The Punisher (2004) සිංහල උපසිරැසි සමඟින්



අන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් ඇස ගැටුණු චිත්‍රපටියක් තමයි මේ. මටත් පුදුමයි මේ වගේ චිත්‍රපටියක් මට මඟහැරුණේ කොහොමද කියලා. ඉතින් දැකපු ගමන්ම චිත්‍රපටිය ඩවුන් කරා. බැලුවා. කතාව සුපිරියි. මං බලලා තියෙන සුපිරිම චිත්‍රපටි වලින් එකක් කියලා බයනැතුව කියන්න පුළුවන්. ඉතින් නිවාඩුවක් ලැබුණු ගමන් සබ් එක දැම්මා.

මේක ඇවිල්ලා MARVEL එකක්. Action | Crime ගණයට තමයි අයිතිවෙන්නේ. ෆ්‍රෑන්ක් කාසල් කියන්නේ රහස් මෙහෙයුම් වල නිරත වෙන FBI නියෝජිතයෙක්. ඉතින් මෙයා කුඩුකාරයින් අල්ලන මෙහෙයුමකට සම්බන්ධ වෙලා ඉන්නකොට ඒ වැඩේට සෙට් වුණු කොල්ලෙක් මැරෙනවා. මේ මැරුණු කෙනා සල්ලිකාර මැරයෙක්ගේ පුතෙක්. දැන් මෙහෙයුමත් ඉවරයි. කාසල් හදන්නේ තමන්ගේ ළමයා සහ බිරිඳ සමඟ සුපුරුදු පරිදි ජීවිතය ගතකරන්න. ඒ්වා කොහෙද. ඉතින් සල්ලිකාර මැරයා, පුතාගේ මරණයට පළිගන්න පිරිස එවනවා. ඒ කස්ටිය කාසල්ගේ මව පියා බිරිඳ ළමයි නෑදෑයින් ඇතුළු හැමකෙනෙක්වම මරනවා. කාසල්ටත් වෙඩි තියනවා. ඒත් වාසනාවට ජීවිතය බේරාගන්න පුළුවන් වෙනවා. ඉතින් අර කස්ටියට ප්‍රති උපකාර කරන එක තමයි මෙයාගේ රාජකාරිය වෙන්නේ. ඒකත් ආවට ගියාට කරන්නේ නෑ. ෂර්ලොක් හෝම්ස් වගේ හැම පියවරක්ම සැලසුම් කරනවා. අපි මෙතනදී මැරයා කියලා හඳුන්වපු කෙනාගේ සේවකයින් කවුද, එයාගේ පවුල විනාශ කරලා දාන්න සම්බන්ධ වුණේ කවුද, එයාගේ බිරිඳ ඇතුළු පවුලේ අයගේ දිනචරියාව. මේ හැමදෙයක්ම තිතටම සැලසුම් කරලා තමයි මෙයා වැඩේට බහින්නේ. චිත්‍රපටිය පුරාම වෙඩිතබාගැනීම් පිරිලා.

කාසල් රුසියන් කාරයෙක් එක්ක සටනක් තියෙනවා. ඒක තමයි පට්ටම. ඒක රූගත කරන්න විතරක් දවස් දෙකක්ම ගිහිල්ලා තියෙනවා. ඒකත් හිතේ තියාගෙනම චිත්‍රපටිය බලන්න. ඉතින් චිත්‍රපටිය රසවිඳීමට YIFY Quality එකම තියෙන කොපියක් තමයි දීලා තියෙන්නේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා....!




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
900MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 900MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.