Singham Returns (2014) සිංහල උපසිරැසි සමඟින්



Singham පළමු චිත්‍රපටිය මම ඔයාලාට ගෙනල්ලා දුන්නා මතක ඇති ආව කාලේම වගේ. Singham චිත්‍රපටිය තමයි මම හින්දි උපසිරැසි කරණය පටන්ගත්ත පළමු චිත්‍රපටිය.ඉතින් අද මේ චිත්‍රපටිය දෙන්නේ මගේ 99වැනි උපසිරැසිය විදියට. සිංගම් චිත්‍රපටිය තුලින් තමයි මම රොහිත් ෂෙට්ටි ගේ චිත්‍රපටිවලට ඇළුම් කරන්න වගේම හොයලා බලන්න ගත්තේ. ඔහු චිත්‍රපටි නිපදවන්නේ අවුරුද්දකට එකයි. ගිය අවුරුද්දේ ඔයාලා කවුරුත් බලපු Chennai Express චිත්‍රපටිය ලැබුනා වගේම මේ අවුරුද්දේ ඔහුගේ නිර්මාණය තමයි සිංගම් 2 චිත්‍රපටිය. කොහොම හරි මේ චිත්‍රපටිය දමිළ චිත්‍රපටිය මෙන් කතාව එකිනෙකට සම්බන්ධ කමක් නැහැ. පළවෙනි චිත්‍රපටියේ හිටපු චරිත පවා වෙනස් කරලා. ඒ ගැන නම් මගේ පැහැදිමක් නැහැ. පළමු චිත්‍රපටිය ගිය විදියටම මේකත් එයට ලාවට හරි යම් යම් දේවල් වලින් සම්බන්ධ කලානම් කතාව තවත් රසවත් වෙන්න තිබ්බා. කොහොමින් හරි කෝටි 115ක් වියදම් කරලා තැනව මේ සිනමා නිර්මාණය කෝටි 157ක් උපයා ගැනිමට සමත් උනා..මේ චිත්‍රපටියෙත් පෙර චිත්‍රපටි මෙන්ම රොහිත් ෂෙට්ටිගේ අනන්‍ය වු වාහන වලින් කරන ක්‍රියාදාම මෙන්ම ඔහුගේ අනන්‍ය සටන් ජවනිකා ඇතුලත්. අජය දේව්ගන්,කරීනා කපුර් ප්‍රධාන චරිත මෙහෙයවන අතර මේ චිත්‍රපටියේ දුෂ්ට චරිතය නිරුපණය කරන්නේ Hawa Hawai,Taare Zameen Par චිත්‍රපටි අධ්‍යක්ෂනය හා රචනා කල Amole Gupte විසින්.

චිත්‍රපටිය ගැන කියනවා නම් මේ පාර සිදුවිම් වෙන්නේ මොම්බාය නගරයේ. ගුරුජී නැමැති සදාරණ ලෙස ඡන්දය ඉල්ලන දේශපාලන නායකයෙකු මෙවර මැතිවරණය සදහා තරඟ කරනවා. සිංගම් පවා ඔහු සමඟ එකතුයි ඔහු නීතියට වැඩකරන පුද්ගලයෙක් නිසා. මේ නිසා ඔහුට ජනතා ප්‍රසාදයත් හිමිවෙනවා. මේ අතර ඡන්දයට තරගවදින ප්‍රකාශ් රාවෝ හා බාබා නැමැති දෙපලක් ගුරුජීගේ ක්‍රියාකලාපය ගැන එතරම් සතුටුවෙන්නේ නැහැ. ඔවුන් විසින් උගුලක් අටවනවා වගේම ඔවුන් නීතිවිරොධි ව්‍යාපාර රැසක් කරන පුද්ගලයින් දෙදෙනෙක්. ඉතින් මේ දේශපාලන පක්ෂ අතර ගැටුම් වලට මුම්බායි පොලිසිය කොහොම මැදිහත් වේව්ද? හැමදාම වගේ ඇත්තට තැනක් නැති වෙලා බොරුව රජ කරයිද? සිංගම් එයට ඉඩ දේවිද බලන්න එහෙනම් මෙවර සිංගම් ගේ නැවත ආගමය...ඒ එක්කම හැමදාම වගේ මම සබ් එක දෙනකම් බලන් ඉන්න හැමෝටම බොහෝම ස්තුතියි මා කෙරෙහි තබන විශ්වාසයට.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
750MB DVDRIP Direct Link File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 990MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.