Bang Bang (2014) සිංහල උපසි‍රැසි සමඟ

චිත්‍රපට විතරක් බලන අයව හමුවෙන්න පැමිණුනේ කාලෙකට පස්සෙ නිකන්ම එකක් නෙමෙයි සුපිරිම චිත්‍රපටයක් අරගෙනම ටිකක් විතර පමා වුනා මේක අරගෙන එන්න හරි වෙලාවකනේ මේකෙ කොපියත් ආවෙ...අවුරුද්දෙ අග හරියට ඇවිල්ල හින්දා මේ දවස් වල කාර්යබහුලයි ටිකක්...මාස තුනකට විතර කලින් තමයි මම මේක බාරගත්තෙ. මේ වගේ සුපිරි එකක් බාරගත්ත වගේම සබ හොඳටම දෙන්නත් එපයි...එහෙන ඒ වතගොත ඇති කෙලින්ම කතාවට බහිමු...

බෑන්ග් බෑන්ග් චිත්‍රපටයට මෙම නම භාවිතා කරල තියෙන්නෙ එහි තියන ක්‍රියාදාම පිරුණු ස්වභාවය හේතුවෙන් ඒ වගේම ලස්සන ආදර කතාවකුත් ගලාගෙන යනවා චිත්‍ර පටයත් එක්ක. ඒ වගේම ලස්සනම ගීත හතරකින් මෙම චිත්‍රපටය සමන්විත වෙනවා ඒ සියල්ලටමත් පුළුවන් උපරිමෙන් උපසිරස යොදල ඇති..මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ සිද්දාර්ත් ආනන්ද් විසින් මෙය Knight and Day කියන හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්. ප්‍රාධාන නළුවා වෙන්නෙ සුප්‍රසිද්ධ රිතික් රොෂන් ඒ වගේම ප්‍රධාන නිළිය කත්‍රිනා කයිෆ්. ඒ වගේම විශේෂයෙන්ම මේකෙ නර්තනයන් නම් අති විශිෂ්ට බව කියන්න ඕන රිතික්ගේ නැටුම් ගැන කොහොමත් හැමෝම දන්නවනේ...

චිත්‍රපටය ආරම්භ වන්නේ ඔමාර් සෆර් නම් ත්‍රස්තවාදියාව ලන්ඩන් වල කොටු කරගෙන තිබෙන අවස්තාවක ඉන්දියාවේ සිට කර්නල් නන්දා නම් හමුදා නිළධාරියෙක් පැමිණෙනවා ඒත් ඔහුට අපරාධකරුව තමන්ගෙ රටට ගෙනියන්න ලැබෙන්නෙ නෑ මොකද ඒක ඔමාර් සෆර්ගේ සැලැස්මකට සිදු වුනු දෙයක් නිසා ඔහු කර්නල් නන්දාව මරල දානවා මරන්න කලින් කර්නල් නන්දා අපරාධකරුවන් මවුබිමට යැවීමේ ගිවිසුමක් ගැන ඔමාර් සෆර්ට කියනවා. මේ ගිවිසුම ඇති වුනොත් සෆර්ට අවාසි වෙන හින්දා රටවල් දෙක බේද කරන්න ඔහු සැලස්මක් ක්‍රියාත්මක කරනවා..ලන්ඩන් වල අධි ආරක්ෂාව යටතේ තියන ඉන්දියානු පැරණි පාලකයන්ට අයත්වෙලා තිබුණු කොහිනූර් නම් දියමන්තිය හොරකන් කරන එක තමයි මේ සැලැස්ම. එවිට රටවල් දෙක බේද වෙන හින්දා. ඒත් මේ දියමන්තිය හොරකන් කරන එක ලේසි පහසු දෙයක් නෙමෙයි ඒ හින්ද ඔමාර් කරන්නෙ මේ දියමන්තිය හොරකන් කරන කෙනාට තෑගි මුදලක් දෙනවා කියල ප්‍රචාරය කරන එක...ඊට පස්සෙ කෙනෙක් ඒක හොරකන් කරනවා ඔමාර් හිතුව විදියටම ගිවිසුම අවුල් වෙනවා ඒත් ඔමාර් සල්ලිත් එක්ක මිනිස්සු යැවුවාම මේ හොරාව හමුවෙලා සල්ලි දීලා දියමන්තිය අරගෙන එන්න කියලා ඔහු දියමන්තිය දෙන්නෙ නෑ..ඒ වගේමයි මේ දියමන්තිය තිබුණු තැන කාටවත් කඩන්න බැරි විදියෙ ගොඩක් ආරක්ෂිත තැනක්...මේ හොරාගෙ චරිතය රාජ්වීර්.. එම පුද්ගලයා විදියට තමයි රිතික් රඟපාන්නෙ. කත්‍රිනාගේ චරිතය හලීන්.. ඇය තම මිත්තනියත් සමග සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. නමුත් ඇයට Truelove.com කියල වෙබ් අඩවියක් දැනගන්න ලැබෙනවා ඒකෙන් කරන්නෙ පිරිමි අය සහ ගැහැණු අය මුණගස්වන එක. හලීන් ඉතින් තනියම ඉන්න කෙනෙක් හින්දා මේකෙ ලියාපදිංචිව් වෙනවා. ඒකෙන් විකී කියල කෙනෙක් හමුවෙන්න හලීන් යන්වා අවන්හලකට..ඒත් එතනට විකී ලෙස යන්නෙ රාජ්වීර්.. මේ අතර පොලිසිය සහ ඔමාර්ගෙ මැරයන් රාජ්වීර් පසුපස යනවා.ඉතින් හලීන්ටත් රාජ්වීර් හොන්දා මේකට මැදි වෙන්න වෙනවා..

ඊට වඩා කීවොත් හොඳ නෑ කියල හිතෙනවා ඉතාම පොඩි කොටසයි මම චිත්‍රපටය ගැන කිව්වේ ක්‍රියාදාම වලින් අඩු නැති මේ චිත්‍රපටය නරඹන්න කියල එහෙනම් ආරාධනා කරනවා තවත් චිත්‍රපටයකින් ඉක්මනින්ම හමුවෙමු . Zoom.lk එක්කම රැඳිල ඉන්න හොඳම දේ ලබාගන්න!!!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.