම් එක කියලා.

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ සී. වී කුමාර් විසින් වගේම මේ සඳහා රංගනයෙන් දායක වන දෙපල වන්නේ නවීන් චන්ද්‍රා සහ සලෝනි ලුත්‍රා යන අය විසින් 2014 අගෝස්තු 3වන දින ප්‍රදර්ශනය ආරම්භ කල මෙය විනාඩි 137ක් පුරා දාවනය වේ. IMDB Rating එකද 7.2ක් වැනි වැඩි අගයක් ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හැකිවී තිබේ.

කතාව ගැනත් පොඩි දෙයක් කියන්නම්. අපි ඕන කෙනෙක් රැකියාවකට යන්නේ අපි ආස කරන විදිහට ජීවිතේ ගත කරන්න විනෝද වෙන්න ඒ වෙනුවෙන් අධික මුදලක් වැය වෙනවා තමන්ගෙ රැකියාවෙන් ඒව සඳහා වියදම් කරන්නේ. මේ කතාවේ කතා නායකයා එහෙමත් නැත්නම් වික්‍රම්ටත් තියෙන්නේ ඒ වගේම ආසාවන් තමන්ටම කියලා ගෙයක්, ලොකු පඩියක්, මේ වගේ සාමාන්‍ය කෙනෙක් ආස කරන හැමදේම. මෙයා පලමු තැන ලබා දෙන්නේ සල්ලි වලට ඒ වෙනුවෙන් එයා වැඩ කරන ස්වාමි ඇසෝසියේට් ආයතනයේ මොහු විසින් එක් ආයතනයට ව්‍යපෘතියක් කරමින් ඉන්නවා. දවසක් මේ ව්‍යපෘතිය ඉදිරිපත් කරන්න ගිය වෙලාවක ඒ ආයතනයේ හිමිකරුගේ දුව එතනට එනවා. එයා එන විදිහ ඔයාල අරගෙනම බලන්න මෙහෙම ආපු එකට තාත්ත කැමති නෑ දුවත් එක්ක හොදටම රන්ඩු වෙනවා.

වික්‍රම්ට ඉදිරිපත් කිරීම කරන්න තියෙන්නෙත් මේ පුද්ගලයාටමයි දුවත් එක්ක තරහෙන් හිටපු ඔහු වික්‍රම්ගේ ව්‍යපෘතිය එපා කියලා කියනවා. වික්‍රම්ගේ මුලු ජීවිතයම කඩා වැටෙනවා කොහොම හරි වෙච්ච දේට කලකිරුනු වික්‍රම් එයාගෙ යාලුවත් එක්ක එකතු වෙලා වෙරලෙ අරක්කු බිබී ඉන්නවා. දෙන්නම බීලා ඉවර උනාම යාලුවා ගියත් වික්‍රම් කම්පැනි හිමිකරුගේ ගෙදරට ගලක් හරි ගහනවා කියලා හිතන් ගෙදර ලගට යනවා. ඒත් ඒ වෙලාවෙ එයා දකින්නේ හිමිකරුගේ දුව තාත්පෙන් පැනලා කොහෙද යනවා මෙයත් එයා පස්සෙන් යනවා. මේ ගිය ගමන නිසා වික්‍රම්ගේ මුලු ජීවිතයම කනපිට හැරෙනවා කියලා එයා දැනන් හිටියේ නෑ. ඔහොම ගිය හිමිකරු‍ගේ දුව එහෙමත් නැත්නම් සෘතී එක්ක වික්‍රම් කතා කරනවා පස්සෙ දැනගන්න ලැබෙනවා මෙයා තාත්තගෙ වැඩ නිසා කලකිරිලා ගෙදරින් පැනලා යනවා කියලා කොහොමින් කොහොමින් හරි අන්තිමට සෘතී වික්‍රම්ගේ ගෙදර ගිහින් තමයි කතාව නතර වෙන්නේ මෙතනින් එහාට ගොඩක් දේවල් සිද්ධ වෙනවා ඔයාලට හුගක් කුතුහලය දනවන සිදුවීම් ගණනාවක් මේ අතර තුර තියෙනවා ඒ ගැන ඔයාල අරන් බලන්න කියන ගමන් මේ කතාව මෙතනින් ඉවර කරනවා කුතුහලය තියෙන නිසා තමයි මීට වඩා පැහැදිලි කරන්න ගියේ නැත්තේ එහෙනම් අපි ගියා හැමෝටම සුබ දවසක්.

අපේ කට්ටිය වෙනුවෙන් තවත් එකක් වැඩිකාලයක් යන්න කලින්ම අරන් එනවා කියන එකත් අනිවාර්යෙන්ම මතක් කරනවා. මොකද ඔයාල ඒ වෙනුවෙන් බලන්න ඉන්න බව මම දන්නවා කලින් ඒවා බලපු අයට සහ අදහස් දැමු සියලු දෙනාට මාගෙ හදපිරි ස්තූතියද පුද කරනවා. නැවත පාරක් මම යනවා කියමන් මම නවතිනවා හැමෝටම සුබ දවසක්.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.