The Flintstones (1994) සිංහල උපසිරැසි සමඟින්



කතාව ආරම්භයට කලින් ඔයා පුදුම කරන්න පොඩි දෙයක් කියනවා. ඒ තමයි ඔබ දන්නවාද ටීවි එකේ රස කර කර බලන ගිරිපුර ඇත්තෝ කාටූන් එක 1960 හදපු එකක් බව? හිතන්නකෝ ඒක එච්චර පරණ වෙලත් තවමත් පොඩි දරුවන්ගෙ රස වින්දනයට කිසිම බාධාවක් වෙලා නැතුව පෙන්වන්න පුළුවන් වෙන හැටි. අද වගේම එදත් සුපිරිම ටෙලිවිෂන් අත් දැකීම් ලබාදුන් ABC ටෙලිවිෂනය හරහා තමයි 1960 සැප්තැම්බර් 30 වැනි දින ප්‍රථමයෙන්ම ගිරිපුර ඇත්තෝ හෙවත් ද ෆ්ලින්ස්ටෝන්ස් කාටූනය ජනසතු වුනේ. ඒ වගේම එම කාටූනය සීසන් 6 ක් දක්වා දිගහැරුනු අතර 1966 අප්‍රේල් 1 වැනිදා අවසන් කොටසත් සමඟ කාටූනයේ නිෂ්පාදනය අවසන් වුනා.

ඒ පොඩි මතක් කිරීම කලේ අද දෙන්න යන චිත්‍රපටය අතිශයින්ම ගිරිපුර ඇත්තෝ හෙවත් ෆිල්න්ස්ටෝන් කාටූනයට සම්බන්ධ නිසා. මොකද අද ඔබට ලැබෙන චිත්‍රපටය නිපදවා තිබෙන්නේ ගිරිපුර ඇත්තෝ හෙවත් ෆ්ලින්ස්ටෝන් කාටූනය පාදක කරගෙනයි. ඇත්තටම කිව්වොත් යුනිවර්සල් අයගෙ බෙදාහැරීමක් නිසාදෝ මංදා අදත් එදා වගේම සුපිරිම විදිහට ඩයිනෝසරයන් හා පසුබිම් නිර්මාණ උසස් අන්දමින් සකස්කොට තිබෙනවා. කාටුනයේ තිබෙන සියලූම ගැජට් චිත්‍රපටයටත් ඇතුලත් කරලා තිබෙන බව කියන්න ඕන. බොරලුගොඩගෙ අලි ෂවර් එක, ඊට පස්සෙ එයාලා යන වාහනය, එයාලාගෙ ඇඳුම් පැළඳුම්, තව කුරුළු හොටේට තියලා සිංදු අහන විදිහ හරිම අපූරුවට නිපදවලා තිබෙනවා. ඩොටී හා විමලාගෙ කුකුල් හිනාවත් හරිම අපූරුවට මෙම සිනමාපටයට නඟලා තිබෙනවා. ඇරපු අතක් නැහැ ගිරිපුර ඇත්තෝ කාටූනයම තමයි. ඉතිං හැමෝගෙන්ම ඉල්ලනවා කතාව අරගෙන බලන්න වෙනස්ම ලස්සන අත්දැකීමක් වනවා නොඅනුමානයි.

කතාව ගැන කිව්වොත් බොරලුගොඩ හා ගලපාත කියන දෙන්නා පතලක වැඩ කරන හොඳ යහළුවො දෙන්නෙක්. ඇත්තටම බොරලු බැඳලා ඉන්නේ සුපිරිම බිරිඳක්. ඉතිං ඔවුන් ආදරය කරලා බැන්දත් විමලාගෙ අම්මා බොරලුට කැමති නැහැ. අම්මා හදන්නෙ සල්ලි තියෙන වෙන කෙනෙකුට ඇයව බන්දලා දෙන්න. ඉතිං බොරලු හිතනවා ඔහුට දවසක හොඳ උසස් වීමක් ලැබිලා නැන්දම්මට හොඳ වැඩ්ඩෙක් වෙලා බිරිඳව තමාගෙ කරගන්න. මෙහෙම යන අතර තුර පතලට යම් විධායක ධූරයක් සඳහා විභාගයක් පවත් නවා. ඉතිං බොරලු හිතන්නෙ ඒක තමයි එයාගෙ හොඳම අවස්ථාව උසස් තැනකට ගිහින් හැමෝටම තමාගෙ තරම පෙන්වන්න කියලා. ඒත් වෙන්නෙ අනිත් පැත්ත. බොරලු විභාගයේ අන්තිමයා. ඒත් බොරලු ඒ උසස් වීම ලබාගන්නවා. ඉතිං අපි බලමු බොරලු කොහොමද උසස් වීම ගත්තෙ කියලා.

නළුවෙක් වෙන්න ඇඟලස්සන වන්නට අනවශ්‍යබව පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේ චිත්‍රපටයේ බොරලුගෙ චරිතය. ඔහු ඉතාමත් මහත කෙනෙක්. ඒත් චිත්‍රපයේ ප්‍රධාන නළුවා මෙන්ම ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත් සුපිරි නළුවෙක්. එම නිසාම ඔහු තවත් චිත්‍රපට වලට දායක වී තිබෙනවා The Big Lebowski (1998) හා Argo (2012) යන චිත්‍රපට ඒවායින් කිහිපයක්. ඔහු නමින් ජෝන් ගූඩ්මන් වේ. අනිත් සුපිරි චරිතය තමයි ගලේ කියන්නෙ ඔහු වෙනුවෙන් චරිතයට පණ පොවා තිබෙන්නේ Ghostbusters (1984) හා Spaceballs (1987) වැනි චිත්‍රපට වල රඟපෑ රික් මොරනිස් විසින්. තවට බෙදාහැරීම් කරලා තිබෙන්නේ එදත් අදත් සුපිරි චිත්‍රපට තිළිණ කරපු යුනිවර්සල් මාමලා. ඉතිං අධ්‍යක්ෂක ගැන නොකිව්වොත් ටිකක් හරි නෑ වගේ නිසා පොඩි හැඳින් වීමක් කරලාම යන්නම් කෝ ඔහු නමින් බ්‍රයන් ලෙවන්ට් (Brian Levant) Beethoven (1992) හා The Spy Next Door (2010) වැනි සිනමා සිත්තම්ද අධ්‍යක්ෂණය කරලා තිබෙන්නෙ ඔහුයි. තව ස්කුබිඩු කතාවල එහෙම නිෂ්පාදක තනතුර හොබවලා තිබෙනවා සහ හොබවමින් පවතිනවා. ඉතිං ඒ ඇති කියලා හිතෙනවා. දැන් වෙලාව උදේ 2.10 ත් වෙලා. මේ වෙනකං ඇහැරලා කතාව ලියලා සබ් එක හදලා නිදිමැරුවෙ ඔයාලා නිසයි. එහෙනම් කට්ටිය චිත්‍රපටය බාගෙන හොඳින් රසවිඳින්නකෝ. මම ගියා තවත් මේ වගේ සුපිරි මූවියකින් හමුවෙමු.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.