Thirumanam Enum Nikkah (2014) සිංහල උපසිරැසි සමඟින්





නැවතත් කාලයකට පස්සේ මම දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටියෙත් අප දන්න හඳුනන නළුනිලි දෙපලක් තමයි රංඟනයෙන් දායක වෙන්නේ. ඒ දමිළ සිනමාවේ සුපිරි නළු විජයගේ සහෝදරයෙකු වන ජයේ හා දමිළ සිනමාවේ දැන් නැතුවම බැරි චරිතයක් වෙලා ඉන්නේ Nazriya Nazim ගේ රංඟනයෙන් මේ චිත්‍රපටිය හැඩවෙනවා. චිත්‍රපටියේ කතාව ගැන කියනවා නම්

ආගම,ජාතිය,වර්ගය කියන සීමා බාධක ඉක්මවා යන දෙයක් තමයි ආදරය කියන්නේ.ඒ හැම දෙයක්ම ආදරයේදී අවංකයි.යම් කෙනෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ සම්පූර්ණයෙන්ම කැප කරන්න පුලුවන්
නම්,ඒ කීයෙන් කී දෙනාද? ජාතිය හා වර්ගය ගැන නිපදවෙච්ච ආදර කතා කොපමණ තිබුනත් මේ කතාව නම් ඒ අතරින් වෙනස් කතාවක් වේවි.රාගවා හා විෂ්ණු ප්‍රියා කියන්නේ චෙන්නායි වල ඉදන් කොයිම්බතූර් දක්වා ගමන් කරන දුම්රියක ගමන් කරන දෙදෙනක්.රාගවා අබු බකර් ලෙසත් විෂ්ණු ප්‍රියා ආයිෂා ලෙසත් බොරු අනන්‍යතාවයක් පවත්වාගනිමින් තමයි දුම්රියේ ගමන් කරන්නේ.ඔවුන් දෙදෙනාම සේවය කරන්නේ පරිගණක සමාගම්වලයි.රාගවා ඇයව කරදරයකින් බේරා ගන්නා අතර ඔහුට ඇය කෙරෙහි ආදරයක් ඇති වෙනවා.පසුව ඔවුන් දෙදෙනා චෙන්නායි වලදී හමුවෙලා එකිනෙකාව හදුන්වා දෙනවා මුස්ලිම් ජාතියෙ අයවලුන් ලෙසට,එවිට ඔවුන් ආදරය පවත්වාගෙන යනවා අබුබකර් හා ආයිෂා ලෙසට.ආයිෂා වෙනුවෙන් රාගවා ඉස්ලාම් දහම ඉගෙන ගන්න මුස්ලිම් පූජකයෙක් වෙත යනවා.කොහොමහරි ඔවුන් දෙදෙනා දැනගන්නවා ඔවුන් ආදරෙ කරලා තියෙන්නෙ ඔවුන් යොදා ගත් අනන්‍යතා චරිත වලට කියලා.මෙතනින් පස්සේ විවිධ ආගම් වර්ග යටතේ ඔවුන්ගෙ ආදර කතාවට මොකක්ද වෙන්නේ කියන එක නරඹන එක ඔබට බාරයි.හැමදාම වගේ මේ චිත්‍රපටියෙත් කිසිදු භාෂාවක උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා අපිට උදව්වට ඉන්න කෙවින් සිඩි හවුස් ආයතනයට මේ උපසිරැසිය ලබාදෙන්න කටයුතු කලාට ස්තුති කරගෙනම චිත්‍රපටිය නරඔන්න කියලා ආරාධනා කරනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB Direct Links මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
400MB Direct Links මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.