The Purge Anarchy (2014) සිංහල උපසිරැසි සමඟින්




Purge පළමු චිත්‍රපටිය මම ඔයාලාට දුන්නා මතක ඇති...කොහොමින් හරි පලමු චිත්‍රපටියත් මම කරන්න හිතපු එකක් නෙමෙයි එත් මම වැඩියෙන්ම ආස කරනවා මේ වගේ චිත්‍රපටිවලට. ඉතින් කොහොමින් හරි අවසානයේ දෙවැනි චිත්‍රපටියත් මගේ ගාවටම කැරකිලා ආවා. ඉතින් මම හිතුවා මේක ඔයාලා වෙනුවෙන් කරලා දෙන්න. මම වැඩියෙන්ම ආස නම් හින්දි චිත්‍රපටිවලට උපසිරැසි ගන්වන්න. එත් මේ වගේ ඉංග්‍රිසි චිත්‍රපටියක් හම්බුනොත් නොබලා නොදි කොහොමද? මම හිතනවා මේ චිත්‍රපටියට මම උපරිම සධාරණයක් කලා කියලා උපසිරැසියට. කුණුහරප සැහෙන්න තිබ්බා ඉතින් චිත්‍රපටියට අවුලක් වෙන්නේ නැති වෙන්නයි බලන කෙනාට ඒ කියන දේවල් අමු අමුවේ නැතුව වචන තෝරලා බේරලා ඔයාලට බලන්න පුලුවන් වෙන්න පල කලා.කොහොම හරි ඒක සාර්ථකද නැත්ද කියලා ඔයාලාම තමයි බලලා තිරණය කරන්න වෙන්නේ. මේ පර්ජ් චිත්‍රපටිය ගොඩක් අය නරඔලා නැහැ කියලා කට්ටිය එක්ක කතා කරද්දි දැනගත්තේ. ඔයත් අද වෙනකම් බලලා නැත්නම් මුලින්ම මෙතැනින් (The Purge (2013)) පලමු චිත්‍රපටිය නරඔන්න. පසුව දෙවැනි චිත්‍රපටිය බලන්න.මේ දෙකේ සම්බන්ධයක් නැහැ නමුත් පලවෙනි එකෙන් චිත්‍රපටියේ වෙන දේ ගැන හොද අවබෝධයක් ගන්න පුලුවන්.ඒ වගේම මේ චිත්‍රපටිය අවධානයෙන් බැලුවොත් පළවෙනි චිත්‍රපටියේ කතාවේ ප්‍රධාන හැරවුමක් කරපු චරිතයක් මේ චිත්‍රපටියේ ඉන්නවා දැකගන්න පුලුවන් වේවි.

ඇමරිකානු රජය විසින් අවුරුද්දකට එක් දිනක් පැය 12ක කාලයක් මිනිසුන්ට උපරිම නිදහස දිලා තියනවා.ඕනම දෙයක් කරන්න.ඔබට කාත් එක්ක හරි තරහාක් තියනවා මේ දවසේ ඔබ ගිහින් ඒ කෙනාව ඝාතනය කරත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ මිනිමැරිම නිත්‍යානුකුල දෙයක් වෙනවා.මොවුන් මේ ක්‍රමය හදුන්වානේ වාර්ෂික පවිත්‍ර කිරිමේ වැඩසටහන කියලා.මේ නිසා ඇමරිකාවේ දුප්පත් කම හා රැකියා වියුක්තිය අඩුවි තිබෙනවා. මේවර කතාව මෙහෙම කියන්නම් වෙලාවට කලින් ගෙදර යන්න බැරුව වාහනේ පාරේ නැවතුන නිසා මාර්ගයේ හිරවෙන ආදරවන්තයින් දෙපලක්...රාත්‍රියේ නිවසට එල්ලවන ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනිමට වෙර දරන මවක් හා දුවෙක්...තමන්ගේ පළිගැනිම ගන්න යන පුද්ගලයෙක්..මේ පස්දෙනා එක් ස්ථානයකදි හමුවෙනවා..අවසානයේ ඔවුන් තමන්ගේ ජිවිතය මේ පැය 12ක් ඇතුලත විනෝදය වෙනුවෙන් මිනිසුන් මරන්න පැමිණෙන පාපතරයින් ගෙන් බේරගෙන පලායන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටිය බැලුවොත් දැනගන්න පුලුවන් වේවි..මේ චිත්‍රපටියේ තුන්වැනි එකක් ආවොත්..අනිවාර්යෙන් මගේ අතින්ම එක කරනවා කියන පොරොන්දුවත් පිට සමුගන්නම් 



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
625MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.