Sigaram Thodu (2014) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න ඉන්දියාවෙ UTV Motion Pictures විසින් නිෂ්පාදනය කරන ලද තවත් නවතම දමිල චිත්‍රපටයක් තමයි මේ දෙන්න යන්නේ.2012 මාර්තු මස තමයි ප්‍රථමවරට මේ චිත්‍රපටය ජනතාහමුවට එන වගක් ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ Thoonga Nagaram කියන මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා විසිනුයි. ඔහු චිත්‍රපටය පිළිබඳව වැඩිදුරටත් පැහැදිලිකරමින් මෙසේ සඳහන් කර තිබුනා. ‘මේ සිනමාපටය හුදෙක්ම තාත්තෙකු හා පුතෙකු අතර තිබෙන බැඳියාව මූලික වුන එකක්. එමෙන්ම කොලිවුඩ්, ටොලිවුඩ් හා බෙංගාලි යන සිනමා ත්‍රිත්වයන්හීම නළුවන් චිත්‍රපටයේ රඟ දැක්වෙනවා‘ යනුවෙන්. චිත්‍රපටයේ ප්‍රධාන නිළියගෙ චරිතය කරන්නෙ Monal Gajjar නම් තෙළිඟු චිත්‍රපට නිළියයි. එමෙන් මෙහි ප්‍රධාන නළුවාගේ චරිතය කරන ඔබ කවුරුත් දන්න Arima Nambi (2014) චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑ Vikram Prabhu.කතාව තිරගත වුනේ 2014 සැප්තැම්බර් මස 12 වැනිදායි. තවමත් තරගතවෙමින් පවතින මෙය කොලුවුඩ් පුරවරය හොල්ලපු සිනමාපටයක් බව කිවයුතුයි.

චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව ප්‍රකාශකලහෙත් මුරලි කියන්නේ විශ්‍රාම ගත් පොලිස් නිලධාරියෙක්ගෙ පුතෙක්. චෙල්ලාපාණ්ඩියන් කියෙන්නේ එම විශ්‍රාම ගත් පොලිස් නිලධාරියයි. එනම් මුරලිගේ තාත්තා. ඇත්තටම ඔහුට විශ්‍රාම ගන්න වුනෙත් පොලිස් රාජකාරියේ නියැලෙමින් සිටියදී කකුලට ඇතිවූ ආබාධයකින්. ඒත් මුරලි නම් කැමති පොලිස් ජීවිතයට නෙවෙයි. ඔහු බැංකු මැනේජර් වරයෙක් වෙන්න ගොඩක් උත්සහ ගන්න කෙනෙක්. ඒ අතර තුර තමයි මුරලිට අම්බුජාම් කියන කෙල්ල මුණගැසෙන්නේ. මුරලි ආදරේට කරන දේවල් ඇය හිතන්නේ හරිම කරදර කාරී විදිහට. කොහොම හරි ඔවුන් ආදරේ කරන්න පටං ගන්නවා. මෙහෙම කායල ගතවෙද්දි චෙන්නායිහි බැංකු මංකොල්ලයක් සිදුවනවා. ඒත් මුරලි කොහොමද බැංකු නිළධාරියෙක් වෙලා මේ හොර මංකොල්ල කරුවන් අල්ලන්නේ. ඇත්තටම ඔහු පොලිස් නිලධාරියෙක් වෙලා තමයි සියලුම වැඩ දාන්නේ. එහෙනම් අපි බලමු මුරලිගෙ ආදරබර හදවත ඇතුලෙ සිටින පොලිස් නිලධාරියාගේ ජීවිත කතාව.


''පිරිමියෙක්ගේ ජයග්‍රාහනය පිටිපස්සේ කාන්තාවක් ඉන්නද නැද්ද දන්නෙ නෑ හැබැයි හැම පුතෙක්ගේම ජයග්‍රාහනය පිටිපස්සේ අනිවාර්යෙන්ම එයාගේ තාත්තා ඉන්නවා මගේ තාත්තා වගේ''


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.